Friday, October 12, 2012

විශ්වවිද්‍යාල අධ්‍යයන කාර්යය මණ්ඩලය විශේෂ වෘත්තීය කණ්ඩායමක් ලෙස ස්ථාපිත කෙරේ

NEWS.LK, කැබිනට් තීරණ 2012 අගෝස්තු 29

· ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ හා උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක යන මහත්වරුන්ගේ ඒකාබද්ධ යෝජනාවක් අනුව විශ්වවිද්‍යාල ආචාර්ය වෘත්තියේ සුවිශේෂීභාවය සැලකිල්ලට ගෙන විශ්වවිද්‍යාල අධ්‍යයන කාර්යය මණ්ඩලය විශේෂ වෘත්තීය කණ්ඩායමක් ලෙස ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළේය​.

· ඒ සඳහා අවශ්‍ය කටයුතු කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව, විශ්වවිද්‍යාල අධ්‍යයන ප්‍රජාව සහ අදාළ අනෙකුත් පාර්ශවවල නියෝජිතයන්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් පිහිටුවීමට පියවර ගෙන ඇත.

· මෙරට විශ්වවිද්‍යාලවලට අවශ්‍ය ඉහළම පහසුකම් සහිත ආචාර්යවරු බඳවා ගැනීමත්, බඳවා ගනු ලැබූ ආචාර්යවරු විශ්වවිද්‍යාල පද්ධතිය තුළ රඳවා ගැනීමත්, විදේශගතව සිටින ප්‍රවීණ හා දක්‍ෂ ආචාර්යවරු නැවත මෙරටට කැඳවා ගැනීමත් මෙමඟින් අපේක්‍ෂා කෙරේ.

· ශ්‍රී ලංකාව දැනුමේ කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමේ රාජ්‍ය ප්‍රතිපත්තිය මත උසස් අධ්‍යාපනයට සම්බන්ධ ප්‍රතිසංස්කරණ හඳුන්වාදීමේ දී විශ්වවිද්‍යාල ප්‍රජාව සමඟ ඵලදායි සංචාදයක් ඇති කිරීමේ අවශ්‍යතාව ද රජය විසින් පිළිගෙන ඇත.

No comments: