Monday, January 9, 2012

සිසුන්ට අනතුරක්‌ වුණොත් වගකීම උපකුලපති බාරගත යුතුයි - කිඹුල්ලෑවේ චන්දානන්ද හිමි

Divaina, 09/01/2012, චමින්ද සිල්වා ජයවර්ධනපුර ශිෂ්‍යයන්ට යම් අනතුරක්‌ සිදුවුවහොත් ඊට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා වගකීම බාරගත යුතු යෑයි එම විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ නියෝජිත කිඹුල්ලෑවේ චන්දානන්ද හිමියෝ පැවසූහ. අත්තනෝමතික ලෙස විශ්වවිද්‍යාලය තුළ පරිපාලනයක්‌ ගෙන යන උපකුලපති එන්. එල්. ඒ. කරුණාරත්න මහතා විශ්වවිද්‍යාලයෙන් ඉවත් කරන ලෙස සිසුන් ගෙන ගිය විරෝධතා හේතුවෙන් මේ වනවිට උපකුලපතිවරයාගේ මැදිහත්වීම මත ආරක්‌ෂක අංශ සාමාජිකයන් බව කියන පිරිස්‌වලින් සිසුන්ට මරණ තර්ජන ඇතුළු විවිධ තර්ජන එල්ලවෙමින් පවතින බව ද උන්වහන්සේ ඊයේ (08 වැනිදා) ජZපුර විශ්වවිද්‍යාලය ඉදිරිපිට පැවැති මාධ්‍ය හමුවකදී පැවැසූහ. ඊයේ (08 වැනිදා) වනවිට විශ්වවිද්‍යාල සිසුන්ගේ ජංගම දුරකථනවලට සහ ඔවුන්ගේ නිවෙස්‌වලට ගොස්‌ විවිධ පුද්ගලයන්, තර්ජන එල්ල කර ඇති බව පැවසූ උන්වහන්සේ විශ්වවිද්‍යාල භූමියේ රැඳී සිටීම සිසුන්ගේ ආරක්‌ෂාවට හේතුවක්‌ බව ද කීහ. එමෙන්ම විශ්වවිද්‍යාල භූමියෙන් සිසුන් ඉවත් කිරීමට බලධාරීන් කටයුතු කරනු ලැබුවහොත් සිසුන්ගේ ආරක්‌ෂාව තහවුරු කිරීම එම බලධාරීන් වගකීම බාරගත යුතු බව ද උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියහ.

No comments: