Sunday, July 24, 2011

ආචාර්ය වර්ජනය අත්හරිති

RAVAYA - [Sunday, July 24, 2011], ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර
වැටුප් වර්ධනය කරගැනීම ඇතුළු මූලික ඉල්ලීම් කිහිපයක් මුල් කර ගිනිමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ගෙන ගිය වෘත්තීය අරගලය ඉවත් කර ගැනීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය තීරණය කර ඇත.
පසුගියදා මුදල් අමාත්‍යාංශයේ ලේකම් පී.බී ජයසුන්දර මහතා හමුවූ අවස්ථාවේ ඔහු ගෙන ආ වැටුප් යෝජනාවලිය සඳහා මූලික එකඟත්වය පළකරමින් අදාල තීරණය ගැනීමට තම සංගමය එකඟ වූ බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ලේකම් මහාචාර්ය නෙවිල් වර්ණකුලසූරිය මහතා රාවයට ප්‍රකාශ කළේය.


අදාළ යෝජනාවළියට අනුව ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකු සඳහා මූලික වශයෙන් රුපියල් 101,000ක වැටුපක් ලැබීමට නියමිත බවත් එය තමන් ඉල්ලූ ප්‍රමාණයට වඩා අවම ප්‍රතිශතයක් වුවත් ආචාර්යවරුන්ගේ වැටුප් පටිපාටිය තමන් ඉල්ලූ මට්ටමට ක්‍රමයෙන් වැඩි කිරීමට බලධාරීන් එකඟවීම නිසා මෙසේ තාවකාලිකව තම අරගලය නතර කිරීමට තමන් එකඟ වූ බව ඒ මහතා පෙනවා දෙයි.