Friday, August 24, 2012

සරසවි ඇදුරුවරු හයිඩ් පිටියේ


දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට හයක් අධ්‍යාපනය සඳහා වෙන් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය කොළඹ හයිඩ් පිටියේදී උද්ඝෝෂණයක් කළහ.
ඔවුහු නවම් මාවත, පුරහල හා මරදානේ සිට හයිඞ් පිටියට පෙළපාළියකින් පැමිණියහ.
කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමියෝද එහි වැඩම කර සිටියහ.

No comments: