Thursday, June 14, 2012

අනධ්‍යයන සේවකයෝ ඒකාබද්ධ වෘත්තීය සටනකට සූදානම්

www.divaina.com, 14/06/2012නිලන්ත මදුරාවල

වැටුප් විෂමතා ඉවත් කිරීම තවදුරටත් ප්‍රමාද කරන්නේ නම් රාජ්‍ය සේවාවේ සෙසු වෘත්තීය සමිති සමඟ ඒකාබද්ධ ක්‍රියාමාර්ග ආරම්භ කිරීමට අන්තර් විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව තීරණය කර ඇත.

අනධ්‍යයන කාර්ය මණ්‌ඩල ආරම්භ කර ඇති වැඩ වර්ජනයට රාජ්‍ය සේවා වෘත්තීය සමිති මහා සම්මේලනය දැනටම සහය පළ කර තිබේ.

සෞඛ්‍ය, තැපැල්, දුම්රිය, අධ්‍යාපන, මුද්‍රණාල, ධීවර, රක්‍ෂණ හා ටෙලිකොම් යන ක්‍ෂේත්‍රයන්හි වෘත්තීය සමිති ඒකාබද්ධව පිහිටුවා තිබෙන රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනය ප්‍රකාශ කරන්නේ අනධ්‍යයන කාර්ය මණ්‌ඩල වැඩ වර්ජනය සාකච්ඡා මාර්ගයෙන් වහා විසඳිය යුතු බවත් එසේ නොවන්නේ නම් ඒකාබද්ධ වෘත්තීය ක්‍රියාමාර්ගවලට යොමු වන බවත්ය.

මීට අමතරව විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්‌ඩල ද සිය වර්ජනයට එක්‌කර ගැනීම සඳහා සාකච්ඡා කරන බව වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ආර්. එම්. චන්ද්‍රපාල මහතා "දිවයින" ට ඊයේ (13 වැනිදා) පැවසීය. එමෙන්ම තවත් වෘත්තීය සමිති රැසක්‌ සමග මේ වන විට සාකච්ඡා ආරම්භ කර තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.

කුමන තත්ත්වයන් යටතේ වුවද තවමත් විශ්වවිද්‍යාලයන්හි ස්‌වෙච්ඡා සේවාවලින් අනධ්‍යයන කාර්ය මණ්‌ඩලය ඉවත් වී නොමැති බව ද චන්ද්‍රපාල මහතා කීවේය.

No comments: