Tuesday, June 26, 2012

පාසල් වැසීයාම සංවර්ධනයේ ලක්‍ෂණයක් -එස්. බී.


Published on 25 June 2012
Print
s b dissanayake 410px 25-06
Srilankamirror – ග‍්‍රාමීය ප‍්‍රදේශවල පාසල් වැසී යාම සංවර්ධනයේ ලක්ෂණයක් බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්. බී. දිසානායක මහතා පවසයි.
උඩුනුවර ප‍්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් සිසුන් සඳහා පාසල් උපකරණ බෙදා දීමේ උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
පාසල් වැසීයාම නරක ලක්‍ෂණයක් නොවන බවද පැවසූ අමාත්‍යවරයා එසේ ගමේ පාසල් වැසී යන්නේ ගමේ ළමුන් නගරයේ පහසුකම් සහිත පාසලක් වෙත ඇදීයාම නිසා බවද කීය.
සෑම වසරකදීම ළමුන් තුන්ලක්‍ෂ විසිදහසක් පමණ එකවසරට ඇතුළත් වන බවත්, කෙසේවුවද ග‍්‍රාමීය පාසල 9,000 න් 2,000කට පමණ පළමු වසරට කිසිදු ළමයෙකු මේ වසරේදී ඇතුළත්ව නැතැයිද හෙතෙම හෙළි කළේය.
ඔහු මෙසේද පැවසීය.
‘‘අපි පුළුවන්දේට වඩා පොඞ්ඩක් වැඩි දේවල් කරනවා. අද දරුවො ලංගම බස්එකේ යවන්න පුළුවන් අය වෑන්එකේ යවනවාග වෑන් එකේ යවන්න පුළුවන් අය තී‍්‍රවීලර් එකේ යවනවා. තී‍්‍රවීලර් එකේ යවන්න පුළුවන් අය තමන්ගෙ මෝටර් බසිකලෙන් ගෙනිහින් දානවාග මේකට ජනතාවට දොස් කියන්න බැහැ. ඒක තමයි හැටි. අද අපි පිම්මක් පනින්න යන්නේ. ඒ අපි දුප්පත් කමෙන් ගැලවෙන්න යන්නේ. ආණ්ඩුවත් එහෙමයි. ඒක නරක එකක් නෙවෙයි. හැබැයි එතකොට රිදෙනවා ඇඟට දැනෙනවා. ඒ කාලෙ අපේ ගෙවල්වල බිත්තර කුකුල්මස් කියන ඒවා මාසෙකටවත් කන්නේ නැහැ. දැන් ඊට වඩා කනවා.’’

1 comment:

Anonymous said...

Meka katenda danne neha katha karanne