Saturday, June 16, 2012

අනධ්‍යයන වර්ජනය ගැන අද තීරණාත්මක සාකච්ඡාවක්‌

www.divaina.com, 16/06/2012, නිලන්ත මදුරාවල

වැඩ වර්ජනයේ යෙදී සිටින විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව සමග මුදල් අමාත්‍යාංශ හා වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභා නිලධාරීන් අද (16 වැනිදා) තීරණාත්මක සාකච්ඡාවක්‌ පැවැත්වීමට නියමිතය.

වැටුප් විෂමතා ඉවත් කිරීමට අදාළ සියලුම පියවර ගෙන ඇතැයි උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා ඒකාබද්ධ කමිටුවට ඊයේ (15 වැනිදා) දැනුම් දුන්නේය. ඒ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා පැමිණෙන ලෙසද ලේකම්වරයා කමිටුවෙන් ඉල්ලා සිටියේය.

ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මුදල් අමාත්‍යාංශය සහ වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවේ නිලධාරීන් සම්බන්ධ කළ හැකි බව ලේකම්වරයා දන්වා සිටියේ යෑයි වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ආර්. එච්. චන්ද්‍රපාල මහතා zදිවයිනZට පැවැසීය. පවතින ගැටලුව විස¹ ගැනීම සඳහා ඕනෑම අවස්‌ථාවක සාකච්ඡාවට සූදානම් යෑයි ද හෙතෙම කීවේය.

No comments: