Saturday, June 11, 2011

සරසවි ආචාර්යවරුන්ගේ වැටුප් ප්‍රශ්නයට එක්‌ රැයකින් විසඳුම් දීමට බැහැ - එස්‌. බී. කියයි

Divaina, 11/06/2011, අජිත් අලහකෝන්

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් ප්‍රශ්නය සඳහා එක රැයකින් විසඳුම් ලබාදිය නොහැකි බව උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක මහතා ඊයේ (10 දා) පාර්ලිමේන්තුවේදී පැවැසුවේය.

සරසවි ආචාර්යවරුන්ට වැටුප් පිළිබඳ ප්‍රශ්නයක්‌ තිබෙන බව පිළිගන්නා නමුත් එක්‌ අය-වැයකින් ඊට විසඳුම් ලබා දිය නොහැකි බවද ඇමැතිවරයා කීය. පසුගිය අය-වැයේදී රජයේ සේවකයන්ට සියයට පහකින් වැටුප් වැඩිකරද්දී විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට සියයට 36.25 ක වැටුප් වැඩිවීමක්‌ ලබාදුන් බව ද උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ එජාප මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා ඇසූ පැනයකට පිළිතුරු ලබා දෙමිනි.