Monday, September 24, 2012

කන්නන්ගර අධ්‍යාපන ප්‍රතිසංස්‌කරණ යෝජනා නොසලකා හරිනු ලැබ සිටි පන්තියක විමුක්‌තිදායකයා:

Divaina.com, 24/09/2012

(ඊයේ (23) දිනට යෙදී තිබූ ආචාර්ය සී. ඩබ්ලියු. ඩබ්ලියු. කන්නන්ගර මැතිතුමාගේ ගුණ සමරුව නිමිත්තෙනි)

නිදහස්‌ අධ්‍යාපනයේ පියා ලෙස වඩාත් ප්‍රචලිත සේ හැඳින්වෙන ආචාර්ය සී. ඩබ්ලියු. ඩබ්ලියු. කන්නන්ගර මහතා නොසලකා හරිනු ලැබ සිටි පන්තියක විමුක්‌තිදායකයා වශයෙන් උපත ලැබීය. ඔහු උපදින සමයේදී පොදු අධ්‍යාපන පද්ධතිය, විජිතවාදී රජයක්‌ යටතේ ක්‍රිස්‌තියානි මිෂනාරිවල ආධිපත්‍යයට යටත් වී තිබිණි. අධ්‍යාපනය සම්බන්ධයෙන් සලකා බලන විට ශ්‍රී ලංකාවට ආසියාවේ සෙසු රටවල් අභිභවා යන ප්‍රෙෘඪ ඉතිහාසයක්‌ හිමි වුවත් වරින් වර සිදු වූ විදේශ ආක්‍රමණ නිසා දහනව වැනි සියවසේ අග භාගය වන විට අධ්‍යාපනය කනගාටුදායක තත්ත්වයකට පත් වී තිබිණි. එසේම මේ කාලය වන විට දේශීය අධ්‍යාපනය හුදෙක්‌ පන්සල්වල පැවැත්වූ පාසල්වලට හා පිරිවෙන්වලට පමණක්‌ සීමා විය. මෙම අධ්‍යාපන ස්‌ථානවල අධ්‍යාපනය ආගම, ආයුර්වේද වෙදකම, ජ්‍යෙdතිෂය ආදී විෂයයන්ට පමණක්‌ සීමා විය. 1944 මැයි මස 30 වැනිදා ආචාර්ය සී. ඩබ්ලියු. ඩබ්ලියු. කන්නන්ගර මැතිතුමන් විසින් අධ්‍යාපන පද්ධතිය ප්‍රතිව්‍යqහගත කිරීම සම්බන්ධ මෝසමක්‌ ඉදිරිපත් කරන ලද අතර එය සමාජ විපර්යාසයක මූල බීජයක්‌ සේ සැලකූ ප්‍රතිලාභ ලත් පන්තියේ දේශපාලකයන්ගේ දැඩි විරෝධය හමුවේ වුවත් එය සම්මත විය. කෙසේ වෙතත් සී. සුන්දරලිංගම්, වී. නස්‌ලියා ආදී දෙමළ නායකයන්ගේ හා ටී. බී. ජයා ආදී මුස්‌ලිම් නායකයන්ගේ සහයෝගය මෙයට ලැබුණු බව අවධාරණය කළ යුතු වේ.

මහා විද්‍යාල 54 ක්‌ ඔහු ඇති කරන ලද අතර මේවා දක්‌ෂ විදුහල්පතිවරයකුගෙන් හා ගුරුමණ්‌ඩලයකින් මෙන් ම සිසුන් වෙනුවෙන් නේවාසිකාගාර, විද්‍යාගාර හා ක්‍රීඩාංගණ ආදියෙන් සමන්විත විය. එකල මේ පහසුකම් ක්‍රිස්‌තියානි මිෂනාරි පාසල්වලට හා බෞද්ධ පාසල් කිහිපයකට පමණක්‌ සීමා වී තිබිණි.

මේ පාසල් වෙනුවෙන් කාර්යක්‌ෂම හා සෘජු ගුරුවරුන් තෝරා ගන්නා ලද අතර පාසල් සංවර්ධනය කිරීම උදෙසා ඔවුන් ධෛර්යවත් කිරීම සිදු විය. ඔවුන් නිරන්තරයෙන් අධීක්‌ෂණයට ලක්‌ විය. විශිෂ්ට විදුහල්පතිවරුන් අනුක්‍රමයෙන් අධ්‍යක්‌ෂවරුන් සේ උසස්‌ කරනු ලැබිණි.

ශ්‍රී ලංකාවේ මධ්‍ය මහා විද්‍යාල ආදි සිසුන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජිකයකු වූ සවිමොන් උරුගොඩවත්ත සහ කන්නන්ගර මැතිතුමන්ගේ නිදහස්‌ අධ්‍යාපන වැඩ පිළිබඳව "බිම්නෙත" සඟරාව සඳහා ලියූ ලිපියක වරෙක එසේ සඳහන් කර තිබිණි. එම සඟරාවේ අනුග්‍රහය ඇතිව පහතින් පළ කරන කන්නන්ගර මැතිතුමන් එදා ඉදිරිපත් කළ නිදහස්‌ අධ්‍යාපන ප්‍රතිසංස්‌කරණ යෝජනාවලිය (සංක්‍ෂිප්ත) එතුමන්ට ගෞරව පිණිස මෙලෙස ඉදිරිපත් කරමු.

අධ්‍යාපනය පවත්වාගෙන යැම

345 වැනි ඡේදය (1) නව ආගමික පාසල් අධ්‍යාපනය පිළිබඳ වාර්තාවෙහි එනම් 1943 ංංසඩ දරන සැසි පත්‍රිකාවෙහි 345 වැනි ඡේදයෙහි ඇතුළත් සීමාවන්ට යටත් වන සේ රාජ්‍ය පාසල් සහ ආගමික පාසල් පවත්වාගෙන යා යුතුය.

347 වැනි ඡේදය (2) එකී වාර්තාවෙහි 347 වැනි ෙ-දයෙහි ඇතුළත් කොන්දේසීන් සපුරාලීමට යටත්ව රාජ්‍ය අභ්‍යාස විද්‍යාල සහ ආගමික අභ්‍යාස විද්‍යාල පවත්වාගෙන යා යුතුය.

346 වැනි ෙ-දය (3) ප්‍රධානාචාර්යවරයා වෙත ඉදිරිපත් කරනු ලබන ලිපියක්‌ මගින් ස්‌වකීය දරුවා කිසියම් ආගමික ඉගැන්වීමකින් ඉවත් කරවා ගැනීම පිණිස ඒ ඒ දෙමාපියන් සතු වන්නා වූ අයිතියට යටත්ව රාජ්‍ය අභ්‍යාස විද්‍යාල ද ඇතුළු සියලුම රාජ්‍ය පාසල්වල ආගමික අධ්‍යාපනය (දරුවා අයත් වන දෙමාපියන්ගේ ආගමට සරිලන) සාමාන්‍ය පරිදි ලබාදිය යුතුය.

350 වැනි ඡේදය (4) අධ්‍යාපනය ප්‍රමාණවත්ව සහ යෝග්‍ය වූ පරිදි ලබාදෙන්නේ නම් ආධාර නොලබන පාසල් පවත්වාගෙන යැමට අවකාශ ලබාදිය හැකිය.

පාසල් ශේ්‍රණිගතකරණය, වර්ගීකරණය සහ සංවිධානය

352 සහ 354 වැනි ඡේද (5) ප්‍රාථමික සහ පශ්චාත් ප්‍රාථමික යනුවෙන් වූ ශේ්‍රණි දෙකකට පාසල් බෙදනු ලැබිය යුතු අතර ඉහත වාර්තාවෙහි 6 වැනි පරිශිෂ්ටයේ දැක්‌වෙන ආකාරයට පශ්චාත් ප්‍රාථමික පාසල් තවත් වර්ග තුනකට බෙදනු ලැබිය යුතුය.

354 වැනි ඡේදය (6) තුන් අවුරුදු පාඨමාලාවකින් යුත් පහළ අංශයක්‌ ද දැවුරුදු පාඨමාලාවකින් යුත් ඉහළ අංශයක්‌ ද වශයෙන් එකී සෑම වර්ගයකටම අයත් පශ්චාත් ප්‍රාථමික පාසල් සංවිධානය විය යුතුය.

පශ්චාත් ප්‍රාථමික අවධිය ඇතුළත සැම වර්ෂයකම අවසානයේදී ඕනෑම වර්ගයකට අයත් පශ්චාත් ප්‍රාථමික පාසලක සිට වෙනත් පශ්චාත් ප්‍රාථමික පාසලක්‌ වෙත ශිෂ්‍යයන් මාරු කිරීම දෙපාර්තමේන්තුවේ අනුමැතිය සහිතව අවස්‌ථාවෝචිත පරිදි කළ හැකිය.

ඉගැන්වීමේ මාධ්‍යය

356 වැනි ඡේදය (7) ප්‍රාථමික පාසල්වල ඉගැන්වීමේ මාධ්‍යය මව්බස විය යුතු නමුදු අනිවාර්ය ද්විතීය භාෂාවක්‌ වශයෙන් ඉංගී්‍රසි ඉගැන්වීම කළ යුතුය.

356 වැනි ඡේදය (8) පශ්චාත් ප්‍රාථමික පාසල්වල පහළ අංශයෙහි ඉගැන්වීමේ මාධ්‍යය වශයෙන් මව්බස හෝ භාෂා දෙකම හෝ යොදාගත හැකිය.

356 වැනි ඡේදය

(9) පශ්චාත් ප්‍රාථමික පාසල්වල ඉහළ අංශය ඉංගී්‍රසි, සිංහල, දෙමළ හෝ ද්විභාෂාමය හෝ ඉගැන්වීමේ මාධ්‍යයක්‌ යටතේ පවත්වාගෙන යා හැකිය.

විභාග

363 වැනි ඡේදය (10) ප්‍රාථමික පාඨමාලාව අවසානයේදීත් පශ්චාත් ප්‍රාථමික පාඨමාලාව අවසානයේදීත් යෝග්‍යතා පරීක්‍ෂණ දෙකක්‌ පැවැත්විය යුතුය. මෙම පරීක්‍ෂණයන් පවත්වනු ලැබිය යුත්තේ පාසල්වල ද සහභාගිත්වය ඇතිව අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින්ය. එසේම පශ්චාත් ප්‍රාථමික පාසල් තුන් වර්ගය වෙත ශිෂ්‍යයන් වෙන් කිරීමේ දී දෙමාපියන්ගේ අපේක්‍ෂාවන් මෙන්ම පාසල්වල වාර්තාවන් විෂයෙහි ද සැලකිල්ල යොමුවිය යුතුය.

අධ්‍යාපනය ( ක්‍රම ප්‍රතිසංවිධානය

365 වැනි ඡේදය (11) පශ්චාත් ප්‍රාථමික පාසල් වර්ග තුනෙන් සෑම එකකම පස්‌ අවුරුදු පාඨමාලාව අවසානයේ දී සාමාර්ථය ලබාදීමේ පරීක්‍ෂණයක්‌ පැවැත්විය යුතුය.

ගුරුවරුන් පුහුණු කරවීම

367 වැනි ඡේදය (12) උපාධිධාරී ගුරුවරුන් සඳහා හැකිතාක්‌ ඉක්‌මණින් විශ්වවිද්‍යාලය මගින් පුහුණුව ලබාදිය යුතුය.

368 වැනි ඡේදය (13) උපාධිධාරීන් නොවන ගුරුවරුන් සඳහා, ඉහත වාර්තාවෙහි නිර්දේශිතව ඇති පරිදි අධ්‍යාපන කේන්ද්‍රයන් වශයෙන් සංවිධානය කොට පවත්වාගෙන යනු ලබන අභ්‍යාස විද්‍යාලයන් මගින් පුහුණුව ලබාදිය යුතුය.

370 වැනි ඡේදය (14) අවුරුදු තුනක්‌ නොඉක්‌මවන කාලයක්‌ සඳහා පරිවාස මට්‌ටමින් නුපුහුණු ගුරුවරුන් සේවයෙහි යොදවාගනු ලැබිය හැකිය.

නිදහස්‌ අධ්‍යාපන ක්‍රමය

372 වැනි ඡේදය (15) ආධාර ලබන හෝ රාජ්‍ය ප්‍රාථමික සහ පශ්චාත් ප්‍රාථමික පාසල් ද අභ්‍යාස විද්‍යාලයන් ද රාජ්‍ය කාර්මික, කෘෂිකාර්මික හා වෙළෙඳ පාසල් ද එසේම විශ්වවිද්‍යාලයන් ද සඳහා කිසිදු පාඨමාලා ගාස්‌තුවක්‌ අය කළ නොහැකිය.

374 වැනි ඡේදය (16) ආධාර ලබන ප්‍රාථමික සහ පශ්චාත් ප්‍රාථමික පාසල්වල ද විශ්වවිද්‍යාලයන්හි ද නියමිත ගුරු මණ්‌ඩලයෙහි ඇතුළත් ගුරුවරුන් සඳහා නිර්දේශිත පරිමාවන් යටතේ ගෙවනු ලබන සම්පූර්ණ වැටුප් රජයේ මුදලින් ගෙවිය යුතු වන්නේය.

376 වැනි ඡේදය (17) ආධාර ලබන පාසල් සඳහා ලබාගැනෙන උපකරණ රජය සතු දේපළ වශයෙන් පවතින්නේ නම් සහ ක්‍රීඩා ගාස්‌තු හැර වෙනත් ගාස්‌තුවක්‌ ඒවා සඳහා එකී පාසල්වල ශිෂ්‍යයන්ගෙන් අය නොකෙරෙන්නේ නම්, එම උපකරණ වෙනුවෙන් ප්‍රතිපාදනයක්‌ ලබාදිය යුතුය.

375 වැනි ෙ-දය (18) ඉහත අංක (16) හි සඳහන් නියමිත ගුරු මණ්‌ඩලය තක්‌සේරු කරනු ලබන්නේ පහත දැක්‌වෙන ශිෂ්‍ය ප්‍රමාණයන්ට එක්‌ ගුරුවරයකු වශයෙන් වූ පදනම මතය(- ප්‍රාථමික, ප්‍රායෝගික හා ජ්‍යෙෂ්ඨ පාසල් ( සාමාන්‍ය පැමිණීම අනුව ශිෂ්‍යයන් 27 කි. ද්විතීයික පාසල් සාමාන්‍ය පැමිණීම අනුව ශිෂ්‍යයන් 22 කි.

382 වැනි ඡේදය (19) ගුරුවරුන්ගේ වැටුප් ක්‍රමය සැකසීමේ දී ඉහත වාර්තාවේ 176 වැනි ඡේදයෙහි සහ 7 වැනි පරිශිෂ්ටයෙහි එන මූලික වැටුප් හා පවුල් දීමනා පිළිබඳ මූලධර්මය අනුගමනය කළ යුතුය.

අනිවාර්ය අධ්‍යාපනය

382 වැනි ඡේදය (20) වයස අවුරුදු 14 ඉක්‌මවූවන් හා සම්බන්ධ සුවිශේෂී තත්ත්වයන්ට අදාළ වූ ව්‍යතිරේකයන්ට යටත්ව, වයස අවුරුදු 5 සිට 16 දක්‌වා වූවන් පාසල් යෑවීම අනිවාර්ය කරවීමේ ප්‍රතිපාදනයන් ඇති කළ යුතුය.

පරිපාලනය

380 වැනි ඡේදය (21) නාගරික ප්‍රදේශවල ප්‍රාථමික අධ්‍යාපනයෙහි පිරිවැයෙන් සියයට 50 ක්‌ ඒ ඒ ප්‍රදේශවල ප්‍රාදේශීය බලමණ්‌ඩල විසින් දැරිය යුතු වන ආකාරයට අධ්‍යාපනයෙහි වගකීම ඒවාට පැවරිය යුතුය.

188 වැනි ඡේදය (22) විභාග පැවැත්වීම හා සම්බන්ධ විධායක බලතල සහිත මධ්‍යම පරීක්‍ෂණ මණ්‌ඩලයක්‌ ඇති කළ යුතුය.

191 වැනි ඡේදය (23) අධ්‍යාපන පර්යේෂණ සහ අත්හදා බැලීම් සම්බන්ධීකරණය පිණිස අධ්‍යාපන පර්යේෂණ මණ්‌ඩලයක්‌ ඇති කළ යුතුය.

(24) ගුරුවරුන් පත් කිරීම ද ඉවත් කිරීම ද විනය පාලනය ද, ඉහත වාර්තාවෙහි 390 සහ 391 වැනි ෙ-දයන්හි නිර්දේශිතව ඇති ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක කෙරෙන වෙනම නීතියක්‌ යටතේ නියාමනය විය යුතුය.

(25) ප්‍රවර්තන ක්‍රමය වෙනුවට නව ක්‍රමය ක්‍රියාත්මක කිරීමට යැමේදී මතුවිය හැකි පරිපාලනමය හා සංවිධානමය දුෂ්කරතාවන් සමථයකට පත්වන තෙක්‌ සුදුසු වූ තාවකාලික විධිවිධානයන් ද යොදමින් 1944 ඔක්‌තෝබර් 1 වැනිදා සිට ඉහත දැක්‌වුණු ප්‍රතිසංවිධානයන් ක්‍රියාවට නැංවීමට පියවර ගත යුතුය.

ආචාර්ය සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතා විසින් අරඹන ලද ශ්‍රී ලංකාවේ මධ්‍ය විද්‍යාල

1. අකුරම්බොඩ (1943), 2. අලුත්ගම (1947), 3. අනුරාධපුර (1947), 4. බිබිලේ (1946), 5. කොළඹ - බ්ලූමෙන්ඩල් (1946), 6. දෙහිවල (1946), 7. දෙණියාය (1944), 8. දික්‌වැල්ල (1943), 9. ගලහිටියාව (1944), 10. ගම්පොළ (1946), 11. ගැටංගම (1944), 12. ගිනිගත්හේන (1946), 13. හංවැල්ල (1944), 14. හැදුනාව (1946), 15. හේනෙගම (1944), 16. හික්‌කඩුව (1944), 17. හොරණ (1946), 18. හුණුමුල්ල (1945), 19. ඉබ්බාගමුව (1943), 20. ඉරුටිලන්පිඩ්ඩි (1944), 21. යාපනය (1944), 22. කළුතර (1945), 23. කරන්දෙණිය (1944), 24. කරවිට (1947), 25. කාත්තන්කුඩි (1943), 26. කැකිරාව (1945), 27. කුලියාපිටිය (1947), 28. මාදම්පේ (1946), 29. මහව (1946). 30. මරදාන (1945), 31. මතුගම (1943), 32. මාවතගොඩ (1943), 33. මිනුවන්ගොඩ (1943), 34. නාරම්මල (1944), 35. නෙල්ලිඅඩි (1946), 36. නුගවෙල (1944), 37. පස්‌සර (1946), 38. පැල්මඩුල්ල (1946), 39. පිළියන්දල (1944), 40. පොරමඩුල්ල (1945), 41. රුවන්වැල්ල (1945), 42. සඳලංකාව (1945), 43. තලාතුඔය (1945), 44. තෙලි-ජවිල (1946), 45. තෝලංගමුව (1945), 46. වාසවිලාන් (1946), 47. වේයන්ගොඩ (1943), 48. වාද්දුව (1945), 49. වලල (1944), 50. වන්දාරමුල්ල (1945), 51. වීරකැටිය (1943), 52. වේලනෙයි (1945), 53. වැලිමඩ (`1945)
සකස්‌ කළේ-කේ.පී. නිශ්ශංක

No comments: