2012 ඔක්තෝබර් මස 24 15:58:38 | රොමේෂ් ධනුෂ්ක සිල්වා
ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාවය ඇතුළු අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ පවතින ගැටළු හයකට කඩිනම් විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලා ගුරු විදුහල්පති වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටු සාමාජිකයෝ රාජගිරිය ආයුර්වේද වටරවුමේ ආචාර්ය එන්.එම්. පෙරේරා පිළිරුව අසල සිට බත්තරමුල්ලේ අධ්‍යාපන අමාත්‍යංශය පිහිටි ඉසුරුපාය දක්වා ගමන් කළහ.
අමාත්‍යංශයට ඇතුළු වීමට ඔවුන් උත්සාහ දැරුවත් කැරලි මර්ධන ඒකකය ඇතුළු පොලිිසිය එය නැවැත්වීය. පසුව ඉසුරුපාය ඉදිරිපිට දෙපැයක පමණ කාලයක උද්ඝෝෂණයක් පවත්වා විසිර ගියහ.
අධ්‍යාපන ඇමැති තමන්ගේ ඉල්ලීම් වලට ඇහුම්කන් නොදෙන නිසා වෙනත් අමාත්‍යවරයකු යටතේ හෝ වහාම සාකච්ඡුාවක් ලබාදෙන ලෙසත් ඔවුහු ඉල්ලූහ. එසේ නොවුනහොත් දැඩි වෘත්තීය ක‍්‍රියා මාර්ගයකට යාමට අදහස් කරන බවත් ඔවුහු කීහ.









No comments:
Post a Comment