අසත්‍ය චෝදනා ඉදිරිපත් කරමින් සිරගත කළ පේරාදෙණිය සරසවියේ අත්තරගොඩ පියධම්ම හිමියන් විසින් බෝගම්බර සිරගෙදර සිට අප වෙත ලිපියක් එවා ඇත.
අද නොවැම්බර් මස 28වෙනි සඳුදාය. අද රාති‍්‍රය මා ඇතුළු තවත් ශිෂ්‍යයන් තිදෙනෙකු (තවත් ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේ නමක්ද ඇතුළුව) බෝගම්බර බන්ධනාගාරයේ ගෙවන 29වන රාති‍්‍රයයි. අප මෙසේ රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට හේතුවූ වරද නම් මීට අවුරුද්දකට සහ මාස කිහිපයකට කළින් (2010.07.12) සිදුවූ සිදුවීමකි. කෙටියෙන් සඳහන් කරන්නේනම් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉදිකර තිබූ පැරණි ගොඩනැගිල්ලක සුණු පිරියම් කොට, එය තමන් විසින් අලූතින් ගොඩනැගූ නීති දෙපාර්තමේන්තුව බවට මාධ්‍ය ඔස්සේ බොරු ප‍්‍රචාර යවමින් එය විවෘත කිරීමට පැමිණි උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක අමාත්‍යවරයා ඇතුළු පිරිසකට විරෝධය පළකිරීමයි. මෙම සිදුවීම ජනමාධ්‍ය හරහා රට තුළ ප‍්‍රසිද්ධියට පත්වීම හේතුවෙන් තමන්ට සිදුවූ ලැජ්ජාව වසන්කර ගැනීම සඳහා එයට පළිගැනීමක් වශයෙන් මේ සිද්ධියට සම්බන්ධ වූ දහසක් පමණ ශිෂ්‍ය ප‍්‍රජාව අතුරින් තෝරාගත් ශිෂ්‍යයින් අටදෙනෙකු සිරගත කරන බවට උසස් අධ්‍යාපන අමාත්‍යවරයා රටේ තැන් තැන්වල කටමැත දොඩවා තිබුණි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය කි‍්‍රයාකාරීන් හතරදෙනෙකු මූලික පියවරක් වශයෙන් මීට අවුරුද්දකට පමණ පෙර සිරගත කරන ලද්දේ එහි ප‍්‍රතිඵලයක් වශයෙනි. නවක වද පනත යටතේ ඔවුන්ට එරෙහිව නඩු පවරන ලද පසු, දින 52ක් බෝගම්බර රක්‍ෂිත බන්ධනාගාර ගතව සිටින්නට ඔවුන්ට සිදුවුණි. නඩුව තවමත් විභාග වෙමින් පවතී. පසුගිය මස 31වැනි දින මා ඇතුළු තවත් ශිෂ්‍යයින් තිදෙනෙකු අත් අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගත කරන්නේ එම අත්තනෝමතික මෙහෙයුමේම දෙවන පියවර වශයෙනි.
මෙසේ කලින් කලට සරසවි සිසුන්ගේ පංති තහනම් කරමින්ද, සිසුන් සිරගත කරමින්ද උත්සහ ගන්නේ සුවහසක් දූදරුවන්ගේ නිදහස් අධ්‍යාපන අයිතිය කප්පාදු කරමින් අධ්‍යාපනය විකුණන ඊනියා දේශපේ‍්‍රමීත්වයට එරෙහිව හ`ඩන`ගන ශිෂ්‍යයින් සහ ශිෂ්‍ය ව්‍යාපාර මර්දනය කිරීම සහ ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය පිළිබඳව ජනතාවගේ අප‍්‍රසාදය ඇති කිරීමට බව සක්සුදක් සේ පැහැදිලි වී තිබේ. මෙම අධ්‍යාපනය විකිණීමේ ජාවාරමේ කූටප‍්‍රාප්තිය සිදු වූයේ මෑතකදී මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට ඵගඊගඊගී උපාධි පිරිනැමීමේ අයිතිය ලබාදෙමින් අත්තනෝමතික ලෙස ගැසට් නිවේදනයක් නිකුත් කිරීමත් සමගය. මෙසේ අනුමැතිය ලබාදී ඇත්තේ අවම වශයෙන් රජයේ වෛද්‍ය සභාවේද කිසිඳු අනුදැනුමකින් තොරව බව රටටම හෙළිවූයේ ගැසට් නිවේදනයත් නිකුත් කිරීමෙන් පසුව වීම රටේ අධ්‍යාපනය මුහුණ දී ඇති අවාසනාවන්ත තත්වය මොනවට පැහැදිලි කරයි. මේ සියලූ අර්බුද අතරතුර පසුගිය දිනක මාධ්‍ය මගින් දැනගන්නට ලැබුණේ පෞද්ගලික විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත නොබෝ දිනකින්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව සැරසෙන බවයි. මේ ලිපිය ලිවීමේ අරමුණ වන්නේ අධ්‍යාපන පෞද්ගලීකරණය පිළිබඳ අපට දැනෙන දේ කුමක්ද යන්න සඳහන් කිරීමයි.
ශී‍්‍ර ලංකාවේ අධ්‍යාපන ක‍්‍රමයේ ඉතිහාසය පිළිබඳව හැරී බලන විට අප බි‍්‍රතාන්‍යයන්ගේ ඩොමීනියන් තත්වය ලබාගන්නා තුරුම අධ්‍යාපනය ලබාගැනීමේ මානව අයිතිය හිමිව තිබුණේ සමාජයේ ඉතා සුළු පිරිසකටය. මේ තත්වය ඉතා අසාධාරණ බැවින් ලාංකික දූදරුවන්ගේ අධ්‍යාපන ලැබීමේ අයිතිය සුරක්‍ෂිත කරනු වස් සී.ඩබ්.ඩබ්. කන්නන්ගර ශී‍්‍රමතාණන්ගේ යෝජනාවකට අනුව නිදහස් අධ්‍යාපන පනත එවකට පැවති පාර්ලිමේන්තුවේදී සම්මත විය. එතැන් පටන් සමාජයේ එක් පිරිසකට පමණක් හිමිව තිබූ අධ්‍යාපනය ලැබීමේ අයිතිය දැයේ සියලූ දුගී දුප්පත් දූදරුවන්ටද හිමි විය. එදා සිට මේ දක්වා ලංකාවේ කි‍්‍රයාත්මක වන්නේ එම නිදහස් අධ්‍යාපන ප‍්‍රතිපත්තියයි.
නිදහස් අධ්‍යාපනයේ ඉතිහාසය පිළිබඳ විමසා බලන විට එය කලින් කල විවිධ වූ අභියෝග මධ්‍යයේ රැකගෙන ආ අයිතිවාසිකමක් බව නොකිවමනාය. ඓතිහාසික අර්ථයෙන් එහි ගමන් මග සනිටුහන් කරන්නේ තවත් පරපුරක ඉගෙනීමේ අයිතිය වෙනුවෙන් සටන් කළ වීර දූපුතුන්ගේ ලේ, දහඩිය, කඳුළු යැයි පැවසීම අතිශයෝක්තියක් නොවේ. නිදහස් අධ්‍යාපනයට කලින් කලට එල්ල වූ අභියෝග අතුරින් එක් අවාසනාවන්ත කඩඉමක් වන්නේ 1981වර්ෂයේ කරලියට ගෙන ආ අධ්‍යාපන ධවල පති‍්‍රකාව මගින් නිදහස් අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමට වෑයම් කරීමයි. එහි වැදගත්ම සන්‍ධිස්ථානය වනුයේ රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කිරීමයි. එහෙත් ජාතියේ පිනට පහළ වූ ශ්‍රේෂ්ඨ දූපුතුන් රාශියක් තම දිවි පූජාකොට සිදුකළ විශාල සටනකින් පසු අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමේ වෑයම පරාජයට පත්කරන ලදි. එහිදී ජීවිත පුජාකළ සියලූ ශිෂ්‍ය නායකයින්ගේ නම් තවමත් ඉතිහාසයේ රන් අකුරින් ලියවී තිබේ. එතැන් පටන් මේ දක්වා ගත වු කාලය තුළ විවධාකාර ආණ්ඩු යටතේ අධ්‍යාපන පෞද්ගලීකරණය කිරීමේ කි‍්‍රයාවලිය වරින් වර හිස එසවුවද ශිෂ්‍ය හා ප‍්‍රගතිශීලී සමාජ ව්‍යාපාරවල ¥රදර්ශී මැදිහත් වීම් හමුවේ ඒ සියලූ උත්සාහයන් නැවත හකුලා ගැනීමට ඒ ඒ ආණ්ඩුවලට සිදුවිය. මෙසේ අධ්‍යාපන පෞද්ගලීකරණය කිරීමේ ව්‍යායාමයන් දුර්වල වුවද පැවති සෑම ආණ්ඩුවක් යටතේම ක‍්‍රමයෙන් නිදහස් අධ්‍යාපන අයිතිය කප්පාදු කිරීම ප‍්‍රතිපත්තියක් ලෙස කි‍්‍රයාත්මක වූ බවට ඉතිහාසය සාක්‍ෂි දරයි.
වර්තමානය පිළිබඳ සලකා බලන විට නැවත අධ්‍යාපන පෞද්ගලීකරණය පිළිබඳවත් වැඩි වශයෙන් කතාබහට ලක්වන්නට පටන්ගෙන තිබේ. මේ කතාබහ ආරම්භ වූයේ නූතන උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී දිසානායක මහතා එම ධූරයේ වැඩභාර ගැනීමත් සමගය. ධූරයේ වැඩභාරගෙන සතියක් ඉක්මයාමට මත්තෙන්ම අධ්‍යාපන පෞද්ගලීකරණය කළ යුතුයැයි වත්මන් උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේය. එතෙකින් නොනැවතී අත්තනෝමතික ලෙස මේ වනවිට පෞද්ගලික විශ්වවිද්‍යාල කිහිපයකටම මුදලට උපාධි ලබාදීමේ අයිතිය ලබාදී තිබේ. පෞද්ගලික විශ්වවිද්‍යාල පිළිබඳව සැලකිය යුතු තරමේ විද්වත් සංවාදයකටවත් ඉඩ නොතබා තකහනියේ පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට අවශ්‍ය පරිසරය ලංකාව තුළ නිර්මාණය කරදීම අප දකින්නේ කෝටි ගණනක කොමිස් මුදල් කෙරෙහි කෙළ හලමින් ගත් තීරණයක් ලෙසයි.
මෙහි වඩාත්ම ඛේදජනක තත්‍වය නම් ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය ස්වාභාවික මරණයට පත්වීමට ඉඩහැර පෞද්ගලික විශ්වවිද්‍යාලවලට පණ පෙවීමට පාලකයින් ගන්නා උත්සාහයයි. මේ පිළිබඳව පෙන්වා දිය හැකි හොඳම නිදසුන නම් පසුගිය කාලවකවානුවේ සරසවි ආචාර්යවරුන් ගෙනගිය අරගලයට පාලකයින් මැදිහත් වුණු ඇල්මැරුණු ස්වභාවයයි. තෙමසක් තිස්සේ ගෙන ගිය මෙම අරගලය අවසානයේදී විසඳුමක් නැතිවම අතහැර දමන්නට ආචාර්යවරුන්ට සිදුවීම ඉතා ඛේදනීයය. මෙම වෘත්තීය අරගලයේ එක් ප‍්‍රධාන අරමුණක් වූයේ වසරකට ජාතික ආදායමෙන් අධ්‍යාපනය සඳහා වෙන්වන 2.6ක සුළු මුදල් ප‍්‍රමාණය 5දක්වා වර්ධනය කරගැනීමයි. නමුත් සැබෑලෙසම මේ අරමුණ වෙනුවෙන් ආචාර්යවරුන් කොපමණ ප‍්‍රමාණයක් පෙනී සිටියේද යන්නත් ප‍්‍රශ්නකාරී වී තිබේ. කෙසේ වුවද සරසවි ආචාර්ය වෘත්තීය අරගලය පරාජයට පත්වීම තුළ සැ`ගව ඇති අවාසනාවන්ත ඉරණම ජනතාව විසින් අවබෝධ කොට ගතයුතු බව අපගේ විශ්වාසයයි.
මේ සියලූ අර්බුද අතර සිදුවන වඩාත් හාස්‍යජනකම දෙය නම් ශී‍්‍ර ලංකාව ආසියාවේ දැනුම් කේන්ද්‍රස්ථානයක් කරන බවට ආණ්ඩුව විසින් පුරසාරම් දෙඞීමයි. ආසියාවේ රටවල් අතුරින් අධ්‍යාපනය සඳහා ජාතික ආදායමින් අඩුම මුදලක් වෙන් කරමින්ද, සරසවි ශිෂ්‍ය හා ආචාර්ය ප‍්‍රජාව මර්දනය කරමින්ද, අධ්‍යාපනය සඳහා වෙන් කරන ඉතා සුළු මුදලත් කප්පාදු කරමින්ද ශී‍්‍ර ලංකාව ආසියාවේ දැනුම් කේන්ද්‍රස්ථානයක් කරන්නේද යන්න මහත් ප‍්‍රහේලිකාවකි. අනෙක් අතට පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට ප‍්‍රධාන හේතුව ලෙස දක්වන්නේ අධ්‍යාපනය සඳහා විදේශගත වන ශිෂ්‍යයින් හරහා විදේශ කරා ඇදී යන මුදල් ලංකාවේම ඉතිරි කර ගැනීමයි. බැලූ බැල්මට මෙහි ප‍්‍රගතිශීලී බවක් පෙනෙන්නට තිබුණද ලංකාවේ ආරම්භ කිරීමට බලාපොරොත්තු වන පෞද්ගලික විශ්වවිද්‍යාල බහුතරයක් විදේශ විශ්වවිද්‍යාලයවල ශාඛාවීම හරහා ඒ මුදල් විදේශයන්ට ම ඇදී යන බව පිළිගත යුතු සත්‍යයකි. එසේනම් මෙසේ පෞද්ගලික විශ්වවිද්‍යාල පිහිටුවීමේ අරමුණ විදේශ විශ්වවිද්‍යාලවලට ලංකාවේ භූමිය පාවිච්චි කොට මුදල් උපයාගැනීමට පරිසරය සකස් කර දීම සහ ඒ හරහා තමන්ට ලැබෙන කොමිස් කුට්ටි ගරා ගැනීම බව බුද්ධිමත් ජනතාව දැන්වත් තේරුම් ගත යුතුය. මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට අනුමැතිය ලබා දීමට තිබූ කලබලය 2005දී ආරම්භ කරන ලද රජරට වෛද්‍ය පීඨයේ මහාචාර්ය ඒකකයක් පිහිටුවීම උදෙසා නොමැති වීම තුළින් ඒ බව පැහැදිලි වේ. ක්‍ෂිතිජයට ඉහළින් ලෝකය දකින දරුවන් නිර්මාණය කළ යුතු යැයි කියන පාලකයන් තුළ ලාංකේය අධ්‍යාපනය න`ගා සිටුවීමේ සැබෑ කැක්කුමක් වේ නම් කළ යුත්තේ රාජ්‍ය විශ්වවිද්‍යාලය පද්ධතිය පුළුල් කිරීම හා එහි ගුණාත්මක භාවය වර්ධනය කිරීම නොවේ දැයි ජනතාව ප‍්‍රශ්න කළ යුතුය.
පෞද්ගලික විශ්වවිද්‍යාලය පිහිටුවීමට අප විරුද්ධ වන්නේ ඇයිද යන්න සඳහන් නොකරතොත් එය විශාල අඩුපාඩුවක් වන බැවින් ඒ පිළිබඳ අපේ ස්ථාවරය පැහැදිලි කිරීම යුතු කමකි. පෞද්ගලික විශ්වවිද්‍යාලය ප‍්‍රශ්නයේදී අප මුලින්ම විමසා බැලිය යුත්තේ පෞද්ගලික විශ්වවිද්‍යාලය ඇරඹීමට තරම් දැවෙන ප‍්‍රශ්නයක් ලංකාවේ තිබේද යන්නයි. දැනට කි‍්‍රයාත්මක වන දිස්ත‍්‍රීක් කොටා ක‍්‍රමය හරහා ලංකාවේ සමහර දිස්ත‍්‍රික්කවල යම් සිසුන් ප‍්‍රමාණයකට අසාධාරණයක් වන බව ඇත්තකි. එහෙත් එය අවම කිරීම සඳහා කළ යුත්තේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය පුළුල් කරමින් හා ඒවායේ පහසුකම් වැඩි දියුණු කරමින් බඳවා ගන්නා සිසුන් ප‍්‍රමාණය වර්ධනය කිරීම බව අපගේ විශ්වාසයයි. එසේ නොමැතිව එයට පිළියමක් වශයෙන් පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීම අතීසාරයට අමුඩ ගැසීමක් වැනිය.
පෞද්ගලික විශ්වවිද්‍යාල තුළින් නිදහස් අධ්‍යාපනය පුළුල් වන බව අමාත්‍යවරයා පවසයි. එහෙත් එය එසේ වන්නේ කෙසේ ද කියා පැහැදිලි නැත. පැහැදිලි වන්නේ එක දෙයකි. එනම් ලංකාවේ ජීවත් වන සුළුතර ඇති හැකි උන් පිරිසකට ලංකාව තුළදී මුදලට උපාධියක් ලබා ගැනීමට මෙයින් ඉඩ කඩ සැලසෙන බවය. අප දන්නා ආකාරයට මෙතෙක් ලංකාවේ ජාතික විශ්වවිද්‍යාලවලින් උපාධි දිනාගත් බහුතරයක් දෙනා දුගී දුප්පත් පංතියෙන් ආ අය වෙති. ලංකාවේ දුප්පත් ජනතාවට ඉදිරියට යාම සඳහා තිබූ එකම මාවත අධ්‍යාපනයයි. එහෙත් සුළුතරයකගේ අපේක්ෂාවන් සපුරනු වස් පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීමෙන් සිදුවන්නේ දුප්පත් පොදු ජනතාව කබලෙන් ලිපට ඇද වැටීමක් බව අපි දනිමු. අපි එය එසේ දකින්නේ පෞද්ගලික විශ්වවිද්‍යාලවල උපාධි සඳහා අය කරන මුදල් ප‍්‍රමාණය සලකා බලමිනි. එවැනි මුදල් ප‍්‍රමාණයක් උපාධියකට වැය කළ හැකි තරමේ වත්කමක් ඇත්තේ ලංකාවේ ජනතාවගෙන් කොපමණ සුළු ප‍්‍රමාණයකට දැයි විමසා බැලිය යුතුය.
එසේ නම් නිදහස් අධ්‍යාපනය පුළුල් කිරීමට සැබෑ උවමනාවක් ඇත්නම් කළ යුත්තේ අධ්‍යාපනය සඳහා දැනට වියදම් කරන සුළු මුදල් ප‍්‍රමාණය වහා ඉහළ දැමීමයි. එසේ කිරීමෙන් ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය පුළුල් කොට අසාධාරණයට ලක්වන සිසුන්ට අවස්ථාව ලබා දිය හැකි බව අපගේ විශ්වාසයයි. උපාධියක් ලබා ගැනීම සඳහා දුප්පත් දරුවාට එක් ක‍්‍රමයකුත් පෝසත් දරුවාට තවත් ක‍්‍රමයකුත් තිබීම සමාජ අසාධාරණයට හේතුවකි. එසේ දුප්පත් පෝසත් බේදයකින් තොරව දක්ෂයාට ඒ වරප‍්‍රසාදය හිමි වීම වඩා සාර්ථක ක‍්‍රමය වනු ඇත. තවද අධ්‍යාපනය සඳහා වැය කරන මුදල් ප‍්‍රමාණය නාස්තියක් නොව අනාගත ආයෝජනයක් බව පාලකයන් කල්පනා කළ යුතුය. එසේ නැතිව ලංකාවේ පෞද්ගලික විශ්වවිද්‍යාලය පිහිටුවහොත් ඒවා ‘‘විවෘතව ඇත’’ යන වදන සහිත සුපිරි හෝටල් බවට පත්වනු නො අනුමානය.
කෙසේ හෝ වේවා නුදුරු අනාගතයේ දිනක ම පෞද්ගලික විශ්වවිද්‍යාල පනත් කෙටුම් පත පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කරනු ඇත. එය ගෙන එන්නේ ආණ්ඩුවට තුනෙන් දෙකක බහුතර බලයක් සහිත වටපිටාවක් තුළදී වීම නිසා එය පරාජයට පත් කළ හැකි වේ දැයි චකිතයක් ඇති වීම සාධාරණය. එහෙත් ඓතිහාසික අර්ථයෙන් බලන විට 81අධ්‍යාපන ධවල පත‍්‍රිකාව ගෙනෙන්නේ තත්කාලීන ආණ්ඩුවට පාර්ලිමෙන්තුවේ හයෙන් පහක බහුතර බලයක් ඇති තත්ත්වයක දී ය. එහෙත් නිදහස් අධ්‍යාපනය රැුක ගත යුතු යැයි කොන්දේසි විරහිතව සටන් කළ ප‍්‍රගතිශීලී ශිෂ්‍ය හා සමාජ ව්‍යාපාරවල නැගී සිටීමෙන් පනත හකුළා ගැනීමට එවකට ආණ්ඩුවට සිදු විය. මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා ඇතුළු උසස් අධ්‍යාපන අමාත්‍ය එස්. බී. දිසානායක වැනි පිරිස් ද එදා අධ්‍යාපන ධවල පත‍්‍රිකාවට එරෙහි ව නැගී සිටි පාර්ශ්ව වීම දෛවෝපගත සිද්ධියකි. එනිසා මෙම අවස්ථාවේදී කළ යුතුව තිබෙන්නේ ආණ්ඩුවේ බහුතර බලය ඉදිරියේ සත්‍යයට පිටුපා නිවටුන් ලෙස ජීවත් වීම ද, එසේත් නැත්නම් අනාගත පරම්පරාවේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් එක්ව නැගී සිටීම දැයි නිදහස් අධ්‍යාපනයේ නාමයෙන් අකුරක් හෝ උගත් සියලූ සමාජ හා දේශපාලන ව්‍යාපාරත් සමස්ත පොදු ජනතාවත් තීරණය කළ යුතුය.
මෙම ලිපියේ අවසානය මෙසේ සටහන් කරනු කැමැත්තෙමි. අධ්‍යාපනය පෞද්ගලිකකරණය කිරීමේ කි‍්‍රයාදාමයේ වත්මන් නියාමුවා වශයෙන් කි‍්‍රයා කරන උසස් අධ්‍යාපන අමාත්‍ය එස්. බී. දිසානායක මහතාට විරෝධය පළ කිරීම වෙනුවෙන් අප රක්ෂිත බන්ධනාගාර ගත කොට මාසයකට ආසන්නය. එහෙත් තවමත් නිදහස් අධ්‍යාපනය රැක ගැනීම වෙනුවෙනුත් අධ්‍යාපන පෞද්ගලීකරණය පරාජය වෙනුවෙනුත් කොන්දේසි විරහිතව සටන් කිරීමේ අප තුළ ඇති අභිප‍්‍රාය සහ ධෛර්යය දශමයකින් හෝ අඩුවී නැතැයි අපි තරයේ ම විශ්වාස කරමු. තව ද නිදහස් අධ්‍යාපනය රැකගැනීමේ සටනට සියලූ ප‍්‍රගතිශීලී සමාජ දේශපාලන හා ජනතා ව්‍යාපාරවල සහයෝගය ලැබෙනු ඇතැයි ද අපි විශ්වාස කරමු. අවැසි වන්නේ සැබෑ මානව හිතවාදී වූත් දේශපේ‍්‍රමී වූත් බලවේගයන්හි එකතුවකි. මීට මාස කිහිපයකට කලින් ගෙන ආ පෞද්ගලික අංශයේ විශ‍්‍රාම වැටුප් කෙටුම් පතට එරෙහිව ජනතාව පෙළ ගැසුණාක් මෙන් ඉදිරියේදීත් ගෙන එන්නට නියමිත පෞද්ගලික විශ්වවිද්‍යාල පනත් කෙටුම් පතට එරෙහිව ජනතාව පෙළ ගැසෙනු ඇතැයි අපි අපේක්ෂා කරමු. කෙසේ හෝ වේවා ලාංකේය ජනතාව බඩ වෙනුවෙනුත්, අධ්‍යාපනය වෙනුවෙනුත් දක්වන සැලකිල්ලේ වෙනස පිළිබඳව නුදුරු දිනයක දීම අපට දැක බලා ගත හැකි වනු ඇත.

No comments:
Post a Comment