Friday, June 22, 2012


නිර්මාල්ට අදත් තර්ජන

විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ (FUTA) සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතාට මීට පැය කිහිපයකට පෙරද නිර්නාමික දුරකථන ඇමතුමකින් යම් තර්ජනයක් සිදුවී ඇතැයි වාර්තාවේ.
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ඒ මහතා පැවසූවේ "අපි අද මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූවා. එය අවසන් වී සුළු මොහොතකින් මට 0119977025 දුරකථන අංකයෙන් ඇමතුමක් ආවා. මගේ දියණිය සහ බිරිඳ ගැන සියලු තොරතුරු හොයාගෙන ඇති බවත්දරුවා පාසල් යන එන වේලාවන් පවා දන්නා බවත් පැවසූවා. මම කරණ වැඩවලින් විශ්වවිද්‍යාල සිසුන්ට පාඩුවෙන බවත් වහාම මගේ ක්‍රියාකාරකම් නවත්වන ලෙසත් ඉතාම තර්ජනාත්මකව පැවසූවා. පසුගිය දිනවල මාගේ නිවස අවට සැරි සැරුවේ ඔවුන් බවත් මට පැවසූවා" යනුවෙන් පැවසීය.
නිර්මාල් මහතාගේ බිරිඳගේ නමටද නිර්ණාමික ලිපියක් ලැබී ඇති බවත් තම ස්වාමියාගේ FUTA හි කටයුතු වහාම නතරකරවන ලෙසටත් එහි සඳහන්ව තිබී ඇති බවටත් වාර්තා වේ.

No comments: