Friday, May 27, 2011

සරසවි ආචාර්යවරුන්ගේ වැටුප් වැඩිවීමක්‌ එක රැයකින් අයවැය ලේඛනයකින් කළ නොහැකියි උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක

Divaina, 27/05/2011

කුෂාන් සුබසිංහ, අජිත් අලහකෝන්

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට වැටුප් වැඩිවීමක්‌ ලබාදිය යුතු බව ආණ්‌ඩුව ප්‍රතිපත්තියක්‌ ලෙස පිළිගන්නා නමුත් එක රැයකින් හෝ එක අයවැය ලේඛනයකින් එය කළ නොහැකි බව උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක මහතා ඊයේ (26 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධාන මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් එස්‌. බී. දිසානායක මහතා මෙසේද කීය.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ගැටලුව පිළිබඳ නිලධාරීන් සමග 03 වැනිදා සාකච්ඡා කිරීමට නියමිතයි. ආචාර්යවරුන්ගේ වැටුප් වැඩිවීමක්‌ ගැන අපි පිළිගන්නවා.

විශ්වවිද්‍යාලවල ආචාර්යවරු 35% යි තනතුරුවලින් ඉවත්ව සිටින්නේ. නිරිතදිග, වෛද්‍ය පීඨ කිසිවක ඉල්ලා අස්‌වී නෑ. ආයුර්වේද මණ්‌ඩලයේ ආචාර්යවරු ඉල්ලා අස්‌වීම යළි ඉවත් කර ගත්තා. පේරාදෙණිය හා රුහුණේ සියයට පනහකට වඩා මේ ප්‍රශ්නය තිබෙනවා.

අපේ රටේ භාණ්‌ඩාගාරයෙන් වැටුප් ලබන ඉහළ නිලධාරියා අමාත්‍යාංශ ලේකම්වරු. එA අයගේ වැටුප් 55,000 - 45,000 අතර තියෙන්නේ. එAත් ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන්ට රුපියල් 85,000 ක්‌ වැටුප් දෙනවා.

ආචාර්යවරුන්ගේ වැටුප 72,000 සිට ලක්‍ෂ දෙක දක්‌වා ඉහළ යායුතුය යන තැන මම අදත් ඉන්නවා. විශ්වවිද්‍යාලවලට සියයට 5 ක්‌ විදේශ දරුවෝ ගන්න කීවේ ජාත්‍යන්තර තලයට එA විශ්වවිද්‍යාල ගැනීමටයි.

අද විශ්වවිද්‍යාල තත්ත්වයෙන් පහළ බාහිර උසස්‌ පාඨමාලා දෙනවා වෙනුවට අනුබද්ධ ආයතන හදලා හොඳ උපාධියක්‌ දෙන්න පුළුවන්. උපදේශන සේවා දිය හැකියි. පශ්චාත් උපාධි ආයතන අරඹන්න පුළුවන්. මේ මගින් අමතර ආදායමක්‌ ලබාගත හැකියි. සියට සීයක්‌ මහාභාණ්‌ඩාගාරයෙන් යෑපෙන මට්‌ටමෙන් විශ්වවිද්‍යාල මිදිය යුතුයි. මිලියන 140 ක්‌ ගෙවලා විශ්වවිද්‍යාල සියල්ල පරිගණකගත කරන්න අපි කටයුතු කළා.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට අනෙක්‌ රජයේ සේවකයන්ට වඩා වරප්‍රසාද තියෙනවා. වයස අවුරුදු 65 දක්‌වා සේවය කළ හැකියි. සමහරු සප්ත වාර්ෂික නිවාඩු අරගෙන විදේශගත වෙනවා.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් වැඩි කළ යුතුයි. 36.25% ක්‌ අයවැයේදී ඔවුන්ගේ දීමනා අලුතෙන් ආවා. පර්යේෂණ ව්‍යාපෘති කරන ආචාර්යවරුන්ට 25% ක දීමනාවක්‌ ගත හැකියි. දැනට ආචාර්යවරු 80% ක්‌ එලෙස අරගෙන තිබෙනවා. අමාත්‍යාංශ ලේකම්වරයාට මේ අයවැයෙන් වැඩිවී තිබෙන්නේ 2,800 යි.

ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයකුට 25,124.34 යි ඉහළ තලයේ අයකුටත්, මහාචාර්යවරයකුට රුපියල් 19,053 කුත් වැටුප් වැඩි වුණා. කථිකාචාර්යවරයකුට රුපියල් 12,725 ක වැඩිවීමක්‌, ආධුනික කථිකාචාර්යවරයකුට රුපියල් 12,425 ක්‌ වැටුප් වැඩි කළා. මේ අය බාහිර උපාධිය උගන්වලා පැයකට රුපියල් 1,000 ක්‌ ලබාගන්නවා. විභාග කටයුතුවල යෙදුනාම වසරකට රුපියල් ලක්‍ෂයක්‌ විතර උපයා ගන්නවා.

මේ අයවැයෙන් රජයේ සේවකයන්ට වැටුප් වැඩිවීමක්‌ දුන්නේ නෑ. එAත් 36.25% ක්‌ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට වැඩි කර තිබෙනවා. සියයට 140 කට නොවේ සියයට 240 ක්‌ දක්‌වා ආචාර්යවරුන්ගේ වැටුප් ගෙන යන්න පුළුවන්. අපි ආචාර්යවරුන්ගේ වැටුප් වැඩි කළ යුතුය යන ප්‍රතිපත්තියේ ඉන්නවා.

විශ්වවිද්‍යාල සිසුන්ට දෙන්නේ හමුදා පුහුණුවක්‌ නොවේ. හැම කඳවුරකම දෙමව්පියෝ දෙතුන් දෙනකුට ඉන්න ඉඩ දුන්නා. අම්මලා තාත්තලා ඕන නෑ කීවා. ඒ ළමයින් ඉන්නේ සතුටින්.

ලබන වසරේ කිසිම විශ්වවිද්‍යාලයක කිසිම දරුවකුට කිසිම නවක වදයක්‌ දෙන්න මම ඉඩ තියන්නේ නැහැ. නවකවදය දුන්නොත් එA වෙලාවෙම එA සිසුන් ඉවත් කරනවා. විශ්වවිද්‍යාල වහලා හරි මෙය නතර කරනවා. විශ්වවිද්‍යාල ළමයකුට ඉංගී්‍රසියෙන් කතා කරන්න දෙන්නේ නෑ. දේශනයකට යන්න දෙන්නේ නැහැ. මේ දරුවන්ගේ කාමරයට ගිහින් බලන්න... පිස්‌සන්කොටු වගේ. ක්‍රීඩාවට එන්නේ නැහැ. ව්‍යායාම් කරන්නේ නැහැ. මේ සිසුන්ට දේශන දෙන්නේ මනෝ විද්‍යාඥයන්. මේක කරන්නේ දරුවන්ගේ ශාරීරික යෝග්‍යතාව හා මානසික එAකාග්‍රතාව ඇති කරන්නයි. මේ පුහුණුවෙන් පසුව මේ දරුවාට ගමේ මාස තුනක්‌ තොරතුරු තාක්‍ෂණය හා ඉංගී්‍රසි පුහුණුව ලබාදෙනවා. මේ දරුවෝ එන්නේ කැමැත්තෙන්.