Wednesday, June 29, 2011

ලූලා නැති වලේ තිත්තයෝ නොහොත් ඩිල්කාගේ ඔලමොට්ටල කථා

ජූනි 29, 2011


මීට ටික කාලෙකට කලින් දෙරණ නාලිකාවේ 360 වැඩ සටහනට , දේශපාලනය ගැන මෙලෝ දෙයක් නොදන්න අහිංසක පබා නොහොත් උපේක්ෂා ස්වර්ණමාලී ව ගෙන්නගෙන බයිට් කරලා තමන් මහා දැනුමති, විදග්ධ , බුද්ධිමත් මාධ්‍යවේදිනියක් බව ලෝකෙට පෙන්නන්න හදපුරන ඩිල්කා සමන් මලී තම්න් මහා මෝඩ කන්දක් බව ආයෙත් සැරයක් පහුගිය 27 දා පෙන්නුවා.
ඒ විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයේ මාධ්‍ය ප්‍රකාශක මහිම් මෙන්ඩිස් එක්ක කොරපු සාකච්ඡාවෙදී .
මේ රටේපාලකයින් කොපමණ අඥාණයින් දැයි කිවහොත් පසු ගිය කාලයේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ටත් උදේ හවස ලකුණු කිරීම සඳහා ඇඟිලි සළකුණු යන්ත්‍ර සවි කිරීමට උත්සහ කල බව ආචාර්ය මෙන්ඩිස් මහත්තයා මේ සාකච්ඡාවෙදි කිව්වා.
මේක ඇහුනා විතරයි අපේ මහා ප්‍රඥාසම්පන්න මාධ්‍යවේදි තුමිය පරල වුනා වගේ අහන්න තිබා ගත්තා.
” ඇයිඇයි,ආචාර්ය තුමා ඒ ඒ ඒඒ ඒකේ ඇති වැ‍රැද්ද මොකක්ද ? ඇයි ඇයි ඇයි ඔබලා ඔබලා ඒකට කැමති නැත්තේ ඇයි ඇයි ඇයි ” කියලා
ඒ වෙලාවෙ ආචාර්ය මෙන්ඩිස් බොහොම නිස්කලන්කව පැහැදිලි කරලා දුන්නා විශ්වවිද්‍යාල ආචාර්ය කමක් කියන්නේ පැය අටේ සේවයක් නොවෙයි. මේක පැය 12, 16 18 සමහර වෙලාවට පැය 24 වුනත් සේවය කරන්න වෙනවා කියලා.
හැබැයි වැස්සකටවත් කැම්පස් එකකට ගොඩ වෙලා නැති මේ ඔල මොට්ට්ල ස්ත්‍රියට ඒක තේරුනේ නැහැ. ඈට මුලු සාකච්ඡාව පුරාම තිබුනේ එක සිහියයි.
ඒ තමා සරසවි ආචාර්යවරුන්ගේ සටනට මඩ ගහලා තමන්ගේ හාම්පුතුන්ගේ හිත පිනවන්න. මුලු සාකච්ඡාව පුරාම ප්‍රශ්න අහන්න ඉඩ දුන්නේ මේ සරසවි සටනට අකුල් හෙලන ආණ්ඩුවේ ඒජන්තයින්ට විතරයි. මේ සටනට පක්ෂව එක ප්‍රශ්නයක් අහන්න දුන්නේ නැහැ.
ඉතින් ඈ ආපහු මෙහෙම කියනවා
” ඉතින් ඉතින් ඉතින් ආචාර්ය තුමා, ආචාර්ය තුමා, ඔබලාට පුලුවන්නෙ පැය අටෙන් යනකොට ,හරි පැය දහසයෙන් යනකොට හහරි ඒ යන යන වෙලාව දාල ඇඟිලි සළකුණු තියලා යන්න. පැය විසිහතරම ම වැඩ කලොත් පහුවෙනිදා උදේ යනකොට සලකුනු තියලා යන්න ප්ප්ප්පුපුපුලුවන්නේ.”
ඔන්න ඔය වෙලාවේ තමා මට හිතුනේ මේ ස්ත්‍රියාව නම් විශ්වවිද්‍යාලෙකට තියා ඉස්කෝලේ දෙකේ පංතියටවත් ගොහින් නැතිව ඇති කියලා.
ඇයි යකඩෝ ගොන් බඳින කණුවකට වුනත් තේරෙන්න එපයි උගන්වන්වා කියන්නේ , විශේෂයෙන්ම විස්ස විද්දියාලෙක උගන්වනවා කියන්නේ පැය අටක් හරි දහසයක් හරි ඔ‍ෆිස් එකක ඉඳගෙන ඉඳලා අත්සන් කරලා ගෙදර යන්න පුලුවන් රස්සාවක් නෙවෙයි කියන එක. පුස්තකාලෙට යන්න, පොතපත කියවන්න, සම්මන්ත්‍රණ,සාකච්ඡා, දේශන වලට යන්න. පර්යේෂණ කරන්න යන්න. ඊලඟට විශ්වවිද්‍යාල ලමයින්ගේ සුබසාධක කටයුතු , විශ්වවිද්‍යාලයේ කලා කටයුතු ,විනය කටයුතු, මේ හැම දෙයක්ම කරන්න ඕනෑ .
මේ වාගේ දෙයක්වත් නොතේරෙන ඩිල්කා වගේ තොත්ත බබලා තමා අද මාධ්‍ය ඔස්තාර් ලා වගේ පිනුම් ගහන්නේ .
ලූලා නැති වලේ කණයා නොවේ තිත්තයොත් පණ්ඩිතයො වෙලා.