Tuesday, May 28, 2013

කොළඹ නව උප කුලපති වහා ධුරයෙන් ඉවත් කරන්න

Divaina, 28/05/2013
ආචාර්ය සංගමය සටනට 

නිලන්ත මදුරාවල

කොළඹ විශ්වවිද්‍යාලයීය නව උප කුලපතිවරයා ලෙස ඊයේ (27 වැනිදා) වැඩ භාරගත් ආචාර්ය කුමාර හිරිඹුරේගම මහතාට දැඩි විරෝධය පළ කරන එහි ආචාර්ය සංගමය සති දෙකක්‌ ඇතුළත නව උප කුලපතිවරයා ධුරයෙන් ඉවත් නොවන්නේ නම් අඛණ්‌ඩ වැඩවර්ජනයක්‌ ආරම්භ කිරීමට ද ඒකමතිකව තීරණය කර ඇත.

නව උප කුලපතිවරයා සහභාගි වන නිල උත්සවය වර්ජනය කිරීමටද උප කුලපතිවරයාගේ නියෝග හා ලිත දැනුම්දීම් කිසිදු ලෙසකින් හෝ පිළිනොගැනීමට ද ඊයේ රැස්‌වූ ආචාර්ය සංගමය තීරණය කර තිබේ.

දේශන හා විභාග සාමාන්‍ය පරිදි පැවැත්වීමටද සංගමය තීරණය කර ඇත.

ආචාර්ය හිරිඹුරේගම මහතා උප කුලපති ධුරයට පත් කළහොත් වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය මීට පෙර ප්‍රකාශ කර තිබිණි.

හිරිඹුරේගම මහතා එම ධුරයට පත්කර ඇත්තේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසිනි. 

No comments: