Saturday, June 18, 2011

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය ගැටලූ විසදා ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය ආරක්‌ෂා කිරීමට බල කෙරෙන මහජන සම්මන්ත්‍රණය

Diavaina, 18/06/2011, මාතර - චන්ද්‍රදාස කොඩිතුවක්‌කු

රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල පටන් ගැනීමෙන් රටේ උසස්‌ අධ්‍යාපනයේ අර්බුද ඇතිවීම වළක්‌වන්න බෑ
රුහුණ විශ්වවිද්‍යාලයේ උද්හිද විද්‍යා අංශයේ මහාචාර්ය එල්. පී. ජයතිස්‌ස

සම්මන්ත්‍රණය

සැබෑ දේශප්‍රේමීන් නම් අධ්‍යාපනයට ආදරය කළ යුතුයි
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශාස්‌ත්‍ර පීඨයේ ආචාර්ය දඹර අමිල හිමි

නගන අවලාදවලට පිළිතුරු දෙන්න මාධ්‍ය නැති නිසා
අවනඩුව ගැන ජනතාවට කියනවා

මාතර - චන්ද්‍රදාස කොඩිතුවක්‌කු

මේ රටේ දේශප්‍රේමීන් නම් ඇත්ත වශයෙන්ම අධ්‍යාපනයට ආදරය කළ යුතුයි. රටක්‌ ඉදිරියට යන්න නම් දැනුම සහිත ක්‍රියාමාර්ගවලට යා යුතුයි. විශ්වවිද්‍යාල පාඨමාලා නූතන තාක්‌ෂණයට ගෙන්න අපි ජනාධිපතිතුමාට කියන්නේ මේ ප්‍රශ්නය හරියට තේරුම් ගන්නා ලෙසට යෑයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශාස්‌ත්‍ර පීඨයේ ආචාර්ය දඹර අමිල හිමියෝ මාතර දී පැවසූහ.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය ගැටලු විස¹ ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය ආරක්‌ෂා කිරීමට බල කෙරෙන මහජන සම්මන්ත්‍රණයකට සහභාගි වෙමින් අමිල හිමියෝ එසේ පැවසූහ.

රුහුණ විශ්වවිද්‍යාලයේ ආචාර්ය සංගම් එකමුතුව සංවිධානයෙන් මෙම සම්මන්ත්‍රණය මාතර සමුපකාර මන්දිර රැස්‌වීම් ශාලාවේ දී පැවැත් වූ අතර මෙහි මුලසුන විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයේ සභාපති සහ කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා දැරීය.

අපි දිගු ඉනිමකට ලැහැස්‌තියි අපි අපේ රට හදමු. ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය නංවාලීමට අපි අපේ අත්පා පමණක්‌ නොව ජීවිත පූජා කරන්න වුණත් සූදානම්. විශ්වවිද්‍යාල දැනුම බෙදා හරින ආයතන. ආගමටත් වඩා වටින්නේ දැනුම, ආගම බවට පත්විය යුත්තේ දැනුමයි. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සතියකට පැය 2 ක්‌ 3 ක්‌ උගන්වන අතරම උත්තර පත්‍ර පවා පරීක්‌ෂා කරනවා.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නවරත්න බණ්‌ඩාර මහතා - වසර 41 කට පසුව අපට ජනතාව ළඟට එන්න වෙලා. 1996 දී අපි මේ වගේ වෘත්තීය ක්‍රියා මාර්ගයක්‌ ගත්තා. මේ විදියට අපි රටට කීවේ නැහැ. එදා දේශපාලන නායකයින්ට නුවණ තිබුණා සුමාන දෙකක්‌ තුනක්‌ ඇතුළත සම්මුතියෙන් ප්‍රශ්න විස¹ ගත්තා.

වසර 40 කට පසුව අපි නැවතත් මොකද කරන්නේ අපේ පඩිය ලබාගන්න උදව් කරන්න කියලා නොවෙයි පඩි වැඩි කරන්න නොවෙයි කිව්වේ. පඩි ක්‍රමයක්‌ හදන්න කිව්වේ. උසස්‌ අධ්‍යාපන නායකයන් හැසිරෙන්නේ පුදුම කලබලයෙන් දඟලන්නේ. මම අංශ ප්‍රධානියා බවට පත් වීමට වසර 31 ක්‌ ගියා.

මගේ අංශයට පසුගිය වසරේ සත පහක්‌වත් ලැබුණේ නැහැ. මට ශිෂ්‍යයන් 669 ක්‌ ඉන්නවා සතියකට දේශන 30 ක්‌ පවත්වනවා. එක පරිගණකයයි එක ලැප්ටොප් එකයි තිබෙන්නේ. ලංකාවේ ලස්‌සනම විශ්වවිද්‍යාලය ඇතුළේ හපේ තමයි. අපි ඇවිල්ලා ඉන්නේ විශ්වවිද්‍යාලය බබලවන්නයි. විශ්වවිද්‍යාලයේ බැබලෙන්න නොවෙයි. අපේ විශ්වවිද්‍යාල රැකියාවට යන වැඩකාරයන් හදන තැනක්‌ නෙවෙයි. විශ්වවිද්‍යාල වහන්න අරින්න දේශපාලකයන්ට බලය දීල නැහැ. මේ රටේ උසස්‌ අධ්‍යාපනය රැක ගැනීම සඳහා රටේ බුද්ධිමය සංවර්ධනයක්‌ සඳහා අලුත් පනතකට මුල පුරන්න වෙලා තිබෙනවා. මේ රටේ ජාතික නිෂ්පාදනයෙන් සියයට 6 ක්‌ අධ්‍යාපනයට වෙන් කළ යුතුයි. අපි සටන් කරන්නේ අපේ පඩිය වැඩිකර ගන්න නොවෙයි. අපේ ආචාර්යවරු රැකගත යුතුයි. ගුරුවරයා තමයි ලෝකය පාලනය කරන්නේ. අද ඔවුන්ට ගහනවා. අපේ පුස්‌තකාලවල අවශ්‍ය පොත් නැහැ. අපට හරි හමන් පඩියක්‌ දෙනවා නම් අපි මුදල් දීලා පොත් ගෙනෙනවා.

රුහුණ විශ්වවිද්‍යාලයේ උද්හිද විද්‍යා අංශයේ මහාචාර්ය එල්. ජී. ජයතිස්‌ස මහතා - විශ්වවිද්‍යාලය තුළ නිදහස්‌ අධ්‍යාපනය තිබෙනවා. එය රැක ගත යුතුයි. රජය පෞද්ගලික විශ්වවිද්‍යාල ඇරඹීමට පිඹුරුපත් සකස්‌ කරනවා. පෞද්ගලික විශ්වවිද්‍යාල හතරක පමණ දැනට වැඩ ආරම්භවෙලා. තවත් ආයතන 15 ක්‌ පමණ උපාධිය ප්‍රදානය කිරීමට අයිතිය ඉල්ලා තිබෙනවා.

රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල කියලා පනතක්‌ ඉදිරියට එනවා. අපට ඒක තර්ජනයක්‌ වෙන්නේ නැහැ අවශ්‍ය පහසුකම් තිබෙනවා නම්. ඒත් හතර වටෙන්ම සුපර් මාකට්‌ ඉදිවෙන විට සිල්ලර කඩේට පැවැත්මක්‌ නැහැ.

2010 වසරේ අය වැයෙන් උසස්‌ අධ්‍යාපනයට වෙන්කොට තිබුණේ සියයට 2.1 යි. 2011 වෙන්කළේ සියයට 1.2 යි. යන්නේ කොහේද කියලා පැහැදිලියි අද වනවිට විශ්වවිද්‍යාලවලට ආචාර්යවරුන් බඳවා ගැනීම ප්‍රශ්නයක්‌. ඊටත් වඩා රඳවා ගැනීම ප්‍රශ්නයක්‌. වෛද්‍ය, ඉංජිනේරු ආයතනවල තත්ත්වය භයානකයි. රසායනික විද්‍යා අංශයේ ආචාර්යවරු 21 ක්‌ සිටිය යුතුයි. අදවන විට රසායනික අංශයේ හැරගිය ආචාර්යවරු ගණන 27 යි. ඉන් විස්‌සක්‌ම පිටරට ගියා. ඔවුන් ආවේ නැහැ. 4 දෙනෙක්‌ ඇවිත් වැඩකරලා ආපසු ගියා. සමස්‌ත විශ්වවිද්‍යාල පද්ධතියම අර්බුදයකට මුහුණපාලා.

පෞද්ගලික විශ්වවිද්‍යාල එනවිට සුපිරි යටිතල පහසුකම් ඇතිව ආරම්භ වෙනවා. එහි ඇතැම් පහසුකම් පිටරට විශ්වවිද්‍යාලවලත් නැහැ. ඊළඟට එන්නේ ආචාර්යවරුන්ගේ ප්‍රශ්නයයි. ඔවුන් පිටරටින් එන්නේ නැහැ. වැඩිබරක්‌ අදින්න වෙන්නේ ලංකාවේ අයට ඒවායේ දෙන සුපිරි ගෙවීම් එක්‌ක ඔවුන් යනවා. එවිට මේ විශ්වවිද්‍යාලවලට වෙන්නේ කුමක්‌ ද? ඇමැතිවරයා කියනවා සල්ලි හම්බ කරලා පඩි වැඩිකර ගන්න කියලා. අවසානයේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියට පෞද්ගලික විශ්වවිද්‍යාල හමුවේ කුමක්‌ ද වෙන්නේ. මෙය ආචාර්යවරුන්ගේ අරගලයක්‌ නොවෙයි. උසස්‌ අධ්‍යාපනය රැක ගැනීමේ අරගලයක්‌.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ කැඳවුම් කරු සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ උප සභාපති රුහුණු විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති ආචාර්ය කේ. කේ. එන්. යූ. අනුර කුමාර මහතා

ලංකා විශ්වවිද්‍යාල පද්ධතිය දැඩි අර්බුදයකට පත්වෙලා අපට නගන අවලාදවලට පිළිතුරු දෙන්න අපට මාධ්‍ය නැහැ. මේ අවනඩුව කියන්නවෙලා තිබෙන්නේ ජනතාවට. 1996 න් පසුව අපි කිසිම අරගලයක යෙදී නැහැ. අපට ප්‍රශ්න නැතෙයි කියලා ඉන් අදහස්‌ කරන්නේ නැහැ. අපි කිසිම අවස්‌ථාවක වෘත්තීය අරගලයකට ගියේ නැහැ. තමන්ගේ වැටුප අඩුකරදී නිහඬව සිටි වෘත්තීය සමිතියක්‌ තිබෙනවානම් එය විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය පමණයි.

අපට තිබෙන ප්‍රධාන ගැටලුව වන්නේ මනස ඒකග්‍රතාවයෙන් තබාගෙන අපේ දරුවන් ඉදිරියේ දේශන පවත්වන්නේ කෙසේ ද යන්නයි. මගේ දරුවාට පාසලක්‌ සොයා ගන්න බැරිනම් මගේ බුද්ධිය දරුවනට දයාද කරන්නේ කෙසේද?

විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා - ශිෂ්ඨ සමාජයක්‌ නිර්මාණය කරන එකයි විශ්වවිද්‍යාලය තුළින් කෙරෙන්නේ. විශ්වවිද්‍යාලවල තිබෙන ප්‍රධානම සම්පත තමයි ආචාර්යවරු. අපට අවශ්‍ය දාර්ශනිකයන් නැති සමාජයක්‌ද? අපේ අරගලය තුළ මතුවී තිබෙන්නේ. විශ්වවිද්‍යාල පිළිබඳ එකිනෙකට ප්‍රතිවිරුද්ධ ආකල්ප දෙකක්‌. මේ වගේ රටවල්වලට සම්භාව්‍ය විශ්වවිද්‍යාල ගැලපෙන්නේ නැහැ. ඒවාට වියදම් කරන එක අපේ රටවල්වලට දරන්න බැහැ. ඒ සංකල්පයට තමයි අපි අභියෝග කරන්නේ.

කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකාර පීඨයේ සහකාර ලේකම් ආචාර්ය ප්‍රභාත් ජයසිංහ, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ආචාර්ය මහීම් මෙන්ඩිස්‌, යාපනය විශ්වවිද්‍යාලයේ ආචාර්ය එස්‌. අරිවල්සහන්, මහාචාර්ය සුමනසිරි මව්වගේ, අධිනීතිඥ චJද්‍රකුමාර විජයගුණවර්ධන ඇතුළු කීප දෙනෙක්‌ම අදහස්‌ දැක්‌වූහ.