Saturday, July 16, 2011

හෙජින් නිසා රජයට ආර්ථික අපහසුතාවක් නැහැ

FUTA-SL

සිරස පුවත් 15/07/2011 

හෙජින් ගනුදෙනුව නිසා රජයට ගෙවීමට නෙහැකි ආර්ථික අපහසුතාවක් නොමැති බවට තමන්ට සහතික විය හැකි බව මුදල් අමාත්‍යංශ ලේකම් ආචාර්ය පී.බි. ජයසුන්දර පවසයි. මුදල් අමාත්‍යංශ ලේකම්වරයා ඒ බව පැවසුවේ, මාතලේ පැවති උත්සවයක් අමතමිනි.

හෙතම එහිදී මෙලෙස අදහස් පළ ‍කළේය.

"සමහර ජාතික  මට්ටමේ තොරතුරු මාධ්‍ය විසින් ප්‍රකාශ කරන ආකාරය මගේ අදහසේ හැටියට නම් වගකීමෙන් තොරව වගකීමෙන් රහිත තොරතුරු සැපයීමක් හැටියටයි මම දකින්නේ මොක ද සමහර ගනුදෙනු සම්බන්ධයෙන් සියලු තොරතුරු හරියාකාරව දුන්නොත් මහජනයා තීරණය කරාවී. හැබැයි තොරතුරු නිර්වචනය කරලා මහජනයාට දුන්නම මහජනයාට නිවරදි තත්ත්වය දැන ගන්න ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා හෙජින් ගනුදෙනුව නිසා මට සහතිකව කියන්න පුළුවන් රජයට ගෙවන්න බැරි ආර්ථික අපහසුතාවක් එන්නේ නැහැ. ඉතින් ඒ නිසා හෙජින් ගනුදෙනුව නිසා මට සහතිකව කියන්න පුළුවන් ඒ මෙවැනි ගනුදෙනු කරද්දි වාණිජ වශයෙන් වානිජ ලෝක‍යේ විවිධ ගැටලු විසදන්න ක්‍රමයක් තියෙනවා."


Hedging deal will not lead to economic difficulty, says Dr. Jayasundara


Treasury Secretary said the Government will not face any economic difficulty in paying the hedging deal.

"I can assure than the hedging deal will not cause an economically difficult time for the Government," assured Treasury Secretary Dr. P. B. Jayasundara.
 

--------------------------------------------------------------------------- 
NOTE by FUTA-SL Blog:

  • Then why Rs. 115,000.00 against Rs. 120,000.00 for a senior professor?
  • Then why not spending on education and higher education up to 6% of the GDP?