Saturday, January 7, 2012

පෞද්ගලික විශ්වවිද්‍යාල පනතට හා ගැටලුවලට එරෙහිව සරසවි ආචාර්යවරුන්ගෙන් සංකේත වර්ජනයක්‌

Divaina, 07/01/2012, නිලන්ත මදුරාවල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත පෞද්ගලික විශ්වවිද්‍යාල නීතිගත කිරීමේ පනත් කෙටුම්පතට හා පවතින ගැටලුවලට විසඳුම් නොදීමට එරෙහිව සංකේත වැඩ වර්ජනයක්‌ කිරීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ඊයේ (06 වැනිදා) රාත්‍රියේ තීරණය කළේය. කොළඹ විශ්වවිද්‍යාලයේ දී ඊයේ සවස රැස්‌වූ සම්මේලනයේ විධායක සභාව මෙම තීරණය ගත් බව එහි සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා "දිවයින" ට පැවසීය. සංකේත වැඩ වර්ජනය පවත්වන දිනය ඉදිරි දිනවල තීරණය කරන බවද ඒ මහතා කීවේය.

No comments: