Monday, June 13, 2011

සරසවි ඇදුරෝ මාතරදී ජනතාව අමතති


 

(ලංකා ඊ නිව්ස් -2011.ජුනි.13ල පෙ.ව.1.00) සරසවි ඇදුරු වැටුප් ප්‍රශ්ණය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරන ජාතික විශ්ව විද්‍යාල පද්ධතිය ආරක‍ෂා කරමු මැයෙන් සම්මන්ත්‍රණයක් අද (13) සවස 4.00 ට මාතර දුම්රිය පොල ඉදිරිපිට පිහිටි සමුපකාර මන්දිරයේදී පැවැත්වේ. මෙය සංවිධානය කරන්නේ රුහුණු සරසවි ආචාර්ය සංගම් එකමුතුව විසිනි.

මෙම සම්මන්ත්‍රණයේදී පේරාදෙණිය සරසවියේ මහාචාර්ය පූජ්‍යපාද හඟුරන්කෙත ධීරානන්ද හිමි, මහාචාර්ය නවරත්න බණ්ඩාර, මහාචාර්ය සුමනසිරි ලියනගේ, රුහුණු සරසවියේ මහාචාර්ය එල්.පී. ජයතිස්ස, සරසවි වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති කොළඹ සරසවියේ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි, එම සම්මේලනයේ උප සභාපති ජයවර්ධනපුර සරසවියේ ආචාර්ය පූජ්‍ය දඹර අමිල හිමි, කොළඹ සරසවියේ ආචාර්ය ප්‍රභාත් ජයසිංහල විවෘත විශ්ව විද්‍යාලයේ ආචාර්ය මහීම් මෙන්ඩිස්, යාපනය සරසවියේ ආචාර්ය සෙනගරපිල්ලේ අරිවල්සහන්, අධිනිතීඥ චන්ද්‍රකුමාර විජයගුණවර්ධන ආදී වියත්හු ජනතාව අමතති. රුහුණු සරසවියේ මහාචාර්ය සුමනසිරි වාව්වගේ මහතා මූලාසනය හොබවනු ඇත.

මෙම සම්මන්ත්‍රණය සජීවීව අන්තර් ජාලය හරහා විකාශය කෙරෙන අතර යූටීචර්ස් බ්ලොග්ස්පොට් ඩොට් කොම් බ්ලොග් අඩවියට පිවිසීමෙන් නැරඹිය හැක.