Wednesday, May 25, 2011

උපකුලපතිවරු ප්‍රතිපාදන කොමිසමේ චක්‍රලේඛය නොසලකා ඇදුරන්ට වැටුප් ගෙවති

Divaina, 24/05/2011, නිලන්ත මදුරාවල

වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතව සිටින විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට වැටුප් ගෙවීම වළක්‌වාලීමේ අරමුණින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව නිකුත් කළ චක්‍රලේඛය නොසලකා ආචාර්යවරුන්ට වැටුප් ගෙවීමට විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් පියවර ගෙන ඇත.

උපකුලපතිවරුන් මෙම පියවර ගෙන ඇත්තේ විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්ගේ සම්මේලනය ඒකමතිකව ගත් තීන්දුවකට අනුවය.

අංශ ප්‍රධානීන්ගේ නිර්දේශයකින් තොරව ආචාර්යවරුන්ට වැටුප් නොගෙවන ලෙස ප්‍රතිපාදන කොමිසන් සභාව චක්‍රලේඛයක්‌ මගින් සියලුම උපකුලපතිවරුන්ට දන්වා තිබූ අතර අංශ ප්‍රධානියාගේ හැර වෙනත් කිසිවකුගේ නිර්දේශයක්‌ වැටුප් ගෙවීම සඳහා වලංගු නොවන බවද එහි සඳහන් විය. අංශ ප්‍රධානීන් විශාල පිරිසක්‌ සිය තනතුරු අත්හැර සිටින හෙයින් මෙම චක්‍රලේඛය නිසා ආචාර්යවරුන්ට වැටුප් ගෙවීම සම්බන්ධයෙන් යම් ගැටලු සහගත තත්ත්වයක්‌ උද්ගත වෙමින් තිබිණි. උපකුලපතිවරුන්ගේ සම්මේලනය ඉහත තීරණය ගෙන ඇත්තේ ඒ අතරය.