Friday, December 23, 2011

ආණ්‌ඩුවට ඕනෑ විදියට පෞද්ගලික විශ්වවිද්‍යාල පනත ගේන්න ශිෂ්‍ය සංගම් තහනම් කරනවා

Divaina, 23/12/2011,
ප්‍රභාත් විතාන

ලබන වසරේ පෙබරවාරි මාසය වන විට පාර්ලිමේන්තුවට ගෙනඒමට සැලසුම් කර තිබෙන පෞද්ගලික විශ්වවිද්‍යාල පනත ආණ්‌ඩුවට අවශ්‍ය ආකාරයට සම්මත කර රට තුළ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පසුබිම සකස්‌ කර ගැනීම සඳහා විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගම් ඇතුළු අනිකුත් ශිෂ්‍ය සංගම් අහෝසි කරමින් සිටින බව ජනතා විමුක්‌ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.

මෙහි මූලික පියවර ලෙස පෙරේදා (21 වැනිදා) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය ඇතුළු තවත් ශිෂ්‍ය සංගම් 8 ක්‌ තහනම් කළ බවත් හඳුන්නෙත්ති මහතා කියා සිටියේය.

එමෙන්ම මේ වන විට පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඇතුළු ජයවර්ධනපුර, සබරගමුව, රජරට, සෞන්දර්ය, කොළඹ, වයඹ හා ඌව විශ්වවිද්‍යාලව මහා ශිෂ්‍ය සංගම් හා අනිකුත් ශිෂ්‍ය සංගම් 30 ක්‌ තහනම් කර තිබෙන බවත් හෙතෙම පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ ඊයේ (22 වැනිදා) පස්‌වරුවේ බත්තරමුල්ල, පැලවත්ත ජනතා විමුක්‌ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

No comments: