Wednesday, June 22, 2011

සරසවි ඇදුරෝ පාරට බසිති

සිරස පුවත්

ජුනි.21- විශ්වවද්‍යාල ආචාර්ය සමති සම්මේලනය සංවිධානය කළ විරෝධතා පා ගමනක් අද කොළඹදී පැවැත් විය.

අද පස්වරුවේ කොළඹ විශ්වවිද්‍යාලය ඉදිරිපිටින් ආරම්භ වු විරෝධත පා ගමන මහජන පුස්තකාලය දක්වා ගමන් කළේය.

සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ආචාර්ය සංගමය ද එම විශ්වවිද්‍යාලය ඉදිරපිටින් මෙම පා ගමනට එක්විය.

පා ගමන අවසානයේ කොළඹ මහජන පුස්තකාලයට එක් වු පිරිස එහිදී සම්මන්ත්‍රණයක් පැවැත්වීය.

සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර අදාළ සම්මන්ත්‍රණයේදී මෙසේ අදහස් පළ කළේය.

"සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරයා විශ්වවිද්‍යාලය අපිට පාවා දෙමින් ප්‍රකාශ නිකුත් කළා. විශ්විද්‍යාලයේ කිසිවකු මේ සටනේ නැහැ 
කියලා. අද අපි කියනවා විශ්වවිද්‍යාලයේ පීඪ තුනක් තියෙනවා. කලා ආචාර්ය සංගමය, සංගීත ආචාර්ය සංගමය, මේකට බද්ධ වෙලා ඉන්නවා. අපි ඔක්කොම මේ සටනේ ඉන්නවා. විශ්වවිද්‍යාල 15ම මේ සටනේ ඉන්නවා"