LankaNewsWeb.com, 23/06/2011,
මේ දිනවල වඩාත් අවධානය යොමු වි ඇති කරුණක් වන්නේ වැටුප් ප්‍රශ්නය මුල් කරගනිමින් විශ්වවිද්‍යාල අචාර්යවරුන් ගෙන යන වෘත්තීය අරගලයයි. මෙහිදී මෙම වෘත්තීය අරගලයේ අරමුණු සැකවින් හෝ පැහැදිලි කිරීම අවශ්‍යයි. විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ ප්‍රධාන ඉල්ලීම වන්නේ 2008 වර්ෂයේදී රජය එකග වු හා වැටුප් හා සේවක සංඛ්‍යා කොමිසම අනුමත කළ වැටුප් යෝජනාවලිය වහාම ක්‍රියාත්මක කිරීමයි. මෙම එකග වු වැටුප් යෝජනාවලිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පරිදි විශ්වවිද්‍යාල ආචාර්යමණ්ඩල සේවය රාජ්‍ය සේවය තුළ විශේෂිත කාණ්ඩයක් වශයෙන් පිළිගන්නා ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිනවා. ඒත් එක්කම විශ්වවිදයාල ආචාර්ය මණ්ඩලයට හිමි ව තිබු මෑතදී ක්‍රමයෙන් කපා හැරුණු වෘත්තීය වරප්‍රසාද නැවත ලබාදෙන ලෙසත් ඉල්ලා සිටිනවා. එමෙන්ම මෙරට නිදහස් අධ්‍යාපන රාමුව හා උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය විනාශ කරමින් උසස් අධ්‍යාපන ඇමතිවරයා හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා විසින් ගෙන යන අදුරදර්ශී ක්‍රියාමාර්ග නැවැත්විමට මැදිහත් වන ලෙසත් අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. එයට අමතරව අපි රජයට යෝජනා කරනවා මෙරට අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ක්ෂේත්‍ර සදහා වෙන් කරන වියදම මෙරට ජාතික නිෂ්පාදිතයෙන් සියයට 6ක් දක්වා ඉහළ නැංවිමට කටයුතු කරන ලෙස.
විශ්වවිද්‍යාල මුහුණදෙන ගැටලූ
විශ්වවිද්‍යාල ක්ෂේත්‍රය වර්තමානයේ මුහුණ දෙන ප්‍රධානතම ගැටලූවක් වන්නේ දක්ෂතම උපාධිධාරීන් විශ්වවිද්‍යාල අධ්‍යයන කාර්යමණ්ඩලය වෙත අන්තර්ග්‍රහනය කරගත නොහැකි විම හා දැනට විශ්වවිද්‍යාලවල සිටින දක්ෂ ආචාර්යවරුන් රටහැර යාමයි. මෙම කරුණු දෙක සදහා හේතුව වන්නේ විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේ ගෙවන පහත් වැටුප් මට්ටමයි. සහකාර කථිකාචාර්ය ධූරයට බැදෙන උපාධිධාරියෙකුට සියලු දීමනා සහිතව ගෙවන වැටුප රු 26000ක් වන අතර මහාචාර්ය වරයෙකුට ගෙවන්නේ සියලු දීමනා සහිතව රු 72000 ක් පමණයි. මෙයට වඩා විශාල වශයෙන් ඉහළ වැටුප් තල මෙරට පුද්ගලික අංශය අඩු සුදුසුකම් සහිත අයට ද ගෙවනු ලබයි.
වෙනත් රටවල විශ්වවිද්‍යාලයන්හි ආචාර්ය මණ්ඩල වැටුප් හා සාපේක්ෂව ගත්තොත් මෙරට විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලයට ගෙවන්නේ ඉතාමත් අඩු වැටුපක්. දකූණු ආසියානු කලාපය පමණක් ගත්තත් විශ්වවිද්‍යාල අචාර්යවරුන්ට පහත්ම වැටුප් ගෙවන්නේ ශ්‍රී ලංකාවේ. ඒක පුද්ගල ආදායම් නිර්ණායක අතින් ශ්‍රී ලංකාවට වඩා පහත් ආර්ථීක සංවර්ධනය මට්ටමක් පෙන්නුම් කරන ඉන්දියාව, පාකිස්ථානය වැනි අසල්වාසි රටවල් ද විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට ඉහළ වැටුප තලයන් හදුන්වා දී තිඛෙනවා. උදාහරණයක් වශයෙන් 2009 වසරේදී ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම ඇමෙරිකානු ඩොලර් 1990ක් වන විට ඉන්දියාවේ ඒකපුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 1180ක් වෙනවා. ශී්‍ර ලංකාවේ මහාචාර්යවරයෙකුට ගෙවන වැටුප (සියලුම දීමනා සහිත) ඇමරිකානු ඩොලර් 650ක් වන විට ඒ හා සමාන සුදුසුකම් ඇති ඉන්දියානු මහාචාර්යවරයෙකුට ඉන්දියානු රජය ඇමරිකානු ඩොලර් 3000කට වැඩි වැටුපක් මාසිකව ගෙවනවා. එතකොට ඔබට පෙනී යනවා ඇති ඉන්දියාවේ මහාචාර්යවරයෙකුට එරට සාමාන්‍ය ඒකපුද්ගල ආදායම මෙන් තුන්ගුණයක වැටුපක් ගෙවන විට ශ්‍රී ලංකාවේ මහාචාර්යවරයෙකුට ගෙවන්නේ ශ්‍රී ලංකාවේ ඒකපුද්ගල ආදායමින් දශම තුනක (0.326) වැටුපක් පමණය. මේ සදහා තව උදාහරණයක් දක්වන්නම්. ඉන්දියාවේ මෑතකදී ආරම්භ කළ දකුණු ආසියාතික විශ්වවිද්‍යාලයේ මහාචාර්ය තනතුර සදහා බදවා ගැනීමට මෙරට පුද්ගලයන්ගෙන් අයදුම්පත් කැදවා තිබුණා. එම නිවේදනයට අනුව උක්ත තනතුර සදහා පිරිනමන මාසික වැටුප ඇමරිකානු ඩොලර් 3500කට වඩා වැඩි වෙනවා. එයට අමතරව නිවාස දීමනාවක් ද ලබාදෙනවා.
සමාන සුදුසුකම් ඇති පිරිසක් කරනු ලබන සමාන සේවයකට ඉතාම ආසන්න රටවල් දෙකක මෙතරම් විශාල වැටුප් වෙනසක් පවතින්නේ ඇයි? ඉන්දියාවේ වැටුප් අනුපාතයට (රටේ ඒක පුද්ගල ආදායමින් මහාචාර්යවරයෙකුට ගෙවන වැටුප) අනුව ගණන් හැදුවොත් මෙරට මහාචාර්යවරයෙකුට ගෙවිය යුතු වැටුප ඇමරිකානු ඩොලර් 5902ක් (රුපියල් හය ලක්ෂ හැටදාහක්) විය යුතුයි. නමුත් දැනට මෙරට මහාචාර්ය වරයෙකුට ගෙවන්නේ රු 57755ක මුලික වැටුප වන අතර සියලුම දීමනා සහිතව රු 72000ක් පමණයි. මේ කරුණුවලින් පෙනෙනවා ඇති මෙරට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ගෙන යන මෙම අරගලය සාධාරණ බව. විශ්වවිද්‍යාල ආචාර්යවරු රුපියල් ලක්ෂ හයක හතක වැටුප් ඉල්ලන්නේ නෑ. ඒ අය ඉල්ලන්නේ 2008 වර්ෂයේදී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සකස් කළ හා රජය පිළිගත් වැටුප් යෝජනාවලිය ක්‍රියාත්මක කරන ලෙසයි.
විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ගුණාත්මක බව පවත්වා ගැනීම
කෙනෙකුට පෙනෙන්නට පුලූවන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ගෙන යන මෙම සටන ඔවුන්ගේ ලාභ
ප්‍රයෝජනය සදහා පමණයි කියලා. මෙම උත්සාහයේ ඉක්මන් ප්‍රතිඵලය විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලයට ලැඛෙන ප්‍රතිලාභ වැඩිවිම බව අප පිළිගන්නවා. මෙරට විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ගුණාත්මක භාවය ඉහළ නැංවිම මෙම උත්සාහයේ දිගුකාලීන අරමුණක් වෙනවා. කෙනෙකු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ වෙබ් අඩවිය වෙත යොමු වුනොත් පෙනී යනවා දැනට වසර කිහිපයක සිට මෙරට විශ්වවිද්‍යාල පද්ධතියේ අධ්‍යයන කාර්යමණ්ඩල තනතුරු 1500ක් පමණ පුරප්පාඩු වි ඇති බව. මෙම පුරප්පාඩු ඇතිවන්නේ ප්‍රධාන වශයෙන් කරුණු දෙකක් නිසා. එකක් තමයි අවශ්‍ය කරන සුදුසුකම් සහිත පිරිස් මෙම තනතුරු සදහා ඉල්ලූම් නොකිරීම. අනිත් කරුණ තමයි ආචාර්ය/මහාචාර්යවරුන් විශාල වශයෙන් විශ්වවිද්‍යාල හැරදමා පෞද්ගලික අංශයේ රුකියාවන්ට හෝ විදේශීය විශ්ව විද්‍යාලයන්හි රුකියාවන්ට හෝ යොමුවිම. මෙයින් අවසානයෙන් කී කරුණ එනම් බුද්ධිමතුන් රට හැර යාම ඉතාමත් දරුණු ආකාරයෙන් මෙරට විශ්වවිද්‍යාලවලට බලපා තිඛෙනවා. දැනට සති කිහිපයකට පෙර මෙරට ජාතික පුවත්පතක් වාර්තා කර තිබුණා ආචාර්ය උපාධි අධ්‍යයන කටයුතු සදහා යොමු වු 600කට ආසන්න කථිකාචාර්යවරු පිරිසක් මෙරටට නොපැමිණ ඇති බව. මේ තත්ත්වය තවදුරටත් පැවතුනහොත් මහාචාර්යවරුන් හා ආචාර්යවරුන් බුරුතුපිටින් රට හැර යාමේ අවධානමකට හෙට අනිද්දා වන විට මේ රට පත් විම වැළැක්විමට නොහැකියි.
විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩල සදහා ආකර්ෂණීය වැටුප්තල හදුන්වා දීම හා ඔවුන් මුහුණ දෙන වෙනත් ගැටලූ මගහැරවිම බුද්ධිමතුන් රටතුළ රදවා ගැනීමට මෙන්ම විදේශීය බුද්ධිමතුන් රට තුළට ආකර්ශනය කරගැනීමට හේතු වෙනවා. උදාහරණයක් ලෙස සිංගප්පුරුව ගන්න. 1970 දශකය හා අසුව දශකය වන විට සිංගප්පුරුව කියා රටක් ලෝකයේ තියෙනවාද කියලවත් බොහෝ අය දැනන් හිටියේ නෑ. අද සිංගප්පුරු වැසියෙකුගේ ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 40000කට ආසන්නයි. ලෝකයේ ඉතාමත්ම දියුණු රටක් බවට පත්වෙලා. අධ්‍යාපනය අතින් ඉතාමත් පහත් දර්ශකවල හිමිකම් කියු සිංගප්පුරුව අද වන විට ලෝකයේ මුල් පෙළේ විශ්වවිද්‍යාල 20 අතරට එරට ජාතික විශ්වවිද්‍යාලය ගෙන එමට සමත් වෙලා තියෙනවා. කොහොමද එහෙම කළේ? සිංගප්පුරු රජය 1970 ගණන්වලදීම අවබෝධ කරගත්තා බුද්ධිය හා දැනුම නූතන ආර්ථීක සංවර්ධනයේ දී වැදගත් වන ගාමක බලවේගයක් බව. ආකර්ශණීය වැටුප්තල හදුන්වා දීමෙන් බුද්ධිමතුන්ගේ මතවාදයන්ට ගරුකිරීමෙන් විශ්වවිද්‍යාලයන්හි දැනුම රටේ ආර්ථීක සංවර්ධන ප්‍රයත්න සදහා සෘජුවම යොදාගනිමින් සිංගප්පුරු රජය විශ්වවිද්‍යාල රටේ දැනුමේ බුද්ධියේ හා පර්යේෂණයන්හි කේන්ද්‍රස්ථාන වශයෙන් හදුනාගත්තා. ඒ සදහා ප්‍රතිපත්ති සකස් කළා. විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලවලට බටහිර සංවර්ධිත රටවලට සමාන හෝ ඉහළ වැටුප් ප්‍රදානය කළා. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් වැඩිකළොත් රියදුරන්ගෙත් වැටුප් වැඩිකිරීමට සිදුවන බව බුද්ධිමත් ලී ක්වාන් යු අගමැතිවරයා සදහන් කළේ නෑ. එවැනි දූරදර්ශී ප්‍රතිපත්ති නිසා දේශීය බුද්ධිමතුන් රටතුළ රදවා ගන්න හේතුවුනා විතරක් නෙමෙයි විදෙශීය බුද්ධිමතුන් රටතුළට විශාල වශයෙන් ඇද ගැනීමට සමත් වුනා. ඒක නිසා තමයි ලෝකප්‍රසිද්ධ විශ්වවිද්‍යාල අතරට ඒමට එරට විශ්වවිද්‍යාලවලට හැකි වුනේ. එවැනි ප්‍රතිපත්ති සිංගප්පුරූව ආසියාවේ සැබෑ ආශ්චර්ය බවට පත් කිරීමට හේතු වුනා. අද වන විට මැලේසියාව, චීනය, ඉන්දියාව වගේ රටවල් රාශියක් මෙම ප්‍රතිපත්තිය අනුගමනය කරනවා. එම රටවල් අවබෝධ කරගෙන තිඛෙනවා ආර්ථීක සංවර්ධනයේ දැනුම තීරණාත්මක සාධකයක් බවත් ඒ අනුව විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් විශේෂිත වු වෘත්තීය කාණ්ඩයක් වශයෙන් පිළිගැනීම අවශ්‍ය බවත්. එතකොට අපි අද ගෙන යන මෙම සටනේ ප්‍රතිඵල මෙරට විශ්වවිද්‍යාල ක්ෂේත්‍රය නැංවීමටත් එය මෙරට සමස්ත ජනතාවගේ ඉදිරිගමන උදෙසා හේතුවන්නක් බව අපි උදක්ම මතක් කර සිටිනවා.
වැටුප් අරගලයේ ඉතිහාසය
විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩල වැටුප් අර්බුධය පිළිබදව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය හා රජය අතර පසුගිය වසර හතර පහක පමණ කාලය තුළ සාකච්ඡා වට රාශියක් පැවැත්වුනා. මේ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, වැටුප් හා සේවක සංඛ්‍යා කොමිසම මග විතරක් නෙමෙයි මේරටේ විධායක ජනාධිපතිවරයා සමගත් සාකච්ඡා කිහිපයක් පැවැත්වුනා. ඒ අතුරින් 2008 මාර්තු මාසයේ 31 වන දින අරලියගහ මන්දිරයේදී ජනාධිපතිවරයා සමග පැවැත්වු සාකච්ඡාව ඉතාමත් තීරණාත්මක සාකච්ඡාවක්. ඉල්ලීම් 14ක් මුල් කරගෙන පැවැති මෙම සාකච්ඡාවේ දී විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩල වැටුප් අර්බුධය මාස තුනක් තුළ විසදීමට කටයුතු කරන බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කළ අතර අදාළ නිලධාරීන්ට ඒ සදහා අවශ්‍ය උපදෙස් ලබා දුන්නා. ඉන්පසු පැවැත්වු සාකච්ඡා මත පදනම්ව ආචාර්ය සමිති සම්මේලනය ඉදිරිපත් කොට තිබු වැටුප් හා වෘත්තීයමය යෝජනාවලිය 2008 අගොස්තු මාසයේදී රජයේ නියෝජිතයන්ගේ එකගතාව මත නැවත සකස් කොට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ අනුමැතිය ඇතිව උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිසමට භාර දීමට කටයුතු කළා. තම වැටුප් හා වෘත්තීය ඉල්ලිම් ලබා දීමට රජය දැක්වු එකගතාව මත හා ඒ සම්බන්ධව දැක්වු කාර්යසාධනය මත පදනම්ව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය 2010 වසරේ සැප්තැම්බර් මස දියත් කිරීමට සූදානම්ව සිටි වෘත්තීය සංගම් ක්‍රියාමාර්ගය අත්හිටුවන ලැබුවා. මෙහිදි රජය පොරොන්දු වුනා අදාල වැටුප් යෝජනා හා වෘත්තියමය යෝජනා 2011 වසර සදහා වන අයවැය යෝජනා සමග ඉදිරිපත් කරන බවට. නමුත් 2011 වසර සදහා වන අයවැය යෝජනා තුළ රජය පොරොන්දු වු ආකාරයෙන් මෙරට විශ්වවිද්‍යාල අචාර්ය මණ්ඩල වැටුප් අර්බුධය විසදීමට අවශ්‍ය උත්සාහයක් ගෙන නැති බව කනගාටුවෙන් සදහන් කරන්න සිදුවෙනවා.
සියයට 36ක වැටුප් වැඩිවිම ඇත්තක්ද?
පසුගිය දිනෙක උසස් අධ්‍යාපන ඇමතිවරයා ප්‍රකාශ කළා විශ්වවිද්‍යාල වැටුප් අර්බුධය පසුගිය අයවැය යෝජනාවලින් විසදු බවට. විශේෂයෙන්ම විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප සියයට 36කින් වැඩි කළ බව ඇමතිවරයා ප්‍රකාශ කරනවා. සියයට 36කින් වැටුප් වැඩි වුනාද නැද්ද කියනවාට කලින් අපි බලමු මොකක්ද මේ සියයට 36 කියලා. 2011 අයවැය යෝජනා තුළ විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයට බලපාන පහත දැක්වෙන යෝජනා තිබුණා.
• විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලය සදහා රජය 2011 අයවැය යෝජනා තුළ රජයේ සියලූම සේවකයන්ට පොදුවේ වැඩිකළ සියයට 5ක වැටුප් දීමනාව ලබාදීලා තියෙනවා.
• 2011 අයවැය යෝජනා මගින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට ගෙවන අධ්‍යයන දීමනාව සියයට 25 සිට සියයට 31.25 දක්වා වැඩිකළ බව රජය සදහන් කරනවා. නමුත් මේ රටේ මහජනතාව දන්නේ නැහැ 2005 වසරේදී මෙම අධ්‍යයන දීමනාව සියයට 30 සිට සියයට 25 දක්වා අඩුකළ බව. රටේ පැවති සිවිල් යුද්ධ තත්ත්වය හා ආර්ථීකයේ පැවති අයහපත් තත්ත්වය පදනම් කරගනිමින් රජයේ මුල්‍ය අර්බුධයට විසදුමක් විදිහට 2005 දී එතෙක් විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලයට ගෙවු මුලික වැටුපෙන් සියයට 30 ක් වු අධ්‍යයන දීමනාව සියයට 25 දක්වා අඩු කිරීමට කටයුතු කළා. ඒ අවස්ථාවේ දී ආචාර්යවරු අමාරුවෙන් හරි ඒ සදහා සහයෝගය ලබාදුන්නා. 2011 අයවැය මගින් එසේ ඉවත් කරන ලද සියයට 5ත් ඇතුලූව අධ්‍යයන අධ්‍යයන දීමනාව සියයට 6.25 කින් නැවතත් වැඩි කිරීමක් යෝජනා කෙරුණා. එතකොට 2005 දී අධ්‍යයන දීමනාවෙන් කැපු සියයට 5 ඉවත් කළ විට ඇත්තටම අධ්‍යයන දීමනාව 2011 දී වැඩිවී තිඛෙන්නේ සියයට 1.25කින් පමණයි
• 2011 අයවැය යෝජනා මගින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට සියයට 25ක පර්යේෂණ හා සංවර්ධන දීමනාවක් ලබාදුන් බව රජය ප්‍රකාශ කරනවා. අදාළ ගෙවිම සම්බන්ධ චක්‍රලේඛ කිහිපයක් දැනටමත් රජය නිකුත් කරලා තියෙනවා. එම චක්‍රලේඛයන්ට අනුව පර්යේෂණ හා සංවර්ධන දීමනාව විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයට පමණක් නොව රජයේ ඕනෑම ආයතනයක මාණ්ඩලික මට්ටමේ නිලධාරීන්ට ඉල්ලූම් කළ හැකි දෙයක්. ඒක නිසා කවුරු හරි කියනවා නම් එම දීමනාව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් ප්‍රශ්නය විසදීමට ඉදිරිපත් කළ එකක් කියලා ඒක අසත්‍යයක්. ඊළගට මෙම චක්‍රලේඛයේ දක්වා ඇති කොන්දේසි දිහා බලපුවාම පේනේවා මේක වැටුප් දීමනාවක් නොව පර්යේෂනයන් දිරිගැන්විම සදහා කරන පර්යේෂන ප්‍රදානයක් බව. සාමාන්‍ය පර්යේෂණ ප්‍රදාන ලබාගැනීම සදහා කරන ක්‍රමවේදය අනුගමනය කරමින් පර්යේෂන පත්‍රිකාවක් ජනනය කිරීම උදෙසා මෙම ගෙවිම කිරීමට සැලැසුම් කොට තිඛෙනවා. විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මෙලනය ඉල්ලා සිටියේ වැටුප් වැඩිවීමක් මිසක් මෙවැනි පර්යේෂන ප්‍රදාන නොවේ.
පර්යේෂණ දීමනාවකින් ගෙදරදොරට අවශ්‍ය බඩුමුට්ටු ගන්න බෑ. කිරිපිටි ගන්න බෑ. සහල් තේ කොළ තුනපහ ගන්න බෑ. එම මුදල දෙන්නේ පර්යේෂන කරන්න. දැන් උසස් අධ්‍යාපන ඇමතිවරයා හා ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා කියන්නේ මොනවා හරි කොළ කෑල්ලක් දුන්නම මෙම සියයට 25 දෙන බවයි. මේ බලධාරීන් අපිට කියන්නේ බොරු කියලා බොරු ලියවිලි දීලා මේ දීමනාව ගන්න කියලයි. සදාචාරයක් තියෙන් පිරිසක් විදිහට විශ්වවිද්‍යාල ආචාර්යවරු මෙවැනි හොරකම්වලට සුදානම් නැති බව අපි දන්වලා තියෙනවා. එතකොට සමස්ත රජයේ සේවකයන්ට ලබාදුන් සියයට 5 වැටුප් වැඩිවීමත් සමගම විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් වැඩිවෙලා තියෙන්නේ සියයට 6.25කින් පමණයි. රුපියල්වලින් කියනවානම් ඉහළම මහාචාර්යවරයෙකුගේ වැටුප වැඩි වෙලා තියෙන්නේ රුපියල් 3600 කින් පමණයි. උසස් අධ්‍යාපන ඇමතිවරයාගෙන් අපි අහන්නේ මේකද මේ ලක්ෂ දෙකේ වැටුප් වැඩිවීම කියලා. මෙම වැටුප් ප්‍රශ්නය පිළිබදව උසස් අධ්‍යාපන ඇමතිවරයාට අවබෝධයක් තිබුණු බවත් සදහන් කරන්නට ඕනෑ. ආසන්න රටවල විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට ගෙවන වැටුප්තල පිළිබද අවබෝධයක් ඔහුට තිබුණා. ඒක නිසා තමයි පසුගිය වසරේ ජූනි මාසයේදී පාර්ලිමේන්තුවේදී ඔහු ප්‍රකාශ කළේ විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙකුගේ වැටුප රුපියල් ලක්ෂ දෙක දක්වා වැඩි කරන බවට. ඉතිං අපි ඔහුගෙන් නැවතත් ඉල්ලා සිටින්නේ විෂයභාර අමාත්‍යවරයා වශයෙන් වඩාත් සංයමයකින් යුතුව මෙම ගැටලූවට මැදිහත් වී එය විසදා මෙරට විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේ උන්නතියට දායක වන ලෙස.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැඩ කාලසටහන
විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයට සම්බන්ධ වැදගත් තනතුරු දරන ඇතැම් පුද්ගලයන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සම්බන්ධ කොට පසුගිය දිනවල වඩාත් බරපතල ප්‍රකාශ නිකුත් කළා. විශේෂයෙන්ම විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු වැඩ කරන්නේ සතියකට පැය දෙකක් පමණයි කියලා අදහසක් ප්‍රකාශ වුනා. මෙවැනි අදහස් උසස් අධ්‍යාපන ඇමතිවරයාත් ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයාත් අවස්ථා කිහිපයකදී ප්‍රකාශ කොට තිබුණා. මුලින්ම මම ප්‍රකාශ කරනවා මේක පරිපාලනයට අදාල ප්‍රශ්නයක් බව. විශ්වවිද්‍යාලයක උපකුලපතිවරයෙකු ප්‍රකාශ කරනවා නම් ඔහුගේ කාර්යමණ්ඩලය වැඩ කරන්නේ සතියකට පැය දෙකයි කියලා එහි සම්පුර්ණ වගකීම අදාළ උපකුලපතිවරයාට භාරගැනීමට සිදුවෙනවා. එවැනි දුර්වල හා වගකිමෙන් තොර පරිපාලකයන්ට විරුද්ධව විනමය හා නීතිමය පියවර ගැනීමේ හැකියාවක් තිඛෙනවා.
මෙවැනිම අදහසක් අදාළ ඇමතිවරයාත් දරණ නිසා පැහැදිලි කිරීමක් අවශ්‍යයි කියලා හිතෙනවා. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වැඩකරන පැයගණන පිළිබද පැහැදිලි ගණනය කිරීමක් කරන්නට අපහසුයි. වර්තමානයේ ඇති වැඩඛෙදුම් සටහන් අනුව සෑම ආචාර්යවරයෙකුටම අවම වශයෙන් සතියකට පැය 6ක ඉගැන්විම් කාලයක් තිඛෙනවා. පශ්චාත් උපාධි ඉගැන්විම් සමග ගත් විට මෙය පැය 10 ඉක්මවා යනවා. විශ්වවිද්‍යාලයක ඉගැන්විමේදී සෑම දේශනයකට කලින්ම පෙර සූදානම්වීමක් අවශ්‍යයි. ඉගැන්විම් පැය දෙකක් සදහා පෙර සුදානම්වීම් පැයක් අවශ්‍යයි කියලා ගතහොත් අවම වශයෙන් පැය 5ක පෙර සුදානම්වීම් අවශ්‍ය වෙනවා. විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්නා සිසුන් දන්නවා අවසාන වසර නිබන්ධනය ලිවිමේදී ආචාර්යවරුන්ගේ උපදේශනය ලැඛෙන බව. එක් සිසුවෙකුට සතියකට පැයක් බැගින් අවම වශයෙන් සිසුන් 5 දෙනෙකුට සතියකට පැය 5ක් වෙන් කිරීමට ආචාර්යවරයෙකුට සිදු වෙනවා. එම කටයුතු සදහා පමණක්ම සතියකට පැය 20ක වැඩ කාලයක් ආචාර්යවරයෙකුට හිමි වෙනවා. එයට අමතරව විෂය කරුනු සම්බන්ධව සිසුන් මුහුණ දෙන ගැටලූ විසදීම, විෂයමාලා සංවර්ධන වැඩකටයුතු, ප්‍රායෝගික පංති අධීක්ෂනය, ප්‍රශ්න පත්‍ර සකස් කිරීම, උත්තර පත්‍ර ඇගයීම, නිබන්ධන ඇගයීම, යන සියලූම දේවල් විශ්වවිද්‍යාල ආචාර්යවරු කරන්න ඕන. එයට අමතරව උසස් පෙළ හා සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍ර සකස් කිරීම, උත්තර පත්‍ර ඇගයීම, සම්මන්ත්‍රණ පැවැත්වීම, රජය හා රජයේ නියෝජිත ආයතන්ට අවශ්‍ය උපදෙස් ලබා දීම, ආදිය සදහාද විශ්වවිද්‍යාල ආචාර්යවරු සැලකිය යුතු කාලයක් වෙන් කරනවා. ඒ සියල්ලම අතරේ විශ්වවිද්‍යාල ආචාර්යවරු පර්යේෂණ කටයුතුවල නිරත නවා. පොත් පත් ලිවිමේ නිරත වෙනවා. සම්මන්ත්‍රණවලට සහභාගීවෙනවා. විවිධ ප්‍රජා වැඩසටහන්වලට සහභාගී වෙනවා. මේ සියල්ලම අරන් බැලූවිට සතියකට පැය දෙකක් නොව අවම වශයෙන් සතියකට පැය 60ක පමණ වැඩකාලයක් විශ්වවිද්‍යාාල ආචාර්යවරයෙකුට හිමි වෙනවා. ආචාර්යවරුන් කොපමණ කාලයක් වැඩ කරනවාද යන්න පිළිබදව වඩාත්ම නිවැරදි අවබෝධයක් ඇති පිරිස වන්නේ විශ්වවිද්‍යාලයන්හි නිසි පරිදි අධ්‍යාපනය ලැබු හා ලබන ශිෂ්‍යයින් පමණයි.
වෘත්තීය අරගලය හා උසස් අධ්‍යාපනය බිදවැටිම
දැනට වසර හතරක පහක කාලයක සිට විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය මෙරට ඉහළම බලධාරීන්ගෙන් දිගින් දිගටම ඉල්ලා සිටියා විශ්වවිද්‍යාල අචාර්යවරුන්ගේ වැටුප් ප්‍රශ්නය විසදීමට සාධනීය ලෙස මැදිහත් වන ලෙස. මේ සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් රජය නොදැක්වු නිසා පසුගිය මැයි මාසේ 9 වෙනිදා ඉදලා විශ්වවිද්‍යාල ආචාර්යවරු විශ්වවිද්‍යාල පද්ධතිය තුළ දැරූ සියලූම ස්වේච්ඡා තනතුරුවලින් ඉවත් වුනා. මේ සමගම විශ්වවිද්‍යාල පවත්වාගෙන යාමට නොහැකි තත්වයක් ඇති වී විශ්වවිද්‍යාලවල සියලූම කටයුතු අකර්මන්‍ය වෙලා තියෙනවා. එම ක්‍රියාමාර්ගය දිගටම ගෙන යන අතරතුරේ විභාග කටයුතුවලින් ඉවත් විම, රජයේ උපදේශන සේවාවලින් ඉවත් විම, දැනට දරන රජයේ වෙනත් ආයතනවල තනතුරුවලින් ඉවත් විම හා අවසානයේ සම්පුර්ණ වැඩ වර්ජනයක් සදහා යොමු විමට දැනට අපි සැලසුම් කරලා තියෙනවා. මෙවැනි වටපිටාවක් තුළ මෙරට විශ්වවිද්‍යාල කටයුතු පවත්වා ගෙන යාමට නොහැකි වන්නට පුලූවන්. එවැනි තත්වයක් තුළ උසස් අධ්‍යාපන අමා්‍යාංශය පමණක් නොව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඇතුලූ පරිපාලනය මේ රටට අවශ්‍ය නොවන ආයතන බව කෙනෙකුට වැටහෙන්න පුලූවන්. තම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනයන්හි සාමාන්‍ය පැවැත්ම තහවුරු කළ නොහැකි නම් එවැනි අමාත්‍යවරයෙකුගේ හා අමාත්‍යාංශ ලේකම්වරයෙකුගේ රාජකාරිය කුමක්ද කියලා කෙනෙකුට ප්‍රශ්න මතුවෙන්න පුලූවන්.
මඩප්‍රචාර, චක්‍රලේඛ හා නියෝග හමුවේ ශක්තිමත් වන අරගලය
නමුත් රජය පැත්තෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් අරගලය විසදීමට යොදාගෙන ඇත්තේ නින්දිත ක්‍රියාපිළවෙතක්. මුලින්ම රජයේ වගකිවයුත්තන් විශ්වවිද්‍යාල ආචාර්යවරුවන්ට හා පොදුවේ සමස්ත රජයේ විශ්වවිද්‍යාල පද්ධතියටම මඩ ගහන්න පටන් ගත්තා. විශ්වවිද්‍යාලවල වැඩි හරියක් සිටින්නේ ප්‍රමාණවත් පුහුණුවක් නැති අය හා වෙනත් රටවලට යා නොහැකි අය බව ප්‍රකාශ කළා. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ උත්තර පත්‍රවලට ලකුණු දෙන්නේ ඒවා උඩදමා බව ඇමතිවරයා ප්‍රකාශ කළා. වඩාත් ම පහත් තත්වයකට වැටෙමින් මෙරට විශ්වවිද්‍යාල වලින් බිහිකරන්නේ කාලකන්නි හා ගංජාකාරයන් බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළා. ඒ විතරක් නෙමෙයි ආචාර්යවරු ස්වේච්ඡා තනතුරුවලින් ඉවත් වුවහොත් ඒ සදහා පත්කරන්න තමන් වටා ඕනෑ තරම් ආචාර්යවරුන් සිටින බව ඇමතිවරයා තර්ජනාත්මකව ප්‍රකාශ කළා. හැබැයි තවමත් ඔහුට එසේ එක් අංශාධිපතිවරයෙක්වත් පත් කරන්න බැරි වුනා. ඇමතිවරයාගේ මඩප්‍රචාර හා මෝඩ තර්ජන හා ගර්ජන තුළින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ආපස්සට යවන්න ඇමතිවරයාට බැරිවුනා. ඉතිහාසයේ ප්‍රථම වරට විශ්විද්‍යාල පනත වැරදි ලෙස අර්ථකථනය කරමින් (සමහර විට තමන්ට පනතේ ඉංගී්‍රසියෙන් සදහන් වන පරිච්ඡේද අවබෝධ වු අයුරින්) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා විසින් අංශාධිපතිවරුන්ට මාස තුනක පෙර දැනුම්දීමකින් තොරව තම තනතුරුවලින් ඉවත්විය නොහැකි බව ප්‍රකාශ කරමින් චක්‍රලේඛයක් නිකුත් කළා. නමුත් මෙම චක්‍රලේඛයෙහි නීත්‍යානුකුල වලංගුභාවයක් නොමැති බව ආචාර්ය සමිති සම්මේලනයේ නීති උපදේශකයන් පෙන්වා දුන්නා. ඉන්පසු සේව්‍යසේවක ගිවිසුම් උල්ලංඝනය කරමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට වැටුප්ගෙවිම නැවැත්විමට ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා නින්දිත උත්සාහයක් ගත්තා. නමුත් විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයාගේ නියෝගය තුට්ටුවකට මායිම් නොකර වැටුප් ගෙවිමට තීරණය කළා. මෙම සෑම උත්සාහයකින්ම යත්න දැරුවේ අචාර්යවරුන්ගේ අරගලය කඩාකප්පල් කර ආංඩුවෙන් ලකුණු දමාගැනීමයි. බොහෝ දුරට මේ මගින් සිදුවි ඇත්තේ ඔවුන්ගේ ලකුණු කැපීයාමක් වන්නට පුලූවන. මෙම ක්‍රියාවැලට මෑතදී එක් වි ඇති කරුණ වන්නේ ආචාර්යවරුන්ට අධ්‍යයන වාර අවසන්වන තුරු තනතුරුවලින් ඉවත්විමට බැරි වන දන්වමින් නිකුත් වු නියෝගයන්ය. මෙය පිටුපසද බොහෝ දුරට ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා හා ඇමතිවරයා සිටින බව පැහැදිලිය.
කෙසේ වුවත් මෙම කුමන ක්‍රමයකින් වුවද ආචාර්යවරුන්ගේ එකමුතුභාවය හා එකමුතුකමේ ශක්තිමත්භාවය නැතිකිරීමට කිසිදු ජගතෙකුට හැකියාවක් ලැබි නොමැත. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් කරනු ලබන බුද්ධි විසරණය මඩප්‍රචාර හරහා චක්‍රලේඛ හරහා විවිධ නියෝග හරහා බයිනේත්තු තුඩ හරහා ලබාගත නොහැකි බව අප දන්වා සිටිනවා. මෙම කිසිදු කටයුත්තකින් ආචාර්යවරුන් පරාජයට පත්කරන්න පුලූවන් කමක් නැහැ. මෙම තිරස්චීන ක්‍රියා නිසා සිදුවන්නේ මෙරට උපාධිධාරියා අවමානයට පත්කිරීමයි. විශාල කැපකිරීම් මැද මව් රටට සේවය කරන ආචාර්යවරයා විදේශගත කිරීමට පිඹුරුපත් සකස් කිරීමය. මෙරට රජයේ විශ්වවිද්‍යාල පද්ධතිය විනාශ කිරීමයි. මෙරට නිදහස් අධ්‍යාපනය කනත්තට ගෙන යාමයි. මෙරටෙහි අතමිට හිග දෙමව්පියන්ගේ දරුවන් වෙත නිදහස් අධ්‍යාපනයේ විපුල පල ලබාදීමට කැපවි සිටින විශ්වවිද්‍යාල ආචාර්යවරු මෙරටේ මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙම අවධානම්කාරී තත්ත්වය පිළිබදව අවධානයෙන් පසුවන ලෙසයි.
- ආචාර්ය ආනන්ද ජයවික්‍රම
උපසභාපති, විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය