Wednesday, September 19, 2012

සරසවි බාස්(SB)

ඔන්න එහෙනම් බලාගන්න කෝ මගෙ කවි හැකියාව!
හහ් හහ් හහ් හා.....
-----------------------------------------------------------------------------------
කියන කොට සරසවි බාස් පල් හෑලි කට බලියා
ඒවා අසන රාජ සභාවේ මැට්ටන් කට බලියා
රට කොයිබට යාවි කියා මා ලත වේ කට බලියා
සරසවි මව්ට වෙන දේ දැක සිටි හැකිදෝ කට බලියා


ඔහු ආවේ සරසවියට හඟුරන්කෙතෙන් ඒ කාලේ
කෑ ගැසුවේ මහ හයියෙන් මහ පාරේ ඒ කාලේ
රිංගා ගත්තේ මැටි සභයට අමාරුවෙන් ඒ කාලේ
උපයා ගත්තේ පරපුරටම ඇති වෙනකම් හැම කාලේ


ආවේ කොහෙන්දා කියලා නෑ මතකේ මේ බාසට
හෙව්වේ සල්ලි කොමිස් වලින් ඇති යහමින් හැම අතට
හැදුවේ මාලිගා හඟුරන්කෙත සිතලා දෝ සිව් වරිගෙට
නොදන් නේද යමරජු ඉන්නා බව දින ගනිමින් සිව් රියනට


ඉන්නේ රයිගමයයි ගම්පොලයයි වාගේ  මේ දෙන්නා
ඉපදුනේ  මේ භවයේ සිරිලක පෙර පින් හින්දා
කන්නේ අධ්‍යාපනය මුන්ගේ උරුමේ සිතා සදා
දැන් ජනයා පවසනුයේ “නොදකින් මුන්” කියලා සැමදා
-----------------------------------------------------------------------------------

No comments: