Wednesday, May 8, 2013

මේ රටේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ අදුරුතම කාල පරිච්ජේදයි – පේ. වි.වි. ආ. ස. (fputa)


සමකාලීන විශ්වවිද්‍යාලයෙහි මූලික කාර්යභාරය වන්නේ අගතියෙන් තොරව සත්‍යය ගවේශනය පෙරදැරි කරගත් ඉගැන්වීම හා පර්යේෂනය යි. මෙම කාර්යභාරය ඉටුකර ගතහැකිවන්නේ: ඉගැන්වීම සහ පර්යේෂණ පවත්වාගෙන යාම සඳහා බුද්ධිමය නිදහස සහ විශ්වවිද්‍යාල ස්වාධීනත්වය පවත්වා ගැනීම, ආවේනික හා ස්වාධීන ප‍්‍රමිතීන් / ප‍්‍රමුඛතා සහ දේශාන්තරත්වයට අදාළ අයුරින් විවිධ විෂයධාරා විකාශනය මගිනි. තව දුරටත්, ලිමා සහ බොලොඥ ප‍්‍රකාශන මගින් අවධාරණය කෙරෙනුයේ විශ්වවිද්‍යාල ස්වාධීන සංවිධාන ලෙස පවත්වාගැනීම මගින් ඒවා විවිධ සංස්කෘතීන්වලට අයත් ශිෂ්‍යයන් සහ පර්යේෂකයන් ආකර්ෂණය කරගැනීමේ වැදගත්කමයි.
කෙසේ වෙතත් ස්වාධීනත්වය පිරිහීයාම දේශපාලනීකරණය වර්ධනය වීම හේතුවෙන් ශ‍්‍රී ලංකා විශ්වවිද්‍යාල (ගෝලීය සන්දර්භය අනුව බලන කල්හි), විශ්වවිද්‍යාල තත්ත්වය නැතිව යාමේ අවදානමට ලක් වෙමින් පවතී. ගුණාත්මක අධ්‍යාපනයට ආයෝජනය කරන රජයක් ඒ සඳහා ප‍්‍රමාණවත් සම්පත් දායකත්වය සහතික කිරීමට අමතර ව අධ්‍යාපන නිදහස සහ ස්වාධීනත්වය ද සහතික කළ යුතුය.
දැනට ශ‍්‍රී ලංකා රජය පැහැදිලි වශයෙන් ම විශ්වවිද්‍යාල අධ්‍යාපනය, වෙළෙඳ භාණ්ඩයක් මෙන් සලකන අතර, විශ්වවිද්‍යාල සමායාත වස්තු වශයෙන් ද, විශ්වවිද්‍යාල අධ්‍යන පරිපාලකයින් (උපකුලපති, සහාය උපකුලපතින්, පීඨාධිපතිවරුන් යන අය) ව්‍යාපාර කළමණාකරුවන් සේ සලකයි. රජය අපේක්‍ෂා කරනුයේ විශ්වවිද්‍යාල පරිපාලකයන් සිය වැඩසටහනට අනුගත වීම කෙරෙහි පමණකි.
මේ අනුව රජයේ විශ්වවිද්‍යාල පරිපාලකයන්ගෙන් පහත සඳහන් දෑ අපේක්‍ෂා කරයි.
01. සිය අභිමතයට අනුකූල ලෙසින් පීඨයන් පවත්වාගැනීම.
02. අවම සම්පත් ප‍්‍රමාණයක් ලබාදීම සහ වියදම් කපාහැරිම මගින් ලාබය ‘උපරිම‘ කරගැනීම.
03. ගුණාත්මක තෘතීයික අධ්‍යාපනයේ පරම නිර්නායකය වෙළෙ`දපොළ අවශ්‍යතා සපුරාගැනීම මගින් අධ්‍යාපනයේ අරමුණ මූලික වශයෙන් වෙනසකට භාජනය කිරිම.
04. මුදල් අයකෙරෙන පාඨමාලා ක‍්‍රමයෙන් හදුන්වාදීම මගින් විශ්වවිද්‍යාලයට බඳවාගැනීම සඳහා ගුණාත්මක අධ්‍යාපනයට වඩාමුදල් ගෙවීමේ හැකියාව නිර්නායකයක් සේ සැලකීම.
මේ අනුව විශ්වවිද්‍යාල උපාධි කඩ බවට නියතයෙන් ම පත්වන අතර මුලින් සඳහන් කළ පරිදි විශ්වවිද්‍යාලයන් හා බැදුණු ස්වාධීනත්වය සහ අධ්‍යාපන නිදහස සක‍්‍රීයව මැඩපවත්වනු ඇත. මෙය අපේක්‍ෂිත පෞද්ගලික විශ්වවිද්‍යාල මෙන්ම පවතින විශ්විද්‍යාල සඳහා ද වූ ක‍්‍රියා පිළිවෙත වනු ඇත.
වගකීමෙන් තොර දේශපාලන ගැත්තන් පරිපාලනයේ ප‍්‍රධාන තනතුරුවලට පත්කරගැනීමේ ශාපනයට අද ශ‍්‍රි ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතියට වන්දි ගෙවීමට සිදු වී ඇත. පෙර නොවූ විරූ දේශපාලනීකරණය සහ ස්වාධීත්වය බිඳවැටීම හේතුවෙන් මෙම ආයතන ජනතාවගේ නෙතට ලක්වන්නේ සෘණාත්මක ආකාරයෙනි. මෙසේ වී ඇත්තේ විශ්වවිද්‍යාල ස්වාධීනත්වය සහ අධ්‍යාපන නිදහස අවබෝධ කරගැනීම සහ ගෞරවාන්විතව සැලකීමේ වැදගත්කම පරිපාලකයන්ට හා රජයට ඒත්තු ගැන්වීම සඳහා මහජනතාව උනන්දු කොට රජයට දැඩි පීඩනයක් ඇති කරනු වස් විශ්වවිද්‍යාල ආචාර්යසංගමය සහ ශාඛා මගින් ගනු ලැබූ උත්සාහයන් ද පවතිත්දී ම ය.
විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයේ අප විසින් වෘත්තිය සමිති ක‍්‍රියාමාර්ගය අවසන් වූ විට විශ්වවිද්‍යාල ස්වාධීනත්වය අධ්‍යාපන නිදහස සහ දේශපාලනීකරණය සම්බන්ධයෙන් ඒ ඒ විශ්වවිද්‍යාග සනාතන සභාවාර පැවැත්වීමට තීරණයක් ගනු ලැබී ය. එසේ වුවත්, රජය දේශපාලන මැදිහත්වීම පෙර නොවු මට්ටමට ගෙන එමින් අපේ විශ්වවිද්‍යාලවල ස්වාධීනත්වය උල්ලංඝනය කිරිම සඳහා වෙර ගනී. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා පත්කිරීම දිගින් දිගට ම පවතින මතභේදයක් බවට පත්ව තිබීම මීට මනා නිදසුනකි. ශ‍්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයන් අතර පැරණිතම වූවක් වන පේරාදෙණිය විශ්වවිද්‍යාලය (සිලෝන් යුනිවරිසිටිය ද ඇතුළත්ව) ද මින් ගැලවිය නොහැකි විය. පේරාදෙණිය විශ්වවිද්‍යාලය අවම සුදුසුකම් සහිත අපේක්‍ෂකයා රජය විසින් තෝරාගන්නා ලද්දේ සාවද්‍ය පාලනය සහ පෞද්ගලික වාසි ඉස්මතුවන ආකාරයෙනි. පවත්නා ක‍්‍රයා පිළිවෙත්වලට අනුකූලව ක‍්‍රියාකරවීම ඒත්තු ගැන්විම සදහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය සංගමය (FPUTA) නව උපකුලපතිවරයා නිල වශයෙන් හමු වී තමා නායකත්වය ලබා දෙන ආචාර්ය සංගමයේ විශ්වාසය දිනාගැනීමේ වැදගත්කම පෙන්වා දෙන ලදී.
එහෙත් ඒ එසේ නොවී ය. නියෝජ්‍ය උපකලපති පත්කිරිම ද ඉන් පසු සිදු වූයේ ආචාර්ය සංගමය නොව රජයට පක්‍සපාතී පරිපාලකවරුන්ගේ අභිලාෂයනට අනුකූල අන්දමිනි. පත්කරනු ලැබූ පුද්ගලයා සිය හිතුවක්කාර සහ අධම චරියාවන් නිසා ශිෂයයන් මෙන් ම ආචාර්ය මණ්ඩලය මෙන් ම දෙපාර්ෂවය කෙරෙහි මෙන් ම විරෝධාකල්පයන් ඇත්තෙකු වූ හෙයින් වැදගත් වගකීම් දරණ නිලයකට මනා සිහියෙන් යුත් පරිපාලනයක් විසින් පත්කළ යුතුව නොතිබුණි. එයට විරෝධය පැමක් වශයෙන් සියලූ ම පීඨවල ආචාර්යවරුන් විසින් අත්සන් කරනු ලැබූ පෙත්සමක් සිය සංගමය විසින් නියෝජ්‍ය උපකුලපති තනතුරට වෙනත් කෙනෙකු පත්කිරිම සදහා ඉල්ලමින් ඉදිරිපත් කරන ලදී. එහෙත් එය නොසලකා හරින ලදී. මේ අන්දමින් ස්වාධීනත්වයට එරෙහිව පෙර නොවූ විරූ සම්බාධක නවත්වාලනු සදහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය සංගමය විසින් විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය හරහා 2012 දෙසැම්බර් 17 වන දින සංකේත වැඩවර්ජනයක් පවත්වන ලදී. එයට පරිපාලනයෙන් ධනාත්මක ප‍්‍රතිචාරයක් නො ලැබුණ හෙයින් නියෝජ්‍ය උපකුලපති හා සෘජුව සම්බන්ධ සියලූ ස්වේච්ඡුා තනතුරුවලින් ඉවත්වීමට ආචාර්ය සංගමය තිරණය කරන ලදී.
එසේ ම විශ්වවිද්‍යාල ස්වාධිනත්වය සහ අධ්‍යන නිදහස පරිහානියට යාමට එරෙහිව තීරණාත්මක අවස්ථා සංසිද්ධි ආදියෙහි අධ්‍යන කාර්ය මණ්ඩලය විසින් තීරණය කරනු ලබන පරිදි විරෝධතා දක්වනු ඇත. මේ වසරේ උපාධි ප‍්‍රදානෝත්සවය සහ රාත‍්‍රී භෝජනයට සහභාගි වීමෙන් වැළකී සිටීමට ද අධ්‍යන කාර්ය මණ්ඩලය සලකා බලමින් සිටිති. මෙම අවස්ථාව ශිෂ්‍යනට කෙතරම් වැදගත් ද යන අවබෝධයෙන් සහ සංවේදිතාවයෙන් යුත් හෙයින් මෙය අවසාන උපාය මාර්ගයක් වනු ඇත. මෙබ`දු පියවරක් ගැන අකමැත්තෙන් හෝ සලකා බලමින් සිටිනුයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලනීකරණය වූ පරිපාලකයන් විසින් සමස්ථ අධ්‍යන කාර්ය මණ්ඩලයේ අභිලාෂය කෙරෙහි දක්වන අධම මෙන් ම අසංවේදී බවට සිය විරෝධය දැක්වීම වශයෙනි. නියෝජ්‍ය උපකුලපති සහභාගි වන සියලූ රැුස්වීම් ද සාමාජිකයන් විසින් වර්ජනය කරනු ලැබ ඇත. මෑත දී නියෝජ්‍ය උපකුලපති විසින් පීඨ මණ්ඩලයක් ඇමතීමට උත්සාහ ගැනීමේ දී එම පීඨ මණ්ඩලය විසිර ගොස් ඇත. දැන් නියෝජ්‍ය උපකුලපතිවරයා විසින් පීඨ මණඩල ඇමතීමට උත්සාහ නො කරයි. මෙකී ක‍්‍රියා මගින් විශ්වවිද්‍යාලවල සිදුවන පෙර නොවූ විරූ ක‍්‍රියාවලට විරෝධතා මගින් අභියෝග කිරිම ද සාමාජිකයින්ට හැකි වී තිබේ.
නිසි දේ කිරිම සඳහා පාලකයින්ට බලපෑම් කිරීමට ගත් මෙබදු උත්සාහයන් පැවතිය ද මෑත සිදුවීම්වලින් පෙනී යන්නේ පාලකයින් හා ඔවුන්ට දිරි දෙන්නන් තුළ ඇති වූ දරදඩු ස්වභාවය යි. මෑත දී (අධයන කාර්ය මණඩලය පමණක් නොව) පීඨ සභාව ගත් තීරණ ද පසෙක ලා වෛද්‍ය පීඨයේ පීඨාධිපතිවරයා අනියම් ක‍්‍රම මගින් සැක සහගත අධ්‍යාපන වාර්තා සහිත සිසුන් දසදෙනෙකුට එම්. බී. බී. එස්. පාඨමාලාව ස`දහා මග සලසා ඇත. ලැබී ඇති ආරංචිවලට අනුව මෙම ශිෂ්‍යයන් විසින් සිය අධයාපන සුදුසුකම්වල අඩුපාඩු සදහා හිලව් වන පරිදි විශාල ධන සම්භාරයක් ගෙවනු ඇත. මෙයින් නොනැවතී එම තීරණවලට එරෙහි වී විරෝධතා දැක්වූ අධ්‍යන කාර්ය මණ්ඩලය සාමාජිකයන්ට තර්ජන ගර්ජන කිරිමට අදාළ දේශපාලන හාම්පුතුන් සහ ඔවුන්ගේ ගැත්තන් ක‍්‍රියාත්මක වූ බව ද සැල ය. අදාළ අදධිකාරින්ගේ පැහැදිලි අවශ්‍යතාව වී ඇත්තේ පේරාදෙණිය වෛද්‍ය පීඨය උපාධි කඩයක් බවට පත්කිරිම වන අතර කනගාටුවට කරුණ වන්නේ විශ්වවිද්‍යාල පාලකයින් විසින් ඊට ඉඩ සලසා දීම ය. එසේ වුවත් මනා සැලසුමකින් ක‍්‍රියාත්මක කළ මෙම උත්සාහය සිය මුල ධර්ම කෙරෙහි දැඩි ව බැ`දී සිටින වෛද්‍ය පීඨ සභාව විසින් ව්‍යර්ත කරනු ලැබ ඇත. පෙර නො ඇසූ විරූ මෙබදු අකටයුතුකම් පිළිබද පුවත් සමස්ථ විශ්වවිද්‍යාල පද්ධතිය තුලින් මතුවන පුවත් අතර වේ. මේ රටේ විශ්වවිද්‍යාල අධයාපනයේ අදුරුතම කාල පරිච්ජේදය ලෙස හැදින්විය හැකි මෙම අවස්ථාවේ සිය අයිතිවාසිකම් රැකගැනීම සඳහා අරගලය තිව‍්‍ර කිරිමට ශ‍්‍රී ලාංකීය අධ්‍යන කාර්ය මණ්ඩලයට කාලය එළඹ ඇත යනු අප විශ්වාස කරමු. අපගේ ආයතනය පමණක් නොව අභිමානයට ද වින කරන අදුරදර්ශි නරුමයන්ට එරෙහිවීමට එක්සත්ව නැගී සිටීමට අවස්ථාව පැමිණ ඇත. අප නිවැරදි යැයි විශ්වාස කරන දේ වෙනුවෙන් නිර්භයව ඉදිරිපත් වීමේ අවස්ථාව එළඹ ඇත.
මීට – පේරාදෙණිය විශ්වවිද්‍යාලීය ආචාර්යවරුන්ගේ සංගමය (fputa)

No comments: