Thursday, October 20, 2011

උසස්‌ පෙළ අසමත් අයත් "මාලබේට" ඇතුළත් වෙලා

Divaina, 20/10/2011

නිලන්ත මදුරාවල

දැඩි මතභේදයකට තුඩු දී ඇති මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්‌ පෙළ අසමත් සිසුන්ද ඇතුළත් කර සිටින බව අනාවරණය වී ඇත. 

මේ බව අනාවරණය වන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිනි මහාචාර්ය ලලිතා මෙන්ඩිස්‌ මහත්මිය විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ගුණාත්මක ස්‌ථාවරභාවය පිළිබඳ අධ්‍යක්‍ෂ මහාචාර්ය කොලින් පීරිස්‌ මහතාට යවන ලද ලිපියකිනි. 

උසස්‌ පෙළ විෂයයන් දෙකක්‌ පමණක්‌ සමත් සිසුන් වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් කර ඇති බව එහි සඳහන් වේ. විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමේ අවම සුදුසුකම ලෙස ප්‍රතිපාදන කොමිෂන් සභාව පිළිගන්නේ උසස්‌ පෙළ විෂයයන් තුනක්‌ සමත්වීම යෑයිද එම ලිපියේ සඳහන් කර ඇත.

මෙම වෛද්‍ය විද්‍යාලයට ඇතුළත්ව සිටින එක්‌ ශිෂ්‍යාවක්‌ 2007 වසරේදී උසස්‌ පෙළ විභාගයට පෙනී සිට රසායන විද්‍යාව අසමත් වී ඇති අතර 2008 වසරේදී දෙවැනි වර විභාගයට ඉල්ලුම් කර කිසිදු විෂයයකට පෙනී සිට නැත.

කෙසේ වුවද මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් එම වෛද්‍ය විද්‍යාලයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය සමීර සේනාරත්න මහතා සඳහන් කළේ සුදුසුකම් නොමැති කිසිදු සිසුවකු ලියාපදිංචි කර නොමැති බවය.
 

No comments: