Saturday, May 28, 2011

නාගසේනගේ දේශපාලන ලිපියෙන්

Extracted from: Divaina, 29/05/2011, නාගසේන


.........

පසුගිය සතියේ ජනාධිපති මහින්ද විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ප්‍රශ්නය ගැන ද කතා කළේය. ඒ සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයෙන් මෙන්ම ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ ආචාර්යවරුන්ගේ සංගමයෙන් ද නියෝජිතයෝ වෙන වෙනම හමුවූයේය.

ජනාධිපති මහින්දගේ ස්‌ථාවරය වී තිබුණේ 200% ක පඩි වැඩිවීමක්‌ ලෙස ආචාර්යවරුන්ගේ සංගමය ඉල්ලන ඉල්ලීම අසාධාරණ, කළ නොහැකි ඉල්ලීමක්‌ බවය. මෙය කල්තියා ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබිණි.

මේ ගැන කතාබහ කිරීමට මුලින්ම ගෙන්වා තිබුණේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ ආචාර්යවරුන්ගේ සංගමයේ පිරිසයි. එම සාකච්ඡාව ඉකුත් 23 වැනිදා අරලියගහ මැඳුරේදී පැවැති අතර ආචාර්ය සමිති සම්මේලනයේ නිලධාරීන් සමඟ ප්‍රශ්නය ගැන හරි හරියට කතා කළේ 25 වැනිදාය.

මුලින්ම ප්‍රශ්නය ගැන ජනාධිපතිවරයා ඔහුගේ ස්‌ථාවරය පැහැදිලි කළේය. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට ප්‍රශ්නයක්‌ ඇති බව පිළිගත් ජනාධිපතිවරයා කීවේ ෂර්ලොක්‌ගේ යෝජනාව බඳු ඉල්ලීම් නොකර විය යුතු, කළයුතු, කළ හැකි ඉල්ලීම් ඉදිරිපත් කරන ලෙසය.

මේ අතරතුර ආචාර්ය පී. බී. ජයසුන්දර, පවර් පොයින්ට්‌ ආධාර කරගෙන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් හා වරප්‍රසාද පිළිබඳ ලොකු දේශනයක්‌ කළේය. ඔහු ඉන් කීවේ අමාත්‍යාංශ ලේකම්වරු මට්‌ටමේ නිලධාරීන්ටත් වඩා වැඩි ප්‍රතිලාභ විශ්වවිද්‍යාල ආචාර්යවරු ලබන බවය.

සුමනසිරි ලියනගේ ආචාර්යවරයා කතා කරමින් එවිට පෙන්වා දුන්නේ විශ්වවිද්‍යාල ආචාර්යවරු අමාත්‍යාංශ ලේකම්වරු මට්‌ටමේ ලා සංසන්දනය කිරීම අසාධාරණ බවය. ඔවුන් හා සංසන්දනය කළ හැක්‌කේ මහ බැංකුවේ උසස්‌ නිලධාරීන් බව හේ පෙන්වා දුන්නේය.

මේ සියල්ල සාවධානව අසා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට ප්‍රශ්නයක්‌ ඇති බව පිළිගත් ජනාධිපතිවරයා අවසානයේ කීවේ මේ ප්‍රශ්නයට දෙපැත්තටම ජයග්‍රහණය හිමිවන මට්‌ටමේ විසඳුමක්‌ අවශ්‍ය බවය. ඒ සඳහා රජයේ උසස්‌ නිලධාරීන්ට හා ආචාර්යවරුන්ට වගකීම් භාරදී ඔහු වෙනත් කටයුත්තක්‌ සඳහා පිටත්ව ගියේය.

.....

Read the rest at - http://www.divaina.com/2011/05/29/politics02.html