Monday, September 24, 2012

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ පාගමන් අද මහනුවරින් සහ ගාල්ලෙන් ඇරැඹේ

Divaina, 24/09/2012
නිලන්ත මදුරාවල

සිය ඉල්ලීම්වලට විසඳුම් ලබාදෙන්නැයි බලකරමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සංවිධානය කරන විරෝධතා පා ගමන් මහනුවරින් හා ගාල්ලෙන් අද (24 දා) උදේ 8.00 ට ආරම්භ කෙරේ.

මෙම පා ගමන් සඳහා වෘත්තීය සමිති 26 ක්‌ ඇතුළු දේශපාලන හා බහුජන සංවිධාන රැසක්‌ සම්බන්ධ වන අතර, මහනුවර සිට පැමිණෙන පාගමන ගැටඹෙන්ද ගාල්ලේ සිට පැමිණෙන පා ගමන ගාලු කොටු පවුර අසලින් ද ආරම්භ කෙරේ.

ලබන 28 දා මේ පාගමන් කොළඹට ළඟාවන අතර, එදින හයිඩ් පාර්ක්‌ පිටියේදී ජනතා රැලිsයක්‌ පැවැත්වීමටද සම්මේලනය සැලසුම් කර ඇත.

එදින විරෝධතා දිනයක්‌ ලෙසද වෘත්තීය සමිති 26 ක්‌ විසින් ප්‍රකාශයට පත්කර ඇත.

No comments: