(ලංකා ඊ නිව්ස් -2011.ජුනි.14, පෙ.ව.4.00) උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න නම් 'දේශපාලන බඩගැත්තරයා' කොළඹ සරසවියේ ඉතිහාසය අංශයේ අංශාධිපතිගෙන් අපූරු ඉල්ලීමක් කර තිබේ.
එනම් ලංකාවට එන සංචාරකයන් වෙනුවෙන් සේවය සපයන ටුවරිසට් ගයිඩ්ලා ටිකක් කොළඹ සරසවියේ ඉතිහාස අංශයෙන් හදා දෙන්න බැරිදැයි එම අංශ බාර ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතාගෙන් ඉල්ලා තිබේ.
මේ බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා හෙළිදරව් කෙළේ ඊයේ (13) මාතර පැවැති මහජන සම්මන්ත්‍රණයකදී ය. වසර 115 කට වඩා පැරණි කොළඹ සරසවිය නම් ආසියාවේ කීර්තිමත් ඥාණ කේන්ද්‍රස්ථානයෙන් ටුවරිස්ට් ගයිඩ්ලා හදා දෙන්නැයි ඉල්ලන මෙම දේශපාලන බඩගැත්තරයා ඉන්නා කසල වල ගැන තේරුම් ගත් අංශාධිපතිවරයා ඔහුට පිළිතුරක් දෙන්නට හෝ ගොස් නැත. (විදුහල්පතිවරුන්ට තාප්පයකින් පනින්න පුළුවන් ආකාරයේ හමුදා කඳවරු නායකත්ව පුහුණුවක් දිය යුතු යැයි පසුගියදා කීවේ මේ උසස් අධ්‍යාපන ලේකම්ය)
සරසවියක ඉතිහාස අංශයකින් සිදුවිය යුතු දේ නොදන්නා පමණක් නොව සංචාරක අමාත්‍යාංශය විසින් සංචාරක මග පෙන්වන්නන් පුහුණු කරන වැඩ පිලිවෙලවල් තිඛෙන බව හෝ නොදන්නා මෙවන් ආචාරීන් රටක උසස් අධ්‍යාපන පරිපාලනයේ බලධාරීන් වී සිටීමෙන් එවන් රටවලට විය හැකි හානිය කොතෙක්දැයි තේරුම් ගන්නා මෙන් මහජනතාවගෙන් ඉල්ලන බව මාතර සම්මන්ත්‍රණයට සහභාගී වූ සරසවි ආචාර්ය වරයෙකු පැවසීය.
අද පැවැති සම්මන්ත්‍රණයේදී මෙම සුනිල් ජයරත්න ගේ මතය ගැන අදහස් දක්වමින් ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා වැඩිදුරටත් කීවේල සරසවි ඇදුරු ප්‍රශ්ණයේදී මතුව ඇත්තේ ±නුම පිළිබඳ මෙවැනි ප්‍රතිවිරුද්ධ ආකල්ප දෙකක් බවයි.
සම්භාව්‍ය විශ්ව විද්‍යාල දැනුම නිෂ්පාදනය කරමින් එම ±නුම ඛෙදාහරින අතර තවත් අධ්‍යාපන ආයතන වලින් මිනිසාගේ කුසලතා සඳහා කුසලතා සහතික නිකුත් කරන බව කී දේවසිරි මහතාල සුනිල් ජයරත්න වැන්නවුන් සිතාගෙන සිටින්නේ විශ්ව විද්‍යාල කුසලතා සහතික නිකුත් කරන ස්ථාන වියයුතු බවද පැවසීය.
කේම්බි්‍රජ් කුසලතා සහතික දෙන අධ්‍යාපන ආයතන ±නටමත් ලංකාවේ ඇති නමුත් කේම්බි්‍රජ් සරසවියට ඇතුළු වී ලබා ගන්නා දැනුම වෙනත් එකක් බවත් ආචාර්ය වරයා පැවසීය. මෙය තුන්වන ලෝකයේ විශ්ව විද්‍යාල ගැන බලවත් රටවල් සිතාගෙන සිටින නව ලිබරල් ආකෘතිය යැයි කී දේවසිරි මහතාල පුහුණු ශ්‍රමය (ස්කිල් ලේබර්) හැදීම සම්භාව්‍ය විශ්ව විද්‍යාල වලින් කෙරෙන්නක් නොවන බව අවධාරණය කෙළේය.
'සුනිල් ජයරත්නලාගේ මෙම සංකල්පයට තමයි අපි අභියෝග කරන්නේ. ශිෂ්ඨාචාරයක් ගොඩ නැගෙන්නේ විශ්ව විද්‍යාල මතයි. ශිෂ්ඨාචාරයක උල්පත නව දැනුමයි. විශ්ව විද්‍යාලය නව දැනුමේ උල්පත මිස 'ස්කිල් ලේබර්' එකේ උල්පත නොවෙයි. යුරෝපයේ පුනර්ජීවනය වුනේ සම්භව්‍ය විශ්ව විද්‍යාල හරහා ගොඩනැගුනක්. අපටත් අවශ්‍ය එවැනි ශිෂ්ඨාචාරයක් ගොඩනගන්නයි.'
'අප භුක්ති විඳින්නේ ධනවාදයේ අතපල්ලෙන් වැටෙන දෙයයි. නමුත් ඉතිහාසයේ ශ්‍රී ලංකාවේ ශිෂ්ඨාචාරය ඉන්දියාවේ අතපල්ලෙන් වැටෙන දෙයක් වුනේ නෑ. එය නිර්මාණාත්මකව එකතු කර ගත් බෞද්ධ සම්ප්‍රදායයි. මෙම සරසවි ඇදුරු අරගලය පටු වාසි බලාගෙන සිදුකරන්නක් නොවෙයි. මෙය අපේ ශිෂ්ඨාචාරය තීරණය කරන අරගලයක්' දේවසිරි මහතා වැඩිදුරටත් පැවසීය.
වෘත්තීය අරගලයක යෙදී සිටින ශ්‍රී ලංකාවේ සරසවි 13 ක ආචාර්යවරු ඊයේ මාතර පැවැති මෙම මහජන සම්මන්ත්‍රණයට පෙර මාතර නගරය සිසාරා පාගමනක යෙදුනහ. පේරාදෙනිය‚ කොළඹ, ශ්‍රී ජයවර්ධනපුර, කැලණිය, යාපනය, රජරට, මොරටුව, වයඹ, නැගෙනහිර, සබරගමුවල, ඌව සහ විවෘත විශ්ව විද්‍යාල ආචාර්යවරු ඊට එක්ව සිටියහ. රුහුණු සරසවි සිසුහු තම ආචාර්ය වරුනගේ වෙහෙස සංසිඳවීමට නගර මධ්‍යයේ රසකැවිලි සංග්‍රහයක යෙදුනහ. පාගමන අතරවාරයේ ආචාර්යවරු තම අරගලය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරන අත් පත්‍රිකා ඛෙදා හැරීමක් ද සිදුකළහ. රටේ දැනුම් සම්භාරයේ කොඳු නාරටිය වන් සරසවි ඇදුරුතුමන්ලා මාතර නගර සිසාරා සැරීම නගරවාසීන්ට අලූත් අත්දැකීමක් ගෙන දුන්නක් විය.