Tuesday, August 14, 2012

පංචමහා බලවේගයම මහ පාරේ ‘රටම පිරිහිලා’ මල්වතු මහා නාහිමි


පනස්හයේ ආණ්ඩුව බිහි කිරීමට කැපවූ පංච මහා බලවේගයම අද මහ පාරේ. අපිත් බලාගෙන ඉන්නවා මේවා අද විසදෙයි හෙට විසදෙයි කියලා. තිබ්බටුවාවේ සුමංගල මල්වතු මහා නාහිමි එසේ පැවැසුවේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන්ගේ සම්මේලනයේ නියෝජිත පිරිසක් හමුවූ අවස්ථාවේදීය. රටේ සිදුවන වැඩ නිසා පෞද්ගලික විශ්වවිද්‍යල ආරම්භ කරීමේ බලාපොරොත්තුව සම්පූර්ණ වනබව පෙනේ යැයිද අද රටේ හැම අංශයකින්ම පිරිහී ඇතැයිද මහා නාහිමියෝ කීහ.
උසස් අධ්‍යාපනයට එල්ල වී ඇති බාධක හා ප‍්‍රශ්න ඇතුලත් සංදේශයක්ද මහා නාහිමියනට පිරිනැමිණි.
පේරාදෙණි සරසවියේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නවරත්න බණ්ඩා මහාචාර්ය එම්.එම්.ආර්.ඞී.හේරත්, ආචාර්ය ආනන්ද ජයවික‍්‍රම, ආචාර්ය මාධව මීගස්කුඹුර, ආචාර්ය ප‍්‍රසන්න පෙරේරා, ආචාර්ය සනත් රාජපක්‍ෂ හා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ලක්‍ෂ්මන් නුගපිටිය මහත්වරුද පැමිණි සිටි අය අතර වූහ.

No comments: