Thursday, July 28, 2011

අංශ ප්‍රධාන ගැටලුව ගැන තීරණයක්‌ ගැනීමට උපකුලපතිවරු අද රැස්‌වෙති

දිවයින 28/07/2011

නිලන්ත මදුරාවල

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අංශ ප්‍රධාන තනතුරු සම්බන්ධයෙන් උද්ගතව ඇති ගැටලු සහගත තත්ත්වය පිළිබඳ තීරණයක්‌ ගැනීම සඳහා උප කුලපතිවරුන්ගේ සම්මේලනය අද (28 වැනිදා) රැස්‌වෙයි.

අංශ ප්‍රධාන තනතුරුවලින් ඉල්ලා අස්‌වී සිටින ආචාර්යවරුන් යළි එම තනතුරුවලට පත් කිරීම සඳහා අලුතින් ලිපි නිකුත් නොකිරීමට උපකුලපතිවරුන්ගේ සම්මේලනය තීරණය කර ඇත්තේ කරුණු කිහිපයක්‌ පදනම්වය. විශ්වවිද්‍යාල පනතට අනුව අංශ ප්‍රධාන තනතුරකට පත්වීම් දිය යුත්තේ වසර තුනක්‌ සඳහාය. මේ වන විට ඉල්ලා අස්‌ වී සිටින ආචාර්යවරුන් අතර වසර තුනකට ආසන්න කාලයක්‌ අංශ ප්‍රධාන ධුර දරන ආචාර්යවරුද සිටිති. ඔවුන් සඳහා යළි පත්වීම් ලිපියක්‌ නිකුත් කරන්නේ නම් එය වසර තුනකට බලපැවැත්විය යුතුය. එවිට අංශ ප්‍රධාන ධුරයට පත්වීමට අපේක්‍ෂාවෙන් සිටින ආචාර්යවරුන්ට බලවත් අසාධාරණයක්‌ යෑයි උපකුලපතිවරුන්ගේ සම්මේලනයේ සභාපති රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපති කේ. ඒ. නන්දසේන මහතා "දිවයින" ට පැවැසීය. ඉල්ලා අස්‌වීමෙන් පසුව ඉතිරි කාලයට පමණක්‌ පත්වීම් ලිපි නිකුත් කිරීමට පනතින් කිසිදු ඉඩක්‌ නැතැයිද සභාපතිවරයා සඳහන් කළේය.

ආචාර්යවරුන්ගේ ඉල්ලා අස්‌වීමේ ලිපි කිසිදු උපකුලපතිවරයෙක්‌ භාරගෙන නොමැති හෙයින්ද ඉල්ලා අස්‌වීම පිළිබඳ මාස තුනකට පෙර දැනුම්දිය යුතු බව සඳහන් අංක 956 දරන චක්‍රලේඛය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉවත් කරගෙන ඇති හෙයින්ද ඉල්ලා අස්‌වීමේ ලිපි ඉවත් කර ගැනීම කිසිදු ගැටලු සහගත තත්ත්වයක්‌ නොවන බවද මහාචාර්යවරයා සඳහන් කළේය.

ආචාර්යවරුන් ප්‍රකාශ කරන ආකාරයට ඉල්ලා අස්‌වීමේ ලිපි උපකුලපතිවරුන් භාරගතහොත් ඒ සඳහා පාලක සභා අනුමැතිය ලබා ගැනීම වැනි ක්‍රියාවලියකට යායුතු යෑයිද කී සභාපතිවරයා සරල සහ හොඳම විකල්පය ඉල්ලා අස්‌වීමේ ලිපි යළි ඉල්ලා අස්‌කර ගැනීම යෑයිද සඳහන් කළේය. ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ඒ සඳහා සූදානමක්‌ නොමැති වුවත් ඇතැම් ආචාර්යවරුන් සිය ඉල්ලා අස්‌වීමේ ලිපි මේ වන විට ඉවත් කරගෙන ඇතැයිද ඒ මහතා කීවේය.

අලුතින් පත්වීම් ලිපි නිකුත් කිරීමට නොහැකි වීමට ඇති තාක්‍ෂණික ප්‍රශ්න පිළිබඳව අද සාකච්ඡා කර ඒ සම්බන්ධයෙන් ගන්නා තීරණ උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශයට හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට දන්වන බවත් මහාචාර්යවරයා කීවේය.

2 comments:

Anonymous said...

Why is it that Nirmal does not explain properly why we need fresh letters of appointments? Its simple. The VC's don't have the RIGHT to not accept letters of resignations from voluntary positions. The supreme court ruled in 1999 that any academic can VOLUNTARILY accept any voluntary positions and leave at ANY TIME that they wish. Hence, non acceptance is an infringement of our individual rights as well as an intrusion to university autonomy. He just says 'our lawyers' advised us and allow this 'cunning' VC to draw a picture that shows us to be the villain here!! When is FUTA ex-co going to learn to be proactive?

Anonymous said...

I think we should give the AUTHORITIES a deadline till friday and if the letters are not given by then we should RESUME our TU action from Monday.