Tuesday, June 28, 2011

එස්.බී. තියරියේ හිලක්..!

(ලංකා ඊ නිව්ස් -2011.ජුනි.28, පෙ.ව.9.00) සියළුම විශ්ව විද්‍යාල වල උගැන්වීමේ භාෂාව ඉංග්‍රීසි බවට පත් කරන්නට යන් බවත් මේ අවුරුද්දේ සිට පුළුවන් සෑම පාඨමාලාවකම භාෂා මාධ්‍ය ඉංග්‍රීසි බවට පත් කරන බවත් උසස් අධ්‍යාපන ඇමැති එස්.බී දිසානායක මහතා පවසයි. ඇමැතිවරයා මෙසේ කියා ඇත්තේ මින්නේරියේ දීය.

මෙවැනි තීරණයක් ගැනීමට හේතුව ලෙස අධ්‍යාපන ඇමැතිවරයා සඳහන් කරන්නේ මෙවැනි කතාවකි. zඅද විශ්ව විද්‍යාල වලින් එළියට එන රස්සා නැති දරුවන් දිහා බලාපුවාහම එA අය සිංහලෙන් නැතිනම් දෙමළෙන් ඉගෙන ගත්තු අයයි. ඉංග්‍රීසි හරියට අධ්‍යාපනයක් ලබාපු නැති දරුවන්ට තමයි රස්සා හොයාගන්න බැරි... .....එළියට එනකොට ඉංග්‍රීසියෙන් වැඩකරන්න පුළුවන් පරිගනක තාක‍ෂණ දැනුම තමන්ගේ ජීවිතේ කොටසක් බවට පත්කර ගත් අය එළියට දාන්න ඕනෙ. එAකම ඇති දැනට තියෙන රැකියා ප්‍රශ්නය විසඳන්නZ එස්.බී. ඇමැතිවරයා පවසා තිබේ.

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ඇමැතිවරයා උපාධිධාරීන්ගේ රැකියා විරහිත භාවය ගැන තම විසඳුම එසේ පවසද්දී ඉංග්‍රීසි භාෂාව මව් භාෂාව කරගත් පරිගණක දැනුම ජීවිතේ කොටසක් කරගෙන සිටින එංගලන්තයේ උපාධිධාරීන් විසි එක් දහස් විස්සක් පසුගිය වසරේ රැකියා නොමැතිව ලතවෙති. 2009 වසරේ එංගලන්තයේ රැකියා විරහිත උපාධි ධාරීන්ගේ ප්‍රතිශතය 13.7% ක් වු අතර 2010 වන විට එය 16.3% දක්වා ඉහල ගොස් තිබේ.