Thursday, July 21, 2011

නිදහස් අධ්‍යාපනයේ මළගම....!!

Sampath Jayasuriya

C.W.W.කන්නන්ගර මහතා
එදා C.W.W.කන්නන්ගර මහතාගේ නිදහස් අධ්‍යාපන සංකල්පයටපින් සිද්ද වෙන්නට අද අපේ රටේ හැම අස්සක මුල්ලකම ඉන්න ළමයින්ට අකුරක් කියව ගන්න පුළුවන්.ඒත් රටේ වර්තමාන පාලකයෝ මේ වලි කන්නෙ ඒ අහිංසක අයිතියත් උදුර ගන්නද?

තමුන්ගෙ දරුවව රජයේ පාසලකට ඇතුළත් කරන හැම දෙමාපියෙකුගෙම ප්‍රාර්ථනාව කවද හරි ඒ දරුව විශ්ව විද්‍යාලයකට ඇතුළත් වෙලා උසස් අධ්‍යාපනය හදාරනවා දකින එක.ඒත් වර්තමානයේ මේ ඇතිවෙලා තියන තත්වය දකින ඕනම කෙනෙකුට හිතට නැගෙන ගැටලුව තමයි ක්‍රියාකාරී විශ්ව විද්‍යාල තවත් මේ ලංකාවේ තියනවද කියන එක. අද මේ මොහොත වන විට රජයේ විශ්ව විද්‍යාල සියල්ලකම පාහේ ආචාර්යවරුන් අධ්‍යයන කටයුතු වලින් ඉවත් වෙලා.

මේ වෘත්තීය ක්‍රියා මාර්ගයට හේතු වශයෙන් ඔවුන් දක්වන්නේ ප්‍රමාණවත් වැටුප් නොමැතිකම ඇතුලු තවත් මුළු මහත් විශ්ව විද්‍යාල පද්ධතියටම බලපාන කරුණු රැසක්. වර්තමානයේ විශ්ව විද්‍යාල අචාර්යවරයෙකුගේ වැටුප ඉතාමත් සොච්චමකි. මෙය ඔවුන් සිසුන් වෙනුවෙන් කරන කැප කිරීම් වලට කරන අපහාසයක්. දැනට විශ්ව විද්‍යාල සඳහා රජය වෙන් කරන මුදලින් උපරිම ප්‍රයෝජන ගැනීමට වෙර දරන විශ්ව විද්‍යාල පද්ධතිය ඊට අමතරව තම විශ්ව විද්‍යාල නඩත්තු කටයුතු සඳහා වෙනත් අමතර මාර්ග වලින්ද මුදල් උපයයි. මේ සඳහා මුල් වී කටයුතු කරන්නේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ය.

අද වෙනකන් හැම ශිෂ්‍යයෙකුගේම එකම ප්‍රර්ථනාව වුනේ උසස් පෙළ විභාගය සමත් වෙලා විශ්ව විද්‍යාලයට යන්න. ඒත් හෙට ඉඳලරජය විදෙස් සිසුන්ගේ කෝටාව වැඩි කිරීම තුලින් ඒ අහිංසක ප්‍රාර්ථනාව සිහිනයක් බවට පත් කරන්නදයන්නේ? ලංකාවේ ඇති විශ්ව විද්‍යාල අන්තර් ජාතික මට්ටමට ගෙන ඒමේ පියවරක් ලෙස රජය මෙම ක්‍රියා පිළිවෙත අර්ථකථනය කළත් මෙහි යටි අරමුණ ඉතාම පහත්ය. විකිණීමට හැකි සැම දෙයක්ම විකිණීමෙන් අනතුරුව දැන් රජය මේ අර අදින්නේමෙතුවක් කාලයක් නොමිලේ ලබා දුන් අධ්‍යාපනයද විකුණන් කෑමටය.මෙසේවිදෙස්සිසුන්බඳවාගැනී​මහරහාදහස්‌ගණනින්විශ්වවිද්‍යාලප​්‍රවේශයට සුදුසුකම් ලබා ඇති තවත් ලාංකික සිසුන් ගණනාවකට අසාධාරණයක්නොවේද? මේ පිළිබඳව කතා කිරීමේදී සැළකිය යුතු තවත් කරුණක් වන්නේ එම බඳවා ගන්නා සිසුන්ගෙ අධ්‍යාපන සුදුසුකම්ය.

පවතින මෙම තත්වය අවබෝධ නොකර ගනිමින් තව දුරටත් විශ්ව විද්‍යාල සිසුන් ලෙස අප නිහඬව සිටියහොත් නුදුරු අනාගතයේදීම අපද නිදහස් අධ්‍යාපනයේ මළගමේ විත්තිකරුවකු වනු ඇත. එබැවින් වහාම මෙම අපරාධයට එරෙහිව ඔබේ හඬ අවදි කරන්න!!!