Saturday, September 8, 2012

යටත් වෙන්නේ නෑ - ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති


Divaina, 08/09/2012, 

නිලන්ත මදුරාවල

පිළිගත හැකි එකඟතාවකින් තොරව කිසිදු හේතුවක්‌ මත සිය වැඩවර්ජනය අත් නොහරින බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පැවැසීය.

රටේ සමස්‌ත අධ්‍යාපනය වෙනුවෙන් ගෙන යන මෙම අරගලය පරාජයට පත් විය හැකි වුවත් කිසිසේත් යටත් වීමට සූදානම් නැතැයිද සභාපතිවරයා කීවේය.

කොළඹ ජාතික පුස්‌තකාල හා ප්‍රලේඛන සේවා මණ්‌ඩලයේ ඊයේ (7 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදී මේ බව සඳහන් කළ දේවසිරි මහතා ඉල්ලීම් දිනා නොගෙන ආපසු හැරීමට හැකියාවක්‌ නැතැයි ද පැවැසීය.

සිය ඉල්ලීම්වලට විසඳුම් නොදෙන්නේ තමන්ගේ අභිමානයට ගැටලුවක්‌ වේ යෑයි ආණ්‌ඩුව සිතන නිසා විය හැකි බව ද තමන්ගේ හිසට උඩින් මැස්‌සෙක්‌ ඉගිළෙනවාටත් අකැමැති පිරිස්‌ ආණ්‌ඩුවේ සිටින බව ද කී සභාපතිවරයා ආචාර්යවරුන්ට වැටුප් නොමැතිව දිගු කාලයක්‌ වර්ජනයේ යෙදිය නොහැකිය යන උපකල්පනයත් විසඳුම් ලබා නොදීමට හේතුවක්‌ විය හැකි යෑයිද සඳහන් කළේය.

No comments: