Divaina, 14/06/2011,
සරසවි ඇදුරන් අංශ ප්‍රධාන තනතුරු අත්හැර මසක් ගතවී ගොසිනි. සියලුම සරසවි අකර්මණ්‍යව පැවතීම පිළිබඳ වගකිවයුතු බොහෝ දෙනා දක්‌වන ආකල්පය නිද්‍රdශීලීය. කොළඹ සරසවියේ ශාස්‌ත්‍ර පීඨයේ අධ්‍යයනාංශ දෙකක හැර සියලු අංශ ප්‍රධානීහු ඉවත්ව සිටිති. දේශන පැවැත්වීම අඛණ්‌ඩව සිදු වෙතත් අනෙකුත් සියලු කාර්යාලයීය කටයුතු අඩාළ වී ඇතිවා පමණක් නොව දේපළ වෙනුවෙන් වගකිව යුත්තකු ද නැත. මාසයක් තිස්‌සේ අධ්‍යයනාංශ කාර්යාල අක්‍රීයව පැවතීමෙන් ආයතනවලින් අපේක්‌ෂිත ඵලදායිතාවන් සියල්ල නැවතී ඇත.
අධ්‍යයනාංශයක් යනු හුදෙක් දේශන පමණක් සංවිධානය කෙරෙන කාර්යාලයක් නොවේ. විශ්වවිද්‍යාලයේ සමස්‌ත පරිපාලනය හා සම්බන්ධ මූලික කේන්ද්‍රයයි. ආචාර්යවරුන්, ශිෂ්‍යයන් සම්බන්ධ සියලු අධ්‍යයන කාර්යයන් සංවිධානය කෙරෙන්නේද ඒවා සියල්ල පීඨ සභාවන් වෙතට යොමු කරවන්නේ ද අනධ්‍යයන සේවකයන්ගේ කටයුතු පරිපාලනය සිදුකෙරෙන්නේ ද අධ්‍යයන අංශ කාර්යාලයෙනි. මේ කටයුතු සියල්ල නැවතී ඇති විටෙක පීඨ කාර්යාලයටද වැඩ නැත. පීඨ සභා ද නැත. පීඨ සභා වෙතින් අනුමත කෙරෙන දෑ සෙනෙට් සභාවට යොමුකොට සම්මත වීම අවශ්‍ය වන අතර ඒ සියල්ල ද වැඩ නතර වී ඇත. මේ අනුව අධ්‍යයන අංශ කාර්යාලයන්හි වැඩ නතරවීම යනු විශ්වවිද්‍යාලයම නතර කිරීමකි.
සරසවි ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති සම්මේලනය මෙම ක්‍රියාමාර්ගයට පැමිණියේ අහම්බයකින් නොවේ. රජය ප්‍රතිපත්තියක් ලෙසම පිළිගෙන ඇති පරිදි ආචාර්යවරයාගේ සමාජ ජීවිතයට බලපාන ප්‍රමාණවත් වැටුප් තලයක පිහිටුවන ලෙස කාලාන්තරයක් තිස්‌සේ කරන ලද ඉල්ලීමක් හේතුවෙනි. යුද්ධය පවතින තුරා සරසවි ඇදුරෝ කිසිදු රජයකට මේ පිළිබඳ බලපෑම් නොකිරීමෙන් තම බුද්ධිමත් බව ප්‍රකට කළහ. එහෙත් මෙම රජය සරසවි ඇදුරන් උදෙසා සකස් කළ නව වැටුප් සැලසුම උසස් අධ්‍යාපන ඇමැති එස්. බී. දිසානායක මහතා පාර්ලිමේන්තුවට පසුගිය වසරෙහි ඉදිරිපත් කළේය. එහි ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයකුගේ වැටුප ලක්‍ෂ දෙකක් දක්‌වා වැඩි කිරීමට යෝජනා වී තිබිණි. බොහෝ මහාචාර්යවරු මෙය අසා මුවෙහි සෑය උපහාසයක් පමණක් මවා ගත්හ. කිසිදා නොලැබෙන කිසිදා නොඉල්ලූ වැටුපක් ඇමැතිතුමා ලබා දෙන බව කියා සිටියේය. මෙය මේ වන විට ලක්‍ෂ හතර දක්‌වා වැඩි කරන බව ඇමැතිවරයා පවසයි. මේ කිසිවක් ආචාර්ය මණ්‌ඩල ඉල්ලීම් නොවේ. රජයේ යෝජනාය.
ඇමැතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වැටුප් යෝජනාවෙන් කොටසක් හෝ පසුගිය අයවැයෙන් ලැබෙතියි ආචාර්ය මණ්‌ඩලය බලාපොරොත්තු වූහ. එහෙත් රජය යෝජනා කළේ වැටුපෙන් 25% ක පර්යේෂණ දීමනාවකි. එය හොඳ යෝජනාවක් බව පෙනී ගියද මේ දක්‌වා ලැබිය නොහැකි වූ දෙයකි. එය කිසිවකුට ලැබිය නොහැකි ලෙස උසස් අධ්‍යාපන ලේකම්වරයා ආචාර්යවරුන් කොටුකර තබන චක්‍රලේඛයක් නිකුත් කර තිබිණි. එයට අනුව පර්යේෂණ පත්‍රිකාව පර්යේෂණ මණ්‌ඩලයකට යොමුකොට අනුමත වී තිබීම එය ඉහළ පෙළේ ප්‍රකාශනයක පළවී තිබීම වැනි දෑ අත්‍යවශ්‍ය බව කියා තිබිණි. එයින් ආචාර්යවරයා ඇද දැම්මේ "පඩිය බලාගෙන පර්යේෂණ කරපල්ලා" යන අගාධයටය. එයට අනුව විශ්වවිද්‍යාල පර්යේෂණ යනු පඩිපත වෙනුවෙන් බඩවියත වෙනුවෙන් කෙරෙන පර්යේෂණ මට්‌ටමට රජය ඇද දැමීම විශ්වවිද්‍යාලයීය ආචාර්යවරයාට කළ නිග්‍රහයක් නොවේද?
මෙතරම් නීති රීති පනවා පර්යේෂණ නරාවළට ඇද දැමූ ආචාර්යවරයාට පසුගිය මැයි 09 දා හදිසියේම දැනුම් දුන්නේ (වෘත්තීය අරගලය ආරම්භ කළ දින) දහවල් 12.00 වන්නට පෙරාතුව නව පර්යේෂණ පත්‍රිකා හෝ මාතෘකාවක් ඉදිරිපත් කරන ලෙසයි. එසේ ඉදිරිපත් කළ අයට ඊට පසු දින ජනවාරි සිට අප්‍රේල් දක්‌වා පර්යේෂණ දීමනාව ලෙස රු. 40,000 ක් ගෙවා තිබිණි. එතෙක් පර්යේෂණවල නියෑලී සිටි ආචාර්යවරුන් මෙය ලැබීමේ දොසක් මා නොදැක්‌කද එසේ නොකොට හදිසි මාතෘකාවක් දුන් පමණින් එවන් මුදලක් ගෙවීම තුළින් විශ්වවිද්‍යාලීය ආචාර්යවරයා ඇද දැම්මේ අගාධයකට නොවේද?
ගරු ඇමැතිවරයා මෙම ප්‍රශ්නය පිළිබඳ ආරම්භයේ සිට දැක්‌වූ ආකල්පය අපගේ බලවත් කලකිරීමට හේතු විය. ඔහුගේ වචනවලින් ම කිවහොත් "මේ ඉල්ලා අස්‌වෙන්නේ ඡේවීපී යූඑන්පී ගැත්තො ටිකක්. මේ අය ඉවත් කර ගන්නට අපට ඕන වෙලා තිබුණා. දැන් අලුත් අය මේ තනතුරුවලට අපි පත්කර ගන්නවා" යනුවෙනි. මේ ආකල්පය තුළ ඇමැතිවරයාට මෙම ප්‍රශ්නය දෙස සාධනීයව බලන්නට හැකිවේද? ඉල්ලා අස්‌වූවන් වෙනුවෙන් එක තනතුරක් පුරවන්නට ඇමැතිවරයාට හැකිවූයේද? නැත. ගරු ඇමැතිවරයා මධ්‍යම පළාත් සභාවේ එක්‌සත් ජාතික පක්‍ෂ විපක්‍ෂ නායකවරයා ලෙස සිටියදී අප තුන්දහසක් සරසවි ඇදුරන් අරලියගහ මන්දිරයට ගොස් මහින්ද රාජපක්‍ෂ ජනාධිපති කරවන්නට සහාය ලබා දුන් බව ඇමැතිවරයා නොදන්නෙහිය. එම තුන්දහසින් තුන්සියයක් අරලියගහ මන්දිරයට රැස් කිරීමට මෙවර නොහැකි විය. ජනාධිපතිවරයා මෙම ප්‍රශ්නය වටහා ගත යුතුය. අපි 56 න් පසු දරුවෝ වෙමු. අපි ඔබතුමන්ගේ නායකත්වය අගයමු. එදා අප දුන් සහායෙන් අපට නිදහස් රටක් ඔබතුමා උරුම කර දුන් හෙයින් අපි රජ ගෙදරට පැමිණි ගමන ගැන දුක් නොවෙමු. එහෙත් ජාතික ධනය ජාතික දේපළ වැනසෙන්නට ඉඩදී දැනුමේ කේන්ද්‍රස්‌ථාන මාසයක් තිස්‌සේ අකර්මණ්‍යව පවතින්නට ඉඩදී ආචාර්යවරුන්ගේ ප්‍රශ්නය මේ රටේ වැදගත් ප්‍රශ්නයක් ලෙස නොගැනීමෙන් ආචාර්යවරයා හෑල්ලු කර තිබීම අපට කලකිරීමට හේතු වී තිබෙයි. අවසානයේ ආචාර්යවරයා දැනුමේ කේන්ද්‍රස්‌ථානවලින් පලවා හරිනවා පමණක් නොව, රජයට දේශපාලනික වශයෙන් බුද්ධිමතුනගේ සහාය නොලැබී යැමත් මේ ඔස්‌සේ සිදුවන බව අමතක නොකළ යුතු බව දන්වමු.
අගලකඩ සිරිසුමන හිමි
ශාස්‌ත්‍ර පීSඨ ආචාර්යවරුන්ගේ සංගමය,
කොළඹ විශ්වවිද්‍යාලය