Tuesday, July 26, 2011

වැටුප් අරගලය පාවාදුන්නැයි සරසවි ඇදුරන් අතර මත ගැටුම් උග්‍රවෙයි

Divaina, 26/07/2011, නිලන්ත මදුරාවල

වැටුප් ප්‍රශ්නය සම්බන්ධයෙන් ආණ්‌ඩුව සමග අන්තර්කාලීන විසඳුමකට එකඟ වීම පිළිබඳව ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සාමාජිකත්වය අතර දැඩි මතභේදකාරී තත්ත්වයක්‌ උද්ගත වී තිබේ.

සම්මේලනයේ නියෝජිතයන් වැටුප් අරගලය පාවා දුන් බවට ඇතැම් සාමාජිකයන් චෝදනා කිරීමට පටන් ගෙන ඇති අතර ජයග්‍රාහී ලෙස විස¹ගත හැකිව තිබූ ප්‍රශ්නයක්‌ මෙම එකඟතාව මත බිඳ වැටී ඇතැයි යන්න ඔවුන්ගේ අදහස වී තිබේ. 

ආණ්‌ඩුවේ පොරොන්දු ක්‍රියාවට නංවන කාලරාමුවක්‌ පිළිබඳ එකඟතාවක්‌ ඇති කර නොගැනීමද සම්මේලනයට එල්ල වී ඇති තවත් චෝදනාවක්‌ වන අතර පසුගිය 21 වැනිදා උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා සමග පැවැති සාකච්ඡාවේ එකඟතා කිසිවක්‌ මෙතෙක්‌ ක්‍රියාත්මක වී නැත. ආචාර්යවරුන් අංශ ප්‍රධානී තනතුරුවලින් ඉවත් වීමට අදාළව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිකුත් කළ අංක 956 දරන චක්‍රලේඛය ඉවත් කරන බව ලේකම්වරයා ලිතව දුන් පොරොන්දුව ද ඊයේ වන විටත් ඉටු කර නොතිබිණි. අංශ ප්‍රධානී තනතුරුවලින් ඉවත් වීම සඳහා ආචාර්යවරුන් ලබා දුන් ලිපි ඉවත් කර ගැනීමට සම්මේලනය සූදානම් නැත. හිටපු අංශ ප්‍රධානීන්ට එම තනතුරු යළි භාර ගන්නා ලෙස ලිපි නිකුත් කරන්නැයි අමාත්‍යාංශය උපකුලපතිවරුන්ට උපදෙස්‌ ද ලබා දී නැත. මෙම තත්aත්වය යටතේ කිසිදු විශ්වවිද්‍යාලයක අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට ද මෙතෙක්‌ හැකි වී නැත.

වර්ජනය නතර කළද මෙවැනි තත්ත්වයක්‌ උද්ගත වීමට හේතු වී ඇත්තේ සම්මේලනයේ නියෝජිතයන් ක්‍රමවත් එකඟතාවක්‌ ඇති කර නොගත් හෙයින් යෑයි ද ඇතැම් ආචාර්යවරු චෝදනා කරති. 

දැනට ඇතිකරගෙන තිබෙන එකඟතාවට සම්මේලනයේ විධායක සභාවේ බහුතරයකගේ අනුමැතිය ලැබුණද ආධුනික කථිකාචාර්යවරුන්ට එමගින් සහනයක්‌ ලැබී නැතැයිද ඔවුහු සඳහන් කරති.



Also Read:

University Teachers' Trade Union Actions: FAQs

No comments: