Saturday, August 25, 2012

ආණ්ඩුවේ වුවමනාවට හැසිරෙණ මාධ්‍ය බොරු ප්‍රචාර ගෙනියනවා - FUTA


විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ (FUTAඅරගලය මර්දනය කිරීමේ දැඩි අවශ්‍යතාවයක් ආණ්ඩුවට ඇති බවත් ඒ වෙනුවෙන් නොයෙකුත් කුමන්ත්‍රණ දියත් කරමින් පවතින බවත් විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය පවසයි.
සමහර මාධ්‍ය ආයතන සහ වෙබ් අඩවි ඒ කුමන්ත්‍රණවලට හවුල්වෙමින් නොයෙකුත් ප්‍රවෘත්ති නිර්මාණය කරමින් ආචාර්යවරුන්ගේ අරගලයට සහය දෙන දේශපාලන පක්ෂවෘත්තීය සමිති පිළිබඳ බොරු ප්‍රචාර ගෙනයමින් ආණ්ඩුවට සහයෝගය දක්වන ආකාරයෙන් හැසිරෙන බවත් එම ආචාර්ය සමිති සම්මේලනය පවසයි.
එස්.බී. දිසානායක ඇමතිවරයා සහ බැසිල් රාජපක්ෂ ඇමතිවරයා සමග විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ ඉහළ පෙළේ සිවුදෙනෙක් සහ දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතයන් රහස් සාකච්ඡාවක් පැවැත්වූයේ යැයි වෙබ් අඩවි දෙකක පළකර තිබූ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් අප කළ විමසීමකදීය.
මේ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා සහ එම සම්මේලනයේ උප සභාපති පුජ්‍ය දඹර අමිල හිමියන් කළ ප්‍රකාශ පහත දැක්වේ.
ඔය කියන ඉහළ පෙළේ නායකයෝ අපිට නැහැ - නිර්මාල්
"ආණ්ඩුවත් එක්ක ඉන්න ශ්‍රී ලංකා නිදහස් ආචාර්ය සන්ධානයේ පිරිසක් එහෙම සාකච්ඡාවක් කර තිබෙනවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිටින අපේ අරගලයට සහයෝගය දෙන ආචාර්යවරයෙක්ද මේ කියන සාකච්ඡාවට ගිය බව ආරංචියි. ඒ හැර ඔය කියන ජාතියේ ඉහළ පෙළේ නායකයෝ මේ වගේ සාකච්ඡාවකට ගිහින් නැහැ. ඉතින් ආචාර්යවරුන්ගේ සටනට බාධා කරන්න ප්‍රවෘත්ති ඔය වගේ මාධ්‍යවලින් පළකරන බවයි අපට කියන්න තියෙන්නේ.
ආණ්ඩුවේ වුවමනාවට බොරු ප්‍රවෘත්ති පළකරනවා - අමිල හිමි
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සටන අඩපණකිරීමේ රජයේ උපක්‍රමයට සහයෝගය දෙන,පදනමකින් තොර ප්‍රවෘත්ති සමහර වෙබ් අඩවිවල වාර්තා කරල තියෙනවා අපි දැක්කා. නමුත් විශේෂයෙන්ම විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය හැටියට කියන්න ඕන කිසිදු උගුලකට ආචාර්ය සමිති සම්මේලනය අසුවෙලා නැහැ. ඒවගේම අපි එවැනි උගුලකට අසුවෙන්නට ඉඩ තබන්නෙත් නැහැ. එවැනි කුමන්ත්‍රණක්‍රියාකාරකම් පිළිබඳව අපිට හරියට මුල, මැද සහ අග අවබෝධයක් සහිතව තමයි ‍මේ සටන මේ විදිහට ඉතා ශක්තිමත්ව ගෙනයමින් පවතින්නේ. ඒ නිසා මේ සටනට මෙඩිකල් ෆැකල්ටිවාත්තීය සමිති සහ මේ රටේ සියලු ජනයාගේ සහයෝගය ප්‍රකාශවෙලා තිබෙනවා. එහෙම විශ්වාසය තහවුරුකර ගැනීමට අපට පුළුවන් වෙලා තිබෙන්නේ මේ සටන ඇතුළේ ආණ්ඩුවත් එක්ක යටින් ගනුදෙනු හෝ නිල නොවන මට්ටමේ ගනුදෙනු හෝ අතරමැදියන් සමග කරනු ලබන කිසිදු ගනුදෙනුවක් නැති නිසයි. ඒ විශ්වාසය සමාජය තුළමහජනයා තුළ ඇතිවෙලා තිබෙනවා. මේ වගේ අවලාද අපි සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා.

No comments: