Wednesday, May 30, 2012

ජුලි 4 දා සිට අඛණ්‌ඩ වැඩ වර්ජනයක්‌ - විශ්වවිද්‍යාල ආචාර්යවරු තීරණය කරයි

www.divaina.com, 30/05/2012

නිලන්ත මදුරාවල

ඉල්ලීම් කිහිපයක්‌ මුල්කර ගනිමින් ජූලි මස 4 වැනිදා සිට අඛණ්‌ඩ වැඩ වර්ජනයක්‌ ආරම්භ කිරීමට විශ්වවිද්‍යාලීය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ඊයේ (29 වැනිදා) සවස තීරණය කළේය.

දළ ජාතික නිෂ්පාදනයෙන් අධ්‍යාපනයට වෙන් කරන මුදල සියයට හය දක්‌වා වැඩිකිරීම, ස්‌වාධීන තීන්දු තීරණ ගෙන ක්‍රියාත්මක වීම සඳහා විශ්වවිද්‍යාල පද්ධතිය නිර්දේශපාලනීකරණය කිරීම, කලින් පොරොන්දු වූ ආකාරයට 2008 වසරේදී යෝජිත වැටුප් වර්ධකයන් ලබාදීම හා ආචාර්යවරුන්ගේ දරුවන් පාසල්වලට ඇතුළත් කර ගැනීම සඳහා පහසුකම් සැලසීම ඇතුළු ඉල්ලීම් කිහිපයක්‌ සම්බන්ධයෙන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට සහ උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක මහතාට ලිපියක්‌ යෑවූ නමුත් ඒ පිළිබඳ කිසිදු ප්‍රතිචාරයක්‌ නොලද හෙයින් මේ තීරණය ගත් බව ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා "දිවයින" ට පැවැසීය.

සම්මේලනය මෙම තීරණය ගෙන ඇත්තේ කොළඹ විශ්වවිද්‍යාලයේ ඊයේ සවස පැවැති එහි විධායක සභාවේදීය.

No comments: