Sunday, June 24, 2012

වර්ජනය පිටුපස ජ.වි.පෙ. හා පෙරටුගාමීන් - එස්‌.බී. චෝදනා කරයි


නෝමන් පලිහවඩන


විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැඩ වර්ජනය මුළුමනින්ම පුස්‌සක්‌ වන බව උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක මහතා "දිවයින"ට ප්‍රකාශ කළේය. මෙම ආචාර්යවරුන් පසුපස පෙරටුගාමීන් සහ ජනතා විමුක්‌ති පෙරමුණ සිටින බව කී ඇමැතිවරයා ආචාර්යවරුන්ට රජයෙන් කිසිදු අසාධාරණයක්‌ වී නැති අතර ඔවුන්ගේ වැටුප් 73% කින් වැඩිකර ඇති අතර රජය ආචාර්යවරුන්ට හැම පැත්තෙන්ම වාසිදායක වන ලෙස ක්‍රියාකර තිබෙන බවද පැවැසීය.

ආචාර්යවරුන් පිරිස ආරම්භ කිරීමට යන වර්ජනය විශ්වවිද්‍යාල ගණනාවක්‌ මගින් දැනටමත් ප්‍රතික්‌ෂේප කර ඇති බවත්, මොරටුව, අග්නිදිග, ඌව -වෙල්ලස්‌ස, ජයවර්ධනපුර ඇතුළු විශ්වවිද්‍යාලයන් මෙම ආචාර්යවරුන්ගේ වැඩපිළිවෙළ හෙළා දකින අතර එම වර්ජනයට ඔවුන් විරෝධය පළකර ඇති බවද ඇමැතිවරයා පැවැසීය.

No comments: