Divaina, 15/07/2012
අධ්‍යාපනය විසින් උගත් හා බුද්ධිමත් මිනිසුන් බිහිකිරීම අපේක්‌ෂා කරනු ලැබේ. රටකට බුද්ධිමත් මිනිසුන් අවශ්‍ය වන්නේ එරට කෘෂිකර්මාන්තය, කර්මාන්ත, ව්‍යාපාර, ඉංජිනේරු, සෞඛ්‍ය, පරිපාලන හා දේශපාලන යනාදී ආර්ථික හා සමාජ ක්‍රියාකාරිත්වයන් කාර්යක්‍ෂමවත් සඵලදායී ලෙසත් පවත්වා ගෙන යාමට සහ ඒවා දිනෙන් දින වැඩි දියුණු කිරීමටත් ය. අධ්‍යාපනය නොදියුණු ඈත අතීතයේ මිනිසා නොදියුණු ආර්ථික කටයුතුවල යෙදෙමින් ද නොදියුණු සමාජ ජීවිත ගතකරමින් ද සිටියේය. අත්දැකීමෙන් සහ අධ්‍යයනයෙන් ක්‍රමික අධ්‍යාපනයක් ලද මිනිසා දිනෙන් දින වඩා දියුණු ආර්ථික හා සමාජ තත්වයක් උදාකර ගැනීමට සමත්විය. අධ්‍යාපනය කල්තියාම ක්‍රමවත් ලෙස දියුණු කරගත් රටවල් සංවර්ධිත රටවල් බවටත් එසේ දියුණු කරගැනීමට අසමත් වූ රටවල් ඌන සංවර්ධිත රටවල් බවටත් පත්විය.
අපේ රටට සරල කාර්මික භාණ්‌ඩයක්‌වත්, සරල රසායනික ද්‍රව්‍යයක්‌වත්, නිෂ්පාදනය කරගත නොහැකිව ඒ සියල්ල ආනයනය කරමින් ද, තේ-පොල්-රබර් හා ඇඟලුම් අපනයනය කරමින් ද, ඉන් නොනැවතී නුපුහුණු ශ්‍රමය මැදපෙරදිග ගෘහ සේවය සඳහා අපනයනය කරමින් ද, දුෂ්ට චක්‍රයක සිරවී සිටින්නේ අප රටේ අධ්‍යාපන දුර්වලතාව නිසාය. සාක්‌ෂරතාව ගැන උදම් අනන්නෙකු මෙම ප්‍රකාශයෙන් උමතුවිය හැකි නමුදු සාක්‌ෂරතාව යනු සිමාසහිත භාවිතයක් සහිත උපකරණයක් බැව් වටහාගත යුතුය.
ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පසුබිම
අප රටේ අධ්‍යාපනය පන්සලටත් පිරිවෙනටත් සීමාවී තිබුණු යුගයක් විය. එය භාෂා, සාහිත්‍ය සහ බුදු දහම යන විෂයන්ගේ ප්‍රබෝධයට හේතු වුවද සමස්‌ත සමාජයේ ප්‍රගමනය සඳහා ප්‍රමාණවත් නොවූයේ විද්‍යාව, තාක්‌ෂණය, නීතිය වැනි විෂයන් එහි ඇතුළත් නොවූ බැවිනි. අධ්‍යාපනයේ පරිමිතිය පුළුල් වන්නට පටන්ගත්තේ ඉංග්‍රීසීන් විසින් පාඨශාලා ක්‍රමයක් ආරම්භ කිරීම සහ මිෂනාරීන්ගේ පාඨශාලා ජාලය බිහිවීමත් සමග ය. නිදහස ලැබීමට පෙර අප රටේ පැවැති ඉංග්‍රීසි මාධ්‍ය නාගරික පාසල්වලට රජයේ වැඩි සැලකිලි ලැබී තිබුණු අතර ග්‍රාමීය සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වලට අඩු සැලකිලි ලැබී තිබිණ.
අධ්‍යාපනය විසින් උගත් හා බුද්ධිමත් මිනිසුන් බිහිකිරීම අපේක්‌ෂා කරනු ලැබේ. රටකට බුද්ධිමත් මිනිසුන් අවශ්‍ය වන්නේ එරට කෘෂිකර්මාන්තය, කර්මාන්ත, ව්‍යාපාර, ඉංජිනේරු, සෞඛ්‍ය, පරිපාලන හා දේශපාලන යනාදී ආර්ථික හා සමාජ ක්‍රියාකාරිත්වයන් කාර්යක්‍ෂමවත් සඵලදායී ලෙසත් පවත්වා ගෙන යාමට සහ ඒවා දිනෙන් දින වැඩි දියුණු කිරීමටත් ය. අධ්‍යාපනය නොදියුණු ඈත අතීතයේ මිනිසා නොදියුණු ආර්ථික කටයුතුවල යෙදෙමින් ද නොදියුණු සමාජ ජීවිත ගතකරමින් ද සිටියේය. අත්දැකීමෙන් සහ අධ්‍යයනයෙන් ක්‍රමික අධ්‍යාපනයක් ලද මිනිසා දිනෙන් දින වඩා දියුණු ආර්ථික හා සමාජ තත්වයක් උදාකර ගැනීමට සමත්විය. අධ්‍යාපනය කල්තියාම ක්‍රමවත් ලෙස දියුණු කරගත් රටවල් සංවර්ධිත රටවල් බවටත් එසේ දියුණු කරගැනීමට අසමත් වූ රටවල් ඌන සංවර්ධිත රටවල් බවටත් පත්විය.
අපේ රටට සරල කාර්මික භාණ්‌ඩයක්‌වත්, සරල රසායනික ද්‍රව්‍යයක්‌වත්, නිෂ්පාදනය කරගත නොහැකිව ඒ සියල්ල ආනයනය කරමින් ද, තේ-පොල්-රබර් හා ඇඟලුම් අපනයනය කරමින් ද, ඉන් නොනැවතී නුපුහුණු ශ්‍රමය මැදපෙරදිග ගෘහ සේවය සඳහා අපනයනය කරමින් ද, දුෂ්ට චක්‍රයක සිරවී සිටින්නේ අප රටේ අධ්‍යාපන දුර්වලතාව නිසාය. සාක්‌ෂරතාව ගැන උදම් අනන්නෙකු මෙම ප්‍රකාශයෙන් උමතුවිය හැකි නමුදු සාක්‌ෂරතාව යනු සිමාසහිත භාවිතයක් සහිත උපකරණයක් බැව් වටහාගත යුතුය.
ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පසුබිම
අප රටේ අධ්‍යාපනය පන්සලටත් පිරිවෙනටත් සීමාවී තිබුණු යුගයක් විය. එය භාෂා, සාහිත්‍ය සහ බුදු දහම යන විෂයන්ගේ ප්‍රබෝධයට හේතු වුවද සමස්‌ත සමාජයේ ප්‍රගමනය සඳහා ප්‍රමාණවත් නොවූයේ විද්‍යාව, තාක්‌ෂණය, නීතිය වැනි විෂයන් එහි ඇතුළත් නොවූ බැවිනි. අධ්‍යාපනයේ පරිමිතිය පුළුල් වන්නට පටන්ගත්තේ ඉංග්‍රීසීන් විසින් පාඨශාලා ක්‍රමයක් ආරම්භ කිරීම සහ මිෂනාරීන්ගේ පාඨශාලා ජාලය බිහිවීමත් සමග ය. නිදහස ලැබීමට පෙර අප රටේ පැවැති ඉංග්‍රීසි මාධ්‍ය නාගරික පාසල්වලට රජයේ වැඩි සැලකිලි ලැබී තිබුණු අතර ග්‍රාමීය සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වලට අඩු සැලකිලි ලැබී තිබිණ.
අධ්‍යාපනය ළමුන්ගේ අයිතියක් ලෙසත්, සමාජ ප්‍රගමනයේ පෙර ගමන්කරු ලෙසත්, ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන්මග එමගින් තීරණය කරනු ලබන බවත්, 1944 දී ඉදිරිපත් කරන ලද සී. ඩබ්. ඩබ්. කන්නන්ගර අධ්‍යාපන ප්‍රතිසංස්‌කරණ වාර්තාවෙන් පෙන්වා දෙනු ලැබීය. රටේ දියුණුවට උරදෙන අධ්‍යාපන ක්‍රමයක් ස්‌ථාපිත කිරීමට අවශ්‍ය පියවර එමගින් යෝජනා කරනු ලැබීය. එය අප රටේ අධ්‍යාපන ක්‍රමය පරිවර්තනය කළා පමණක් නොව එහි පදනම ද මූලධර්ම ද තීරණය කළේය. නිදහස් පාසල් අධ්‍යාපනය, නිදහස් විශ්ව විද්‍යාල අධ්‍යාපනය, වයස 6 ත් 14 ත් දක්‌වා සියලු ළමුන්ට අනිවාර්ය අධ්‍යාපනය, සිංහල සහ දෙමළ මාධ්‍ය ඉගැන්වීම, පාසල් දිවා ආහාරය, ග්‍රාමීය සිසුන්ගේ දක්‌ෂතා හඳුනාගැනීමේ ශිෂ්‍යත්ව ක්‍රමය, ශිෂ්‍යත්ව ලබන සිසුන් වෙනුවෙන් පහසුකම් සහිත මධ්‍ය මහා විද්‍යාල ක්‍රමය යන අංග කන්නන්ගර යෝජනාවලියේ ප්‍රධාන තැනක් ගත්තේ ය.
අප රටේ අධ්‍යාපනය වෙනුවෙන් 1948 දී දළ දේශීය නිෂ්පාදිතයෙන් 3% ට ආසන්න මුදලක් වැය කර තිබිණි. එය ක්‍රමයෙන් වර්ධනය වී 1972 දී 5% ඉක්‌මවා ගියේය. ඉන් පසු එය දිගින් දිගටම පිරිහී ගොස් වර්තමානයේ 1.8% දක්‌වා පහත බැස තිබේ. මේ වූ කලී නිදහස් ශ්‍රී ලංකාවේ අඩුම අධ්‍යාපන වියදම යි. අනික් අතට 1948 සිට පාසල් සංඛ්‍යාව 3000 ක සිට 10,000 දක්‌වාත් විශ්වවිද්‍යාල සංඛ්‍යාව 2 සිට 15 දක්‌වාත් වර්ධනය වූ අතර පාසල් සිසුන් සංඛ්‍යාව දස ලක්‌ෂයක සිට දස ලක්‌ෂ හතරක් දක්‌වාත්, සරසවි සිසුන් සංඛ්‍යාව 1500 ක පමණ සිට 70,000 දක්‌වාත් වේගයෙන් වර්ධනය විය. කාර්මික විද්‍යාල සහ රජයේ උසස් අධ්‍යාපන ආයතන සංඛ්‍යාවද මීට ඇතුළත් කළහොත් සමස්‌ත ආයතන හා ශිෂ්‍ය සංඛ්‍යාව ඉහළ අගයක් ගනී. අනික් අතට, අධ්‍යාපනය වෙනුවෙන් රජයේ වියදම සෑම වර්ෂයක් පාසාම පිරිහී යාම අධ්‍යාපනයේ තත්ත්වය දියුණු නොවී පැවැතීමට හේතුවී තිබේ. ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපනයත් උසස් අධ්‍යාපනයත් අද මුහුණ දී සිටින ප්‍රධාන ගැටලුව වී තිබෙන්නේ එය එකතැන පල්වීමයි.
අධ්‍යාපනය සහ මහින්ද චින්තන ප්‍රතිපත්තිය(
වර්තමාන ආණ්‌ඩුවේ සියලු ප්‍රතිපත්ති ඇතුළත් වන්නේ මහින්ද චින්තනය තුළය. පාසල් අධ්‍යාපනය පිළිබඳ මහින්ද චින්තන ප්‍රතිපත්තිය සැකෙවින් මෙසේ දැක්‌වේ.
-නිදහස් අධ්‍යාපනය සඳහා අපේ දරුවන්ට ඇති අයිතිය කිසිසේත් අහෝසි නොකරමි. රටපුරා ඇති සියලුම මහ විදුහල්, මැදි විදුහල්වලට අවශ්‍ය උසස් පෙළ විද්‍යාගාර, සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂාවෙන් ඉගැන්වීම පදනම් කරගත් භාෂා මධ්‍යස්‌ථාන, පරිගණකාගාර, පුස්‌තකාල ක්‍රීඩා ඇතුළු සියලු පහසුකම් ලබාදී පරිපූර්ණ පාසල් වශයෙන් ඒවා උසස් තත්වයකට නංවන්නෙමි. (මහින්ද චින්තන - 2005, පිටුව 63). -පාසල් අධ්‍යාපන ක්‍රමය අරමුණු ගතවිය යුත්තේ ඉදිරි සංවර්ධන දශකය සඳහා නොව සියවසක් දුර යා හැකි අයුරිනි. වර්තමානයේ අධ්‍යාපනය සඳහා දරුවකු ගත කරන කාලය කොතෙක්‌දුරට අනාගතය සඳහා ඵලදායී ද යන්න නැවත සලකා බැලිය යුතුයෑයි මම සිතමි. දරුවන් සිය අනාගතය තුළ අතරමං නොවන පරිදි පාසල් ප්‍රමාණය සහ විභාග රටාව සංශෝධනය කිරීම සඳහා පියවර ගන්නෙමි. (මහින්ද චින්තන - 2010, පිටුව 68).
මහින්ද චින්තනයේ උසස් අධ්‍යාපනය පිළිබඳ ප්‍රතිපත්තිය සැකෙවින් දැක්‌වෙන්නේ මෙසේය. -උසස් පෙළ සමත් වන සියලුම තරුණ තරුණියන්ට උසස් අධ්‍යාපනය හැදෑරීමේ අයිතිය සැරැකිය යුතුවේ. එහි පළමු පියවර ලෙස නව සරසවි පාඨමාලා ආරම්භ කිරීම තුළින් සහ සරසවි පහසුකම් පුළුල් කිරීම තුළින් විශ්වවිද්‍යාලවලට බඳවා ගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි කිරීමට පියවර ගන්නෙමි. (මහින්ද චින්තන 2005, පිටුව 65). -රටක ජයග්‍රහණයන් පදනම් වන්නේ මානව සම්පත් ඵලදායීව හා කාර්යක්‌ෂමව සංවිධානය කිරීම මත බව මම තදින් විශ්වාස කරමි. ඒ සඳහා දැනුම නිපදවන හා සමාජය තුළ බෙදාහරින කේන්ද්‍රස්‌ථානය වන්නේ විශ්වවිද්‍යාලයයි. ක්‌ෂිතිජයට ඉහළින් ලෝකය දැකිය හැකි මිනිසකු හැදීම විශ්වවිද්‍යාලයේ අරමුණ විය යුතුයෑයි මම සෑම විටම සිතමි. විශ්වවිද්‍යාල යනු රැකියා සඳහා කාර්මිකයන් සපයන යන්ත්‍රාගාර නොවිය යුතුය. (මහින්ද චින්තන 2010, පිටුව 71).
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් අප රටේ උසස් අධ්‍යාපනය පිළිබඳ සිය දැක්‌ම (ඩසිසදබ) ඉදිරිපත් කොට තිබෙන්නේ -ගෝලීය උපනති අනුව යමින් දේශීය අවශ්‍යතා සහ අපේක්‌ෂා ඉටුකර දීමට සමත් ඉහළම තත්ත්වයේ විශ්වවිද්‍යාල පද්ධතියක් නිර්මාණය කිරීම. ලෙසිනි. ඉහත සඳහන් වැකිවලින් පාසල් හා විශ්වවිද්‍යාල අධ්‍යාපනය පිළිබඳ ප්‍රතිපත්තිය සහ අරමුණු සියල්ල ඉතා දක්‌ෂ ලෙස ප්‍රකාශ කරනු ලැබ තිබේ. එහි දැක්‌වෙන අධ්‍යාපන සංවර්ධනය සාක්‌ෂාත් කරගැනීමට විශාල මුදලක් වැය කිරීමට සිදුවේ. මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදුටු දා පටන් මේ වන තෙක් අවුරුදු හතකට ආසන්න කාලයක් ගතවී තිබේ. එම කාලය තුළ මෙම අරමුණු ඉටුකර ගැනීමට රජය දක්‌වා තිබෙන උනන්දුවේ තරම සහ ජයග්‍රහණ මැනීම සඳහා යොදාගත හැකි යෝග්‍යතම මිනුම වන්නේ රජයේ මධුර මනෝහර වාග් මාලාව නොව අධ්‍යාපනය සඳහා රජය දරා තිබෙන සත්‍ය වියදම පිළිබඳ සංඛ්‍යා ලේඛනයි.
රජයේ අධ්‍යාපන වියදම්(
නිදහස ලැබූ දා පටන් වර්ෂ 2005 දක්‌වා ජාතික ආදායමෙන් සැලකිය යුතු මුදලක් අධ්‍යාපනය වෙනුවෙන් වැය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස අප රට සාක්‌ෂරතාව අතින් ඉහළ මට්‌ටමකට පැමිණ සිටී. අප රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 3% කට ආසන්න ප්‍රමාණයක් 1948 දී අධ්‍යාපනයේ දියුණුව වෙනුවෙන් කැප කරන ලද අතර එය ක්‍රමයෙන් වර්ධනය වී 1972 වන විට 5% ක අගයක් දක්‌වා ඉහළ නැග තිබිණ. එහෙත් එතැන් පටන් අධ්‍යාපන වියදම් දැඩි කප්පාදුවකට ලක්‌විය. දැනුම් කේන්ද්‍ර සංකල්පය හඳුන්වා දෙන ලද 2005 වර්ෂය වන විට එය දළ ජාතික නිෂ්පාදිතයෙන් 2.9% ක් විය. එතැන් පටන් එය තව දුරටත් කප්පාදු කොට 2011 වන විට 1.8% දක්‌වා පතුළටම බස්‌වා තිබේ.
සංඛ්‍යා වගුව
විශ්වවිද්‍යාල අධ්‍යාපනය වෙනුවෙන් 2005 වසරේ දී රජය විසින් දරන ලද වියදම දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.5% ක් වූ අතර එය ද දරුණු ලෙස කප්පාදුවට ලක්‌ව 2010 වන විට 0.27% මට්‌ටමට පහත වැටී තිබේ. අනෙක් අතට රජයේ සමස්‌ත අධ්‍යාපන වියදමෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා වියදම් කළ මුදල ද සීග්‍රයෙන් පහත බැස තිබේ. එය කැපීපෙනෙන ලෙසම සිදුවූයේ 2006 පටන්ය. එම වර්ෂයේ 17.79% ක් වූ එය 2010 වන විට 13.24% දක්‌වා කප්පාදුවට භාජන වී තිබේ. තවද, රාජ්‍ය වියදමෙන් අධ්‍යාපනයට 2005 දී වෙන් වූ 10.43% ක මුදල 2011 වන විට 8.41% දක්‌වා කප්පාදු කර තිබේ. විශ්වවිද්‍යාල සඳහා රාජ්‍ය වියදමෙන් 1.8% ක් 2005 දී වැය කරන ලද නමුත් 2011 වන විට එය 1.2% ට බැස තිබිණ. එබැවින් සරසවි සිසුවකු වෙනුවෙන් රජය වියදම් කළ මුදලෙහි සාමාන්‍යය 2006 දී රුපියල් 203,000 සිට 2010 වන විට රුපියල් 181,000 ක් දක්‌වා අඩුවිය.
අධ්‍යාපනයට වියදම් කරන මුදල් දැඩි ලෙස කප්පාදු කිරීමට සමගාමීව අධ්‍යාපන වියදම් හැකිතාක් වර්තන වියදම්වලට සීමා කිරීමට රජය ක්‍රියා කර ඇත. පාසල් අධ්‍යාපනයට දරන ලද මුළු වියදමෙහි ප්‍රතිශතයක් ලෙස 2005 දී අධ්‍යාපන ප්‍රාග්ධන වියදම 15.35% ක් වූ අතර එය 2010 දී 10.3% ක් විය. විශ්වවිද්‍යාල අධ්‍යාපනය වෙනුවෙන් 2005 දී දරන ලද මුළු වියදමෙන් 27.94% ක් ප්‍රාග්ධන වියදම් වූ අතර එය 2010 දී 17.75% ක් දක්‌වා අඩු විය. විශ්වවිද්‍යාල ශිෂ්‍ය-ගුරු අනුපාතය 1985 දී 8.9 පටන් 2010 දී 16.6 දක්‌වා දෙගුණයක් පමණ වර්ධනය වී තිබේ. සරසවි ආචාර්ය මණ්‌ඩලයේ හිඟය මේ මගින් කදිමට නිරූපණය වේ.
මෙම දත්ත විශ්ලේෂණයේ දී පෙනීයන්නේ සමස්‌තයක් ලෙස අධ්‍යාපන වියදම් දරුණු ලෙස කප්පාදු කර ඇති බවත් ඒ තුළ අධ්‍යාපන ආයෝජන වියදම් ඊටත් වඩා දරුණු ලෙස කප්පාදු කර ඇති බවත්ය. අධ්‍යාපන වියදම අතින් ලෝකයේ රටවල් 103 ක් අතුරින් ශ්‍රී ලංකාවට හිමිවන්නේ 95 වෙනි ස්‌ථානය වන අතර දකුණු ආසියාවේ රටවල් අතුරින් අන්තිම ස්‌ථානය හිමිවේ. පසුගිය වර්ෂයේ ආර්ථික වර්ධන වේගය 8% ඉක්‌මවා ගිය බැව් සඳහන් වුවද රජය අධ්‍යාපන වියදම් දරා ඇත්තේ ආර්ථික අවපාතයක් පවතින අවස්‌ථාවක මෙන් වියදම් කප්පාදු කිරීමෙනි. එමෙන්ම විශ්වවිද්‍යාල සංඛ්‍යාවද, ශිෂ්‍ය සංඛ්‍යාවද, පසුගිය කාලය තුළ දී වර්ධනය වී තිබෙන බැවින් වියදම් කප්පාදුව විශ්වවිද්‍යාලවලට දැඩි ලෙස බලපා තිබේ. නිදසුනක් ලෙස 2005 ට වඩා 2010 දී නවක සිසුන් 7000 ක් වැඩිපුර සරසවියට තෝරාගත් නමුදු එම කාලය තුළ දී සරසවි අධ්‍යාපනය සඳහා දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස රජය දැරූ වියදම හරි අඩකින් පමණ කප්පාදු කිරීම පෙන්වා දිය හැක.
නිගමන
රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව අධ්‍යාපනය කේන්ද්‍ර කොටගත් දැනුම් සමාජයක් බිහිකරන බවට ප්‍රතිඥා දී තිබුණ ද ඉහත දැක්‌වූ තොරතුරුවලින් ප්‍රකාශ වන්නේ සමස්‌ත අධ්‍යාපනයම රජයට එපා වී ඇති සැටියකි. රටත් සමාජයත්a ජාත්‍යන්තර මට්‌ටමට ඔසවා තැබීමට අධ්‍යාපනය යොදාගන්නා බවත්, ආර්ථික කටයුතු දැනුම පදනම්කොට ගෙන සිදුකිරීමට ක්‍රියාකරන බවත්, අප රට ලෝකයේ දැනුම් කේන්ද්‍රස්‌ථානය බවට පත්කොට එමගින් ආසියාවේ ඊළඟ ආශ්චර්ය රට බවට පත්කරන බවත් රජයේ ප්‍රතිපත්ති හා අරමුණුවල දැක්‌වේ. එහෙත් අධ්‍යාපනය නොසලකා හැර තිබෙන තත්ත්වයක් පෙනෙන්නට තිබෙන බැවින් රජයේ ප්‍රතිපත්තිය වෙනස්‌වී තිබේද යන ප්‍රශ්නය පැනනැගේ. එසේ නැතහොත් මහින්ද චින්තනය වෙනුවට වෙනත් චින්තනයක රජය පිහිටා සිටින්නේද යන සැකය මතුවේ.
රටේ අධ්‍යාපන වියදම දළ දේශීය නිෂ්පාදිතයෙන් 6% මට්‌ටමක් දක්‌වා ඉහළ දමන ලෙස සරසවි ඇදුරන් පසුගිය කාලයේදී රජයට ඉල්ලීමක් ඉදිරිපත් කර ඇත. එමගින් එක් අතකට මහින්ද චින්තන අධ්‍යාපන අරමුණු සාක්‌ෂාත් කරගැනීමට මග පාදාගත හැකි බව රජයට යෝජනා කෙරේ. අධ්‍යාපන වියදම 6% ක මට්‌ටමට ගෙන ඒමට යෝජනා කිරීම පුදුම වීමට කාරණයක් නොවේ. මක් නිසාද යත් 1972 වන විට එය 5% ඉක්‌මවා ගොස් තිබීමයි. එබැවින් 6% වියදම යනු අප දැනට අවුරුදු 40 කට පෙර සිටි තැනට යළි පැමිණීමයි.
රටක අධ්‍යාපනයේ නියම තත්ත්වය මැනිය යුත්තේ එරට සාක්‌ෂරතාව, පාසල් සංඛ්‍යාව, සරසවි සිසුන් සංඛ්‍යාව, වෛවර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශන යනාදී පටු නිර්ණායක මත නොවේ. අධ්‍යාපනයේ අවසන් ප්‍රතිඵලය මනින්නේ රටක් විසින් නිපදවනු ලබන කාර්මික භාණ්‌ඩ, කාර්මික අපනයන, අභ්‍යවකාශ පර්යේෂණ, රසායනික නිෂ්පාදන, ජාත්‍යන්තර පේටන්ට් හා බුද්ධිමය දේපළ, භෞතික හා රසායන විද්‍යා නොබෙල් ත්‍යාග, සාමය, සහජීවනය, යහපාලනය, කලාව සහ නීතියේ පාලනය යනාදියෙනි.
දකුණු කොරියාව, තායිවානය, සිංගප්පූරුව හා හොංකොං යන ආසියාවේ ආශ්චර්ය රටවල් දශක තුනක පමණ කාලයක් තුළ අධ්‍යාපනය මෙහෙයවා සංවර්ධන ඉලක්‌ක ජය ගත්තේය. එම රටවල් ගෝලීය දැනුම්, තාක්‌ෂණ හා වාණිජ කේන්ද්‍ර බවට පත්වී තිබේ. අධ්‍යාපනය සංවර්ධනය නොකර වර්තමාන ලෝකයේ ඉදිරියට යාමට ඉඩක් නොලැබෙන බැව් අන් සෑම රටක්‌ම තේරුම් ගෙන සිටින කාලයක ශ්‍රී ලංකාව එය තේරුම් ගැනීමට අපොහොසත්ව අධ්‍යාපනයෙන් මුදල් ඉවත් කොට වෙනත් ක්‌ෂේත්‍රවල යෙදවීම බැරූරුම් ප්‍රශ්නයක්‌වී තිබේ.
වර්තමාන අධ්‍යාපන වියදම් කප්පාදුවෙහි ප්‍රතිවිපාක අප සමාජයට දැනෙන්නේ අදට වඩා හෙටය. අධ්‍යාපන වියදම මානව සංවර්ධනය සඳහා කරනු ලබන ආයෝජනයකි. සෑම මානව කටයුත්තක්‌ම උසස් තත්වයෙන් සිදුකිරීම සංවර්ධනයේ පිළිබිඹුවකි. ඒ සඳහා සංවර්ධනය වූ මානව සම්පතක් තිබිය යුතුය. මානව සම්පතෙහි සංවර්ධන මට්‌ටම තීරණය වන්නේ රටක් අධ්‍යාපනය සඳහා කොපමණ ආයෝජනයක් කරන්නේද යන්න මත ය. ලෝකයේ අධ්‍යාපන වියදම අතින් පතුළේම සිටින අපේ රටට හෙට උදාවන්නේ අදට වඩා අසුබ අනාගතයක් නොවේ යෑයි තේරුම් ගැනීමට මොනයම් හෝ සංඥාවක් අපට නොපෙනේ.
මහාචාර්ය මිල්ටන් රාජරත්න
(පේරාදෙණිය විශ්වවිද්‍යාලය)
No comments:
Post a Comment