
පියවර 4 න් යුතු තම ඉල්ලීම්වල ඉදිරි කොන්දේසි පිළිබඳ දෙපාර්ශවයටම එකඟතාවට පැමිණිය යුතුවීම පළමු කොන්දේසිය බවත්,විශ්ව විද්‍යාල ආචාර්යවරුන් විසින් ඉල්ලන ලද අතිරේක ඉල්ලීම් කිහිපය වහාම ක්‍රියාත්මක කළ යුතුවීම දෙවෙනි කොන්දේසිය බවත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා සඳහන් කරයි.
ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකුගේ වැටුප රුපියල් 126,000ක් ලෙස තමන් විසින් ඉදිරිපත් කරන ලද පළමු ඉල්ලීම් මාලාවේ තිබුණද රජයේ පාර්ශවයෙන් ඉදිරිපත් කළ 1,20,000 ක වැටුපකට තමන්ට තම සාමාජිකයින් කැමතිකරවා ගන්නට හැකිවූ බව දේවසිරි මහතා කියා සිටියේය.
එසේ වුවද රජයේ පාර්ශවයෙන් සාකච්ඡාවට සහභාගී වූ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ,ආචාර්ය පී.බී ජයසුන්දර ,උසස් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න යන මහත්වරුන් ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකුගේ වැටුප රුපියල් 120,000ක් වන සේ හා ඊට සමගාමීව සෙසු ආචාර්ය මහාචාර්යවරුන්ගේ වැටුප් වැඩිවීමට අදාළව ජනාධිපතිවරයාගේ අනුමැතිය ලබාදුන් පසු දැනුම්දෙන බව කීවත් මේවන තුරු ඒ පිළිබඳ දැනුම්දීමක් කර නොමැති බව සඳහන් කළේය.
එබැවින් තම වෘත්තීය ක්‍රියා මාර්ගය අත්හැර නොමැති බව හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.