Saturday, May 14, 2011

රාජ්‍ය සංස්‌ථා, මණ්‌ඩල රාජ්‍ය බැංකු සමාගම්වල අධ්‍යක්‍ෂ මණ්‌ඩලයේ දීමනා වැඩිකරයි

Futa Blog, 13/05/2011
ශ්‍යාම් නුවන් ගනේවත්ත

මැයි මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය සංස්‌ථා, මණ්‌ඩල, ව්‍යවස්‌ථාපිත ආයතන, රාජ්‍ය බැංකු සහ රාජ්‍ය සමාගම්වල සභාපතිවරුන්ගේ සහ අධ්‍යක්‍ෂ මණ්‌ඩල සාමාජිකයන්ගේ මාසික දීමනා රජය විසින් වැඩි කරනු ලැබ ඇත.

එසේම එකී ආයතනවල අධ්‍යක්‍ෂ මණ්‌ඩල රැස්‌වීම්වලට සහභාගි වීම වෙනුවෙන් ගෙවන ගාස්‌තු ද රජය විසින් වැඩිකර තිබේ.

මෙම දීමනා සහ ගාස්‌තු වැඩිකිරීමට අදාළ චක්‍රලේඛනය මහ භාණ්‌ඩාගාර ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතාගේ අත්සනින් යුතුව ඉකුත් අප්‍රේල් 29 වැනිදා සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්, රාජ්‍ය සංස්‌ථා, මණ්‌ඩල, රජයේ ව්‍යවස්‌ථාපිත ආයතන, රාජ්‍ය බැංකු සහ රාජ්‍ය සමාගම්වල සභාපතිවරුන් වෙත යවා තිබේ.

එම චක්‍රලේඛයේ සඳහන් පරිදි මෙකී සියලු ආයතන ඒ. බී. සී. ඩී. සහ ඊ වශයෙන් කාණ්‌ඩ 5 කට වර්ගීකරණයකට ලක්‌කර ඇති අතර මින් ඒ ශ්‍රේණියේ රාජ්‍ය ආයතනයක සභාපතිවරයකුගේ මාසික දීමනාව රු. 90, 000 දක්‌වාද විධායක අධ්‍යක්‍ෂ / ක්‍රියාකාරී අධ්‍යක්‍ෂවරයෙකුගේ මාසික දීමනාව රු. 10,000 දක්‌වාද ඉහළ නංවා තිබේ.

එසේම එකී ආයතනවල විධායක නොවන අධ්‍යක්‍ෂවරුන්ට නිරීක්‍ෂකයන්ට අධ්‍යක්‍ෂ මණ්‌ඩල රැස්‌වීම් වාරයක්‌ වෙනුවෙන් ගෙවන ගාස්‌තුව රු. 10,000 දක්‌වා ද වැඩිකර ඇත.

එසේම ඉහත සඳහන් බී. ශ්‍රේණියේ රාජ්‍ය ආයතනයක සභාපතිවරයකුගේ මාසික දීමනාව රු. 70,000 දක්‌වා ද විධායක අධ්‍යක්‍ෂ / ක්‍රියාකාරී අධ්‍යක්‍ෂවරුන්ගේ මාසික දීමනාව රු. 55,000 දක්‌වාද වැඩි කර ඇති අතර මාසික අධ්‍යක්‍ෂ මණ්‌ඩල රැස්‌වීම් වාරයක්‌ වෙනුවෙන් විධායක නොවන අධ්‍යක්‍ෂවරුන්ට හෝ නිරීක්‍ෂකයන්ට ගෙවන ගාස්‌තුව රු. 7,500 දක්‌වා ද වැඩි කර තිබේ.

සී - ශ්‍රේණියේ රාජ්‍ය ආයතන සභාපතිවරයකුගේ මාසික දීමනාව රු. 60,000 දක්‌වාද, විධායක අධ්‍යක්‍ෂ / ක්‍රියාකාරී අධ්‍යක්‍ෂවරුන්ගේ මාසික දීමනාව රු.45,000 දක්‌වාද වැඩි කර ඇති අතර එම ආයතනවල මාසික රැස්‌වීම් වාරයක්‌ වෙනුවෙන් විධායක නොවන අධ්‍යක්‍ෂවරුන්ට හෝ නිරීක්‍ෂකයන්ට ගෙවන ගාස්‌තුව රු. 6,000 දක්‌වාද වැඩි කර තිබේ.

මහාභාණ්‌ඩාගාරයේ ප්‍රතිපාදන මත ක්‍රියාත්මක වන ඩී ශ්‍රේණියේ රාජ්‍ය ආයතනවල සභාපතිවරයකුගේ මාසික දීමනාව රු. 50,00 දක්‌වා ද විධායක අධ්‍යක්‍ෂ / ක්‍රියාකාරී අධ්‍යක්‍ෂවරයකුගේ මාසික දීමනාව රු. 40,000 දක්‌වා ද වැඩි කර ඇති අතර එම ආයතනවල අධ්‍යක්‍ෂ මණ්‌ඩල රැස්‌වීම් වාරයක්‌ වෙනුවෙන් විධායක නොවන අධ්‍යක්‍ෂවරුන්ට හෝ නිරීක්‍ෂකයන්ට ගෙවන ගාස්‌තුව රු. 5,000 දක්‌වා ද වැඩිකර තිබේ.

මේ අතර ඊ ශ්‍රේණියේ රාජ්‍ය ආයතනයක සභාපතිවරයකුගේ මාසික දීමනාව රු. 75,000 දක්‌වා සහ විධායක අධ්‍යක්‍ෂ / ක්‍රියාකාරී අධ්‍යක්‍ෂවරයෙකුගේ මාසික දීමනාව රු. 60,000 දක්‌වා ද වැඩිකර ඇති අතර එම ආයතනවල මාසික අධ්‍යක්‍ෂ මණ්‌ඩල රැස්‌වීම් වාරයක්‌ වෙනුවෙන් විධායක නොවන අධ්‍යක්‍ෂවරුන්ට හෝ නිරීක්‌ෂකයන්ට ගෙවන ගාස්‌තුව රු. 7,500 දක්‌වාද ඉහළ නංවනු ලැබ ඇත.

මීට පෙර 2003 ජනවාරි 01 දින නිකුත් කර තිබූ චක්‍රලේඛයට අනුව මෙම රාජ්‍ය ආයතන ඒ. බී. සහ සී වශයෙන් කාණ්‌ඩ තුනකට වර්න කර තිබූ අතර එම ආයතනවල සභාපතිවරුන්ට පැවැති මාසික දීමනාව පිළිවෙළින් (ඒ බී සහ සී සඳහා) 6,40,00, රු. 35,000 සහ 30,00 ක්‌ වූ අතර විධායක අධ්‍යක්‍ෂ / ක්‍රියාකාරී අධ්‍යක්‍ෂවරයකුගේ මාසික දීමනාව පිළිවෙළින් රු. 30,000, රු. 25,000 සහ රු. 20,000 ක්‌ විය.

නව චක්‍රලේඛයට අනුව රාජ්‍ය ආයතන එකකට වැඩි ගණනක සභාපතිධුර දරන්නන්ට එක්‌ සභාපතිවරයකුගේ දීමනාවක්‌ සහ අනික්‌ සංස්‌ථාවක සභාපති දීමනාවෙන් අඩක්‌ ද හිමි වෙයි.