Saturday, May 14, 2011

"බාහිර උපාධිකාරයො මහ කාලකන්ණි ", ඔවුන් රටටම බරක් - එස්.බී.

Ada Derana Video, 14/05/2011



Sri Lanka Guardian, 14/05/2011, හර්ෂි සි. පෙරේරා

මහනුවර පැවති උත්සවයකට සහභාගී වූ උසස් අධ්‍යාපන ඇමති එස්.බී දිසානායක බාහිර උපාධිධාරීන් රටටම බරක් යයි පැවසුවේ මෙසේය

‘විශ්ව විද්‍යාල තුළින් බිහිවිය යුත්තේ ‘ක‍්‍රීම් ඔෆ් ද ක‍්‍රීම්’ දරුවන්. අසාර්ථක කාලකණ්ණි දරුවන් බිහිකරන එක ඉදිරියට නතර කරන්න ඕනෑ. බාහිර උපාධි කාරයෝ අද රටට ගමට පවුලට මහ බරක්...සමහර ආචාර්යවරු සතියකටම බාහිර උපාධි ප‍්‍රශ්න පත්තර අටදාහක් නව දාහක් උඩ දාල බලනව. සමහරුන්ට රැකියා දෙන්න යනකොට ඒ අයට සාපෙළ නෑ ඒත් උපාධියක් තියනව. සා.පෙළ ගණිතයවත් නැති කෙනෙකුට කොහොමද රැකියාවක් දෙන්නේ...අපේ අරමුණ පාරවල් අයිනෙ හිටගෙන ඉන්නැති උපාධිධාරීන් බිහිකරන එකයි..’

එස්. බි ගේ වාචාල කට ගැන අප පුදුමයට පත් නොවෙමු. අදිකරණය ගැන කතා කොට ඔහු පස්ස බිම ඇනගත් හැටිද අපට මතකය.

අද්දයාපනය අයිතියකි. එය මිනිසාට මිය යන තුරු ඉගෙන ගැනීමට අවකාශය ලබාදෙයි. ඉගෙන ගැනීම තමන් ඉදිරියට කරගෙන යනවද නැද්ද තීරණය කිරීමේ මුලික මානව හිමිකමද මිනිසාට ඇත. රජය කල යුත්තේ අවශ්‍ය අවකාශය ලබාදීමය.

නමුත් එහිදී රැකියාව සහ ඉගෙනීම පටලවා ගත යුතු නැත. මෙදෙක අතර සම්බන්දයක් ගොඩ නැගීම නිසා අද ප්‍රශ්න ඇති වී ඇත. එයට විසදුම බාහිර උපාදී නැති කිරීම නොවෙයි.

සමහරු වැඩිදුර ඉගෙන ගැනීම තීරණය කරන්නේ ඇතැම් විට පසු කාලයේදීය. මෙයට ක්‍රීඩා ආදී බාහිර වැඩ වලට යොමුවීම නිසා තරග කාරී උසස් පෙළ සමත්වී විශ්ව විද්‍යාල ප්‍රවේශය ලබගැනීමට අපහසුවීම බලපායි. ආර්ථික අපහසුතා තියෙන සිසුන් රැකියාවක් කර මුදල් ඉපැයීමෙන් අනතුරුව වැඩිදුර ඉගෙනීමට අවකාශය සලසා ගනී.

එස්. බි ට අද්දයාපනය ගැන කුහකත්වයක් නොමැති නම් කලයුත්තේ බාහිර උපාදී අවස්ථා වැඩි කර, විවුර්ත විශ්ව විද්‍යාල දියුණු කිරීම සහ නීති විද්‍යාල ප්‍රවේශ විබාගයේ වයස් සීමාව ඉවත් කිරීමය.