Tuesday, June 14, 2011

දැනුම රටක ආගම බවට පත්කර ගත යුතුයි

cnews.lk

- දඹර අමිල හිමි කියයි
රටක් ඉදිරියට ගෙන යාමට අත්‍යවශ්‍ය සාධක වන්නේ දැනුම බෙදා දෙන්නන් සහ දැනුම බෙදා හරින ආයතන බව ජාතික භික්ෂු පෙරමුණේ සභාපති දඹර අමිල හිමියන් පවසනවා. 

වර්තමානයේ සරසවි ආචාර්යවරුන්ගේ වැටුප් ගැටලූව සහ දැනට විශ්වවිද්‍යාලවල මතුව ඇති අර්බුද පිළිබද දේශනයකට මාතරදී ඊයේ (13) එක්වෙමින් දඹර අමිල හිමියන් කියා සිටියේ රටක ආගම බවට පත් කර ගත යුත්තේ දැනුම බවයි.