Saturday, June 18, 2011

අපේ අයිතිය වෙනුවෙන්. . .



අපේ අයිතිය වෙනුවෙන්. . .
June 17, 2011  
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය ඉදිරිපිට අද(17) පෙරවරුවේ විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වුණි. විශ්ව විද්‍යාලයේ සිදුකෙරෙන ශිෂ්‍ය මර්දන කටයුතුවලට විරෝධය පළකරමින් මෙම විරෝධතා ව්‍යාපාරය පැවති බව එම විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති පූජ්‍ය කඹුරුපිටියේ ඥානිස්සර හිමියන් සඳහන් කළේය. උසස් අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විශ්ව විද්‍යාලයේ පැවැත්වීමට නියමිතව තිබු මහපොළ ශිෂ්‍යත්ව ප්‍රදානෝසවයකට විරෝධය පළ කිරීම ද මෙහි තවත් එක් අරමුණක් වු බව එම හිමියන් කියා සිටියේය. විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් මෙන්ම ආචාර්යයවරුන් ද අදාළ උත්සවය වර්ජනය කරමින් විරෝධතාවයට එක්වූ බව ඥානිස්සර හිමියන් ප්‍රකාශ කළේය. එම විරෝධතා ව්‍යාපාරයෙහි අවස්ථාවන් ඉහතින් දැක්වේ. 

ඡායා -සංජීව ලසන්ත