අධ්‍යාපන ගැටළුවලට විසඳුම් ඉල්ලමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී අද උද්ඝෝෂණයක් කෙළේය.
ඔවුන් අරලියගහ මන්දිරය දෙසට යෑමට සූදානම් වූ අවස්ථාවේ ලෝක වෙළෙඳපොළ ඉදිරිපිට ඕල්කොට් මාවතේ මාර්ග බාධක යොදා පොලිසිය ඔවුන්ගේ ගමන නතර කළේය.
විරෝධතාකරුවන් මාර්ග බාධක පෙරළමින් ඉදිරියට ගමන් ගැනීමට සූදානම් වූ අවස්ථාවේදී පොලිසිය කඳුළු ගෑස් හා ජල ප‍්‍රහාර එල්ල කර පිරිස විසුරුවා හැරියේය.





No comments:
Post a Comment