Monday, July 16, 2012

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨ බිත්ති පුවත්පතක ශිෂ්‍යයකු විසින් ලියා ඇති සටහනක්



---------------------------

වැඩ වරන-වැඩකරන ඇදුරන්ට--- 

අපි පහුගිය 30 වෙනි සිකුරාදා : 2012-06-30 ආචාර්යවරුන්ගේ වෘත්තීය සංගමයෙ ක‍්‍රියාකාරීන් විසින් සංවිධානය කළ උසස් අධ්‍යාපනයේ අර්බුදය ගැන දැනුවත් කිරීමේ වැඩසටහනට කලාගාරයට එකතු වුණා. විශේෂයෙන්ම ශාස්ත‍්‍ර පීඨයේ ආචාර්යවරු සහ සිසුන්. ඔවුන් කිව්ව විදිහටම මේක ඓතිහාසික මොහොතක් සටහන් කළා. ඒ ආචාර්යවරු සහ ශිෂ්‍යයො නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් එකට අත්වැල් අල්ලා ගැනීමේ ප‍්‍රීතිමත් මොහොත. කුමන අර්ථයකින් ගත්තත් මේ සංවාදය පිළිබ`දව අපට තියෙන්නෙ සාධනීය ආකල්පයක්. ඒ ආචාර්යවරු සහ ශිෂ්‍යයො පවතින අධිකාරී රාජ්‍ය යාන්ත‍්‍රණය විසින් නිදහස් අධ්‍යාපනය මත පතුරුවන අත්තනෝමතිකත්වය සහ එම ඛේදය වෙනුවෙන් තම තමන්ගෙ හදවත් වල ගැහෙන හදගැස්ම කලාගාරය ඇතුළෙදි එකම මොහොතක එකට කවලම් කරගත්තු නිමේශෙදි අපි තුළ ඇති උනේ තරුණ හිත් තුළ අද වගෙ දවසක කලාතුරකින් ඇති වෙන හයියක්. නැම්මක් එක්ක ඇති උන ගැම්මක්.

     ආණ්ඩුවේ අධිපතිත්වය විසින් සියලූම දෘශ්ටිවාදී බලයන් පාවිච්චි කරල නිදහස් අධ්‍යාපනය අරබයා නටන විගඩමට එරෙහිව නිදහස් අධ්‍යාපනයේ අයිතීන් රැුකගන්නට-ඉල්ලන්නට ආචාර්ය-ශිෂ්‍ය-දෙමාපිය සංධානගත වීමේ ඓතිහාසිකත්වය හෝ එහි ක‍්‍රියාකාරීත්වය පිළිබ`ද අනාවැකි පළ කිරීම හෝ විශ්ලේෂණය කිරීම මේ ලේඛනයේ අරමුණ නෙමෙයි. ”ඇහැරෙන්නට ටිකක් පරක්කු උනත් - නිදාගන්නත් හදිසියක් නැති”ආචාර්යවරුන්ට අපේ හදවතින් නැගෙන සහයෝගය මුසු සුබ පැතුම් එකතු කරන්නයි මේ වචන ටික. ඒ ඔබ කෙරෙහි අප තබන විශ්වාසය ගිලිහෙන්නට ඉඩ නොතබනු ඇතිය යන උපකල්පනයේ දැඩිව පිහිටමින්. 

මේ ඓතිහාසික මොහොතේ අපේ සිත් තුළ කැකෑරෙන අරගලකාරී හැ`ගීම් - ඉලක්ක - බලාපොරොත්තු මතින් යන ගමන ”සංකල්පීය තලයේ දකුණු අධිවේගී මාර්ගය” තරම් කම්ෆටබල් නොවන අපි හො`දින්ම දන්නව. විශ්වවිද්‍යාල වෘත්තීය සමිති සම්මේලනයේ සභාපතිවරයා සහ ඔහුගේ පවුලට ආරම්භයටත් කලින් තර්ජන එල්ලවීම එහි බරපතලකම කියාපාන්නක්. පවුල් ව්‍යුහය වෙත ආණ්ඩුවේ අශික්ෂිත බලපෑම් කිරීමේ හිරිකිත ප‍්‍රතිපත්තිය වෙනුවට රාජ්‍ය දෘශ්ටිවාදී උපකරණ අතර ප‍්‍රාථමික සහ කේන්ද්‍රීය උපකරණමය කාරකත්වයක් උසුලන ”පවුල” වෙත දැනුවත් කිරීමේ අරමුණින් ආචාර්යවරුන් ගමින් ගමට යාමට ගත් තීරණය වැදගත්ම පියවරයි. 

අල්තූසරියානු අර්ථයෙන් පවතින සමාජ ක‍්‍රමය ප‍්‍රතිනිෂ්පාදනය කිරීමේ කාර්යය නෛසර්ගිකවම වගේ රාජ්‍යයේ දෘශ්ටිවාදී උපකරණ වල කාර්යයක්. මේ මොහොතෙත් 
අපේ රටේ ආණ්ඩුව කරන්නෙ මේ උපකරණ ටික තමන්ගේ ලාභය වෙනුවෙන් ඉතාම සූක්ෂම විදිහට මෙහෙයවන එක. දේශපාලන පක්ෂ, රාජ්‍ය ආයතන පද්ධතිය, කලාව,ආගම, අධ්‍යාපන ආයතන කියන උපකරණ බරපතල ලෙස මේ මොහොතෙදි පාවිච්චි වෙනවා ජනමාධ්‍යය කේන්ද්‍රීය උපකරණය කරගෙන. ඒ ඔස්සේ මේ සිදු වන සියල්ල පවතින ව්‍යුහයේම අනිවාර්ය අංග බවටත් - ඒවා ඉතාම සාධාරණ හා අත්‍යවශ්‍ය උවමනාවන් බවටත් සාමාන්‍ය ජන ජීවිතය තුළට අන්තරීයකරණය කරමින් ඉන්න අතරෙම අර කලින් කියපු ව්‍යුහය තුළම ඉන්න විකල්ප දෘශ්ටීන් ඇති අය බුද්ධිමය හා විප්ලවීය ප‍්‍රවේශයන් ඔස්සේ එම ව්‍යුහය මතම ඇති කරනු ලබන තෙරපුමට-අභියෝග වලට එරෙහිව තමා සතු මර්ධනීය උපකරණ (පොලීසිය, හමුදාව, උසාවි. මේ ස`දහා ලියාපදිංචි කළ යුතු අලූත් නිර්-නෛතික උපකරණ හා කමිටු ගණනාවක් වර්තමාන ආණ්ඩුව සතුය. මේ හොර-මැර කල්ලිද ඇතුලූව* අතිශය නිර්-ලජ්ජී ලෙස මුණගැස්සීමේ ඛේදයට අපටද මුහුණ දෙන්නට සිදුවීම ගැන ශාස්ත‍්‍රාලීය විද්‍යාර්ථීන් හැටිය අපි බෙහෙවින්ම සවිඥානිකයි. 

පවතින බල ව්‍යුහය තුළ ශිෂ්‍ය අපට සාපේක්ෂව බෙහෙවින් ඉහළ ස්ථරයක සිටින ආචාර්යවරුන්ගේ අරගලය අවශේෂ විකල්ප සමාජ කණ්ඩායම් වෙතින් මෙතෙක් මතු වූ අරගලයන්ට සාපේක්ෂව ජයග‍්‍රණය කරනු ඇතැයි බලාපොරොත්තු තබා ගන්නට ඇත්තටම හිත දෙනව. නිදහස් අධ්‍යාපනයේ උන්නතිකාමීන් වන අපට ඔබ හා අත්වැල් බැ`දගන්නට හිත බල කරනව. 

තම වෘත්තීය අයිතීින් හා සමානව නිදහස් අධ්‍යාපනයේ අව්‍යාජ හිතෛශීන්-උන්නතිකාමීන් වන අපේ ආචාර්යවරුන්ට ලාංකීය වෘත්තීය අරගලයේ විජයග‍්‍රාහී අලූත් පරිච්ඡේදයක් ලියන්නට අපි උණුසුම් හදවතින් සුබ පතනව. ඒ අරගලයේම දරුවන් වන අපේ දෑස් ඒ දෙස දල්වගෙන ඉන්නට නොව නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් නිදිමරන්නට අපිත් එනව. 

පුනරුක්ති දෝෂ සහිතව උනත් මෙහෙම කියන්න හිතෙනව. ඇත්තටම, අපිත් හරි කැමතියි ඇහැරගෙන ඉන්න..

No comments: