Monday, June 13, 2011

ශ්‍රේෂ්ඨාධිකරණය මෑතක දුන් තීන්දුවලින් මූලික අයිතිවාසිකම් ආරක‍ෂා කරමින් කලින් දී තිබූ අඩිතාලම දියාරු වීද? -ජයන්ත ධනපාල (ෆ්‍රයි ඩේ ෆෝරම්)

(ලංකා ඊ නිව්ස් -2011.ජුනි.13, ප.ව.2.00) 'කිවිදා හමුව' පුරවැසි කණ්ඩායම මෙම ප්‍රකාශය නිකුත් කරන්නේ ඉහත සඳහන් කාරණය සියලූම පුරවැසියන්ට අදාල යැයි අප විශ්වාසකරන හෙයින් ඒ පිළිබඳව ප්‍රජාතාන්ත්‍රික අයුරින් සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදීමේ බලාපොරොත්තුවෙනි. උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මෙම වැඩ සටහන හඳුන්වා දී ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශයේ නායකත්වය යටතේ යුද හමුදාමය වාතාවරණයකය. සිසුන් වෙත යවා ඇති ලිපියේ සඳහන් අයුරු ඔවුන්ට ජාතික විශ්ව විද්‍යාල පද්ධතියේ තැනක් ලැබීමට පුලූවන් අතර එවිට මෙම වැඩ සටහන සම්පූර්ණ කළ බවට සහතිකයක් ඉදිරිපත්කළ යුතුය. මෙයින් පෙනීයන්නේ මෙය අනිවාර්ය වැඩ සටහනක් බවය. මීට අදාලව ගොණුකර තිබූ පෙත්සම් සියල්ලම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කිසිදු හේතුවක් නොදක්වා නිෂ්ප්‍රභාකිරීම නිසා මෙම වැඩ සටහනේ අනුකූලතාව සහ එයින් විශ්ව විද්‍යාල පද්ධතියට ඇතිවන බලපෑම පිළිබඳව මහජන සංවාදයක් ඇතිකිරීමේ අවශ්‍යතාවය තවත් වැඩිවී ඇත. මෙම වැඩ සටහන සකස්කර ඇති ආකාරයත් එය ක්‍රියාත්මක කරන ආකාරයත් පිළිබඳව මෙන්ම නායක්තව පුහුණුව පිළිබඳ සංකල්පය විශ්ව විද්‍යාල පද්ධතියෙන් බැහැර කිරීම පිලිබඳවත් 'කිවිදා හමුවේ' බලවත් අවධානය යොමුවී ඇත.

පහත සඳහන් කාරණා පිළිබඳව අපි අවධානය යොමුකර සිටිමු:

උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් මෙම වැඩ සටහන 1978 අංක 16 දරණ විශ්ව විද්‍යාල (සංශෝධිත) පනතට පටහැනි අයුරු විශ්ව විද්‍යාල සහ විශ්ව විද්‍යාල සිසුන් වෙත බලහත්කාරයෙන් පැනවූවකි. 'විශ්ව විද්‍යාලයක බලතල' යන විෂය යටතේ මෙම පනතේ 7 වෙනි කොටස විශ්ව විද්‍යාල මණ්ඩලය (කවුන්සලය), සෙනට් සභාව සහ අංශ පිළිබඳ විස්තර කරයි. ශාස්ත්‍රීය කටයුතු පිළිබඳ බලය සතු සෙනට් සභාව ශාස්ත්‍රීය කටයුතු සම්බන්ධ වැඩ සටහන් ගැන තීරණ ගනී. පනතේ 20 වෙනි ඡේදය යටතේ මූල්‍ය කටයුතුල විශ්ව විද්‍යාල වලට සිසුන් ඇතුල් කිරීම සහ ඉගැන්වීමේ මාධ්‍යය මෙන්ම පරිපාලන කටයුතු සහ විශ්ව විද්‍යාල වල එදිනෙදා කටයුතු පිළිබඳව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට නිර්දේශ කිරීමට ඇමතිවරයාට ඇති බලය ඉතාමත් සීමිතය.
විශ්ව විද්‍යාල සිසුන්ට වැඩ සටහන් හෝ පාඨමාලා සකස්කර ක්‍රියාත්මක කිරීමට අමාත්‍යාංශයට නීත්‍යානුකූලව කිසිදු බලයක් නොමැත. එවන් කටයුතු වෙසෙසින්ම පැවරී ඇත්තේ විශ්ව විද්‍යාල ශාස්ත්‍රීය කටයුතු භාර බලධාරීන් වෙතය. මේ අනුවල එම බලධාරීන්ගේ අනුමැතිය නොමැතිව මෙවන් වැඩ සටහන් සකස්කර ක්‍රියාත්මක කිරීම පිළිගත් විශ්ව විද්‍යාල පාලන ක්‍රියා පටිපාටියන්ට පටහැනිය.
සිසුන් ඇතුල්කිරීමේ කාර්යය විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට පැවරී ඇතත් අධ්‍යාපන විෂය මාලා සහ වැඩ සටහන් පිළිබඳව විශ්ව විද්‍යාල වලින් උපදෙස් ලබා ගත යුතුය. මෙම වැඩ සටහන ඉදිරිපත් කිරීමේදී පෙනී යන්නේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම කොන්කර ඇති බව හෝ කොමිසම විශ්ව විද්‍යාල වලින් උපදෙස් ලබාගැනීම පැහැරහැර ඇති බවකි. විශ්ව විද්‍යාල නව ප්‍රවේශකයින්ට නායකත්ව පුහුණු වැඩ සටහනක් සකස්කිරීමේදී අදාළ විශ්ව විද්‍යාල බලධාරීන් කිසිදු අයුරකින් හවුල් කරවා නොගෙන එවැන්නක් සිදුකිරීම ඛෙහෙවින් කණස්සල්ලට හේතුවෙයි.
ජාතික විශ්ව විද්‍යාල පද්ධතියේ විශ්ව විද්‍යාල සිසුන්ට නායකත්ව පුහුණුවක් ලබාදීම ගැන අපගේ කිසිදු විරුද්ධත්වයක් නොමැත. සියලුම සිසුන්ට සිය ඉගෙනීම් කරගෙන යන කාලය මුලූල්ලේ ඔවුනගේ ජීවිතය හැඩගැස්වීමේ වැඩ සටහන් තිබිය යුතුය. කෙසේවුවදල එවන් වැඩ සටහන් විශ්ව විද්‍යාල මගින් සිය සම්මතයන් සහ අධ්‍යාපන මිනුම් මෙන්ම ශාස්ත්‍රීය ස්වාධීනත්වය ඇතිවන පරිදි සකස්කළ යුතුය. වෙනත් රටවල පවත්නා වැඩ සටහන් මෙන්ම මෙහිද නවක සිසුන්ට ඉංග්‍රීසි ඉගැන්වීම ඇතුලූ වෙනත් හුරුවීමේ වැඩ සටහන් දැනටමත් බොහෝ විශ්ව විද්‍යාල මගින් කරගෙන යනු ලැබේ. මෙම වැඩ සටහන් වඩාත් විධිමත් කිරීමට අමාත්‍යාංශයට පියවර ගත හැක.
ඇතැම් රටවල නිශ්චිත වයස් සීමාවක තරුණයින් හමුදා පුහුණුවක් ලැබිය යුතු වුවද වෙනත් කිසිදු රටක එවන් පුහුණුවක් විශ්ව විද්‍යාල වලට ඇතුල්වීම සඳහා අවශ්‍ය බැව් අප අසා නොමැත. හමුදා පුහුණුව වැන්නක් දක්නට ඇත්තේ විනය පාලනයක් යටතේය. විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් බලාපොරොත්තු වන්නේ ස්වාධීනව සිතන මතනල සාකච්ඡා සහ වාද විවාද පවත්වා කරුණු පැහැදිලි කරගන්නාල පරස්පර විරෝධී අදහස් සහ මතවාද වලට සැලකිල්ලක් දක්වන පිරිසක් ගොඩනැගීමය. හමුදාමය පුහුණුව ඊට ඉඳුරා වෙනස්ය.
විශ්ව විද්‍යාල යනු විෂය මාලාවන් අනුව උසස් අධ්‍යාපනයක් ලබන ස්ථානයක් පමණක් නොව විවේචනාත්මක කල්පනා ශක්තියක් ලබාදෙනල දැනුම සොයන ස්ථානයක් ද වේ. යුද හමුÞමය පුහුණුවක් මගින් ලබාදෙන විශ්‍රේෂ කුසලතා අගය කරන අතර හමුදාමය විනයක් අවශ්‍යවන්නේ හමුදාවටය. එසේ නැතිවල එය පසුකලෙක රටේ සංවර්ධනයේ හවුල්කරුවන්වීම සඳහා පෙළගැසෙන තරුණ පිරිසකට ලබා දිය යුතු නායකත්ව පුහුණුවක් නොවේ. පොදු රාජ්‍ය මණ්ඩලය පුරා විශ්ව විද්‍යාල වල පරිසරය ගොඩනැගී ඇත්තේ ශාස්ත්‍රීය නිදහස සහ විශ්ව විද්‍යාල ස්වාධීනත්වයට මුල් තැන දෙමිනි. මෙවන් සිද්ධාන්ත අද පවත්නා සංවර්ධනය පිළිබඳ අභියෝග වලට හෝ තොරතුරු තාක්ෂණයට යෝග්‍ය නොවන යල්පැනපු ඒවා ලෙස ගණන් නොගැනේ. යුද හමුදා පුහුණුව මත පැවැත්වෙන නායකත්ව කුසලතා සහ චර්යාවන් වලට අනුබලදීමල සියලූ විශ්ව විද්‍යාල වලින් සිදුවියයුතුයයි සැලකෙන ස්වාධීනව සිතීම සහ අදහස් පළකිරීම වැනි මූලික සිද්ධාන්ත ගොඩනැගීමේ කාර්යයට පරස්පර විරෝධී වෙයි.
1999 විශ්ව විද්‍යාල (සංශෝධන) පනත පිළිබඳව එවකට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවකුවූ ශිරාණි බණඩාරනායක මහත්මිය ඇතුලූ විනිසුරුවන් තිදෙනෙකු දුන් තීන්දුවක් අනුව ඉහත සඳහන් අගයන් සහ ඒවායේ අඩංගු සිසුන්ගේ මෙන්ම ආචාර්යවරුන්ගේ මූලික අයිතිවාසිකම් පිළිගෙන ඇත. විශ්ව විද්‍යාල අධ්‍යාපනයට සුදුසු වාතාවරණයක් ඇතිකළ හැකි මූලික අයිතිවාසිකම්ල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති බව තහවුරුවන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කෙරෙන මෙවන් තීන්දු මගිනි. 18 වෙනි සංශෝධනය අභියෝගයට ලක්කරමින් ඉදිරිපත් කෙරුණු නඩුල පළාත් පාලන පනත සහ විශ්‍රාම වැටුප් පනත මෙන්ම මෑතදී නායකත්ව වැඩ සටහනට එරෙහිව ඉදිරිපත් කෙරුණු පෙත්සම් ඉවත දැමීමෙන් මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරමින් කලින් කර තිබූ විනිශ්චයන් මගින් දැමුණු අඩිතාලම දියාරුවී යනු ඇතැයි පුරවැසියන් වන අප බලාපොරොත්තු කඩකර නොගත යුතුය.
අමාත්‍යාංශ නිලධාරීන් විසින් ප්‍රසිද්ධියේ කර ඇති ප්‍රකාශ අනුව දැනට ලබාදෙන හමුදාමය පුහුණුවෙන් පසු විශ්ව විද්‍යාල වලට ඇතුල්වන නවක සිසුන්ට නවක වදයට විරෝධය පෑමට හැකිවනු ඇත. නවක වදය නමැති සංස්කෘතිය දැන් විශ්ව විද්‍යාල සහ පාසැල්වල කාවැදී ඇත. 1998 දී හිටපු අධ්‍යාපන ඇමති රිචඩ් පතිරණ මහතා නවක වදය වැලැක්වීමේ පනතක් ඉදිරිපත් කෙළේය. සමහර විශ්ව විද්‍යාල සහ පීඨ මෙම පනත ක්‍රියාවේ යෙදවීමට පොලීසියට සහාය වෙති. එමෙන්ම අභ්‍යන්තර පරීක්ෂණ පැවැත්වෙන අතර නවක වදයට මුහුණදීමේ සහ වැළැක්වීමේ විවිධ ක්‍රියා මාර්ගයන් අනුගමනය කෙරේ. නව වැඩ සටහනින් සිදුවන්නේ නවක වදයට ආක්‍රමණික මුහුණුවරක්දීම විනා වැළැක්වීමට ප්‍රයත්නයක් දැරීම නොවේ. මෙයින් නවක වදය සමනය කිරීමට විශ්ව විද්‍යාල ගන්නා වෑයම වෙනුවට ශිෂ්‍ය කණ්ඩායම් අතර ගැටුම්කාරී තත්ත්වයන් ඇතිකිරීමට තුඩුදිය හැක.
'කිවිදා හමුව' බෙහෙවින් වෙරදරා ලබාගත් 'නායකත්ව හැකියාව හා ධනාත්මක ආකල්ප වර්ධනය' පිළිබඳ පාඨමාලාවේ අතිශයින් ගැටලූ සහගත කාරණා දක්නට ඇත. පාඨමාලාව සකස්කළ කිසිවකුගේ නමක් සදහන් නොවූවත් ආරක්ෂක ලේකම්වරයාගේ ඡායාරූපයට කවරයේ ප්‍රමුඛත්වය දීමෙන් හැ‍ඟෙන්නේ එය ආරක්ෂක සංවිධානය විසින් සකස්කරන ලද්දක් බවයි. එහි ප්‍රධානතම යොමුව හමුදාමය ක්‍රියාවලියක් මගින් විනය සහ ස්ව-විශ්වාසය ඇතිකිරීමයි. මීට විනාඩි 45 ක කාලයක් තුළ නිමකළ යුතු කිලෝමීටර් පහක පා ගමනක් ද අයත්වේ. ශාරීරික හැකියාව ඇතිව හෝ නැතිව ඊට සහභාගිවිය යුතුය. මෙම සිසුන් ඉගෙනුම ලබා ඇති පාසැල් වල ක්‍රීඩා සහ ශාරීරික අභ්‍යාස පුහුණුව සඳහා එක හා සමාන පහසුකම් නොමැතිබව මෙහිදී අමතක නොකළ යුතුය.
වඩාත් ගැටලූ සහගත අංශ ඇත්තේ ඉතිහාසය සහ ජාතික උරුමයන් විෂය යටතේය. එහි දේශණ පැවැත්වෙන්නේ ආර්යයන්ගේ පැමිණීමල විදේශ ආක්‍රමණ (කිනම් විදේශිකයන්දැයි හඳුණා නැත) සහ සිංහල රාජධානි පිහිටවුණු ආකාරයයි. ජාතික උරුමයන් පිළිබඳ පූර්ණ අවධානය සීගිරිය, දළදා මාළිගාව, අවුකන පිළමය වැනි සිංහලයින් සංකේතවත් කරන ප්‍රසිද්ධ සංස්ක‍ෘතික ස්ථානයන්ය. වෙනත් කිසිදු ජන කොට්ඨාසයකට අදාළ කිසිදු ස්ථානයක් ගැන සඳහනක් නොමැත. තිස් වසරක අරගලයකින් පසු ජාතික සමගියක් ඇතිකිරීමේ අවශ්‍යතාවය ගැන නිල ප්‍රකාශ නිකුත් කෙරෙද්දී අනාගත නායකයින් ලෙස පන්නරයක් ලබන නව විශ්ව විද්‍යාල සිසුන්ට සංඛ්‍යාමය වශයෙන් වැඩි ජන කොට්ඨාසයට සීමාවූ කරුණු පමණක් අඩංගු විෂය මාලාවකින් කරුණු කියාදීමෙන් නිල වශයෙන් පිළිගෙන ඇති ජාතික සමගිය ගොඩනැගීමේ කාර්යය බිඳ වැටේ. ජාතික සමගිය ගොඩනැගීමේ නිල වශයෙන් පිළිගත් ක්‍රියා මාර්ගය මෙය නම්ල මෙරට අරගලවලින් මිදුණු සාමකාමී අනාගතයක් බලාපොරාත්තු විය හැකිදරෑ
සමස්තයක් වශයෙන් විෂය මාලාව මගින් ප්‍රතිවිරුද්ධ මතවලට ඇහුම්කන්දීම හෝ අප රටේ පවත්නා බහුත්වවාදය හා විවිධත්වයට ගරුකිරීමට උනන්දු නොකෙරේ. නායකත්වයේ ආදර්ශය විය යුත්තේ හමුදාමය විනයත්, වැඩි ජන කොට්ඨාසයට බරවූ ජාතික උරුමයන් සහ ඉතිහාසය පිළිබඳ කරුණු කාරණා බවත් උලූප්පා දක්වන බව පෙනේ. ලොව පිළිගත් නායකයින් පිළිබඳව පැවැත්වෙන සාමූහික ඉදිරිපත්කිරීමක් සඳහා මහාත්මා ගාන්ධි තුමා, දුටුගැමුණු රජතුමා, අනගාරික ධර්මපාල තුමා, මහින්ද රාජපක්ෂ මැතිතුමා, ජවහර්ලාල් නේරු තුමා, වීර පුරන් අප්පු නිළමේ සහ රණසිංහ ප්‍රේමදාස මැතිතුමා තෝරාගැනීම ද සැලකිල්ලට භාජනය විය යුත්තකි.
1978 විශ්ව විද්‍යාල පනතේ උසස් අධ්‍යාපන ක්‍රමවේදයට අයත් විද්වතුන් සහ ශාස්ත්‍රීය බලධාරීන්ගේ ස්වාධීනත්වය පිළිගන්නාමෙන් අපි උසස් අධ්‍යාපන ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිමු. ඔහු මෙවන් අත්තනෝමතික තීරණ විශ්ව විද්‍යාල පද්ධතිය වෙත ඉදිරිපත් කර ක්‍රියාත්මක කිරීමට බල නොකරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. පීඨ පාලන මණ්ඩල, සෙනට් සභා සහ විශ්ව විද්‍යාල මණ්ඩල වැනි සංවිධාන වල වගකිවයුතු සාමාජිකයින් වශයෙන් ශාස්ත්‍රීය කටයුතු වල ස්වාධීනත්වය සහ විශ්ව විද්‍යාල පද්ධතියේ අවංකභාවය ආරක්ෂා කිරීම ආචාර්යවරුන්ගේ සහ පාලකයින්ගේ වගකීම බව පෙන්වාදීමට කැමැත්තෙමු. විශ්ව විද්‍යාල පද්ධතියේ ස්වාධීනත්වයට එල්ලවන පහරවල් වළකා ගැනීමට නම් ඔවුන්ගේ සෟජූ සහභාගිත්වය අවශ්‍යය. අපට අවශ්‍ය වන්නේ මෙතෙක් සාධාරණත්වය මත උසස් අධ්‍යාපන පහසුකම් සැලසූ ආයතන වශයෙන් ඉදිරියටත් ඉමහත් අභියෝග වලට මුහුණපාමින් වුවද උසස් මට්ටමින් අධ්‍යාපන කටයුතු කරගෙනයෑමට අවකාශ සලසන රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියකි. විශ්ව විද්‍යාල වලට අහිතකර ලෙස බලපාන ප්‍රවණතාවන් නවතාදමීය නොහැකිවුවහොත් ශ්‍රී ලංකාව ආසියාවේ 'දැනුම් නාභිය' වනු ඇත්තේ රාජ්‍ය සහ පෞද්ගලික අංශ වල සමානාත්මක සම්මිශ්‍රණයකින් නොව දශක ගණනාවක් මුලූල්ලේ ගොඩනගාගත් ඉතා වටිනා රාජ්‍ය අධ්‍යාපන පද්ධතිය පෞද්ගලීකරණය කිරීමෙනි.

ජයන්ත ධනපාල සහ සාවිත්‍රි ගුණසේකර ('කිවිදා හමුව' වෙනුවෙන්)