Sunday, June 26, 2011

උපකුලපතිට පිස්සුව තදවෙයි: ගුරුන්ට සහාය දුන්නා කියා සිසුන් 4කට සරසවිය තහනම්: මුළු ගණන දැන් 52යි

(ලංකා ඊ නිව්ස් -2011.ජුනි.26, පෙ.ව.5.30) විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ගෙන යන අරගලයට සහය පළකළා යැයි ජයවර්ධනපුර විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනකුගේ සහ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා දෙදෙනකුගේ පංති තහනම් කර ඇත.

'ආචාර්යවරුන්ගේ අරගලයට අපගේ සහය' යන පාඨය සහිත ජ'පුර විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ මෙහෙයවීමෙන් යටතේ මෙම බැනර් ප්‍රදර්ශනය කර තිබුණේ පසුගිය 21 වෙනිදා විශ්ව විද්‍යාල ආචාර්යවරුන් කොළඹදී පැවැත් වූ පා ගමනට සහ සම්මන්ත්‍රණයට සහය පළ කරමින් ය. උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ඇතුළු ආණ්ඩුවේ හෙංචයියෙකු ලෙස කටයුතු කරන උපකුලපතිවරයා මේ වනවිට ජ'පුර සරසවියේ සිසුන් 52 දෙදෙනකුගේ පමණ පංති තහනම් කොට තිබේ. ආචාර්යවරුන්ගේ වැටුප් අරගලය ආරම්භ කරන අවස්ථාවේ දී විශ්වවිවිද්‍යාල ආචාර්යවරුන්ට ලබාදෙන වැටුප ප්‍රමාණවත් බවත් ඔවුන් රාජකාරි කරනුයේ මසකට පැය 08 ක් පමණක් බවත් මෙම හෙංචයියා ප්‍රකාශ කළේය.

පසුගියදා සරසවි සිසුන් තිදෙනෙකුට බොරු චෝදනා ඉදිරිපත් කළ මෙම උපකුලපතිවරයා, මිරිහාන පොලීසිය මගින් ඔවුන් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී උපකුලපතිවරයාට පිස්සුදැයි අධිකරණය විමසූ බවට මාධ්‍ය මගින් වාර්තා කර තිබිණ.