Divaina, 28/09/2012
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ විරෝධතා පා ගමන
අපේ මේ ශක්‌තිය අනාගතයට
දැවැන්ත ආයෝජනයක් වේවි
- ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි
නිලන්ත මදුරාවල
විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මාරාන්තික උපවාසයක් කරා තල්ලුවීමට පෙර ආණ්‌ඩුව වහාම මේ ප්‍රශ්නය විසඳුයි යුතු යෑයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ උප සභාපති ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය දඹර අමිල හිමියෝ පැවසූහ.

පෙළපාලිය ගමන් කළ අයුරු
උන්වහන්සේ මේ බව සඳහන් කළේ ගාල්ල සිට කොළඹ දක්‌වා පැමිණි ආචාර්යවරුන්ගේ විරෝධතා පා ගමන අවසන් කිරීම වෙනුවෙන් හයිඩ්පාක් පිටියේ ඊයේ (28 දා) සවස පැවැති රැලියේදීය.
එක්‌සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ, ජනතා විමුක්‌ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නායක සරත් ෙµdන්සේකා, සජිත් ප්‍රේමදාස, දොස්‌තර ජයලත් ජයවර්ධන, ජෝන් අමරතුංග, රවි කරුණානායක, දයාසිරි ජයසේකර, හරින් ප්‍රනාන්දු, අකිල විරාඡ් කාරියවසම්, ජයන්ත කැටගොඩ, අර්ජුන රණතුංග, අනුර දිසානායක යන මහත්වරු ඇතුළු දේශපාලන පක්‍ෂ, වෘත්තීය සමිති හා බහුජන සංවිධානවල නියෝජිතයෝ රැසක් ඊට සහභාගිවී සිටියහ.
පසුගිය 24 වැනිදා ගාලු කොටුපවුර අසලින් ආරම්භවූ පා ගමන පුරා දින පහකින් කොළඹට ළඟාවූ අතර එය හයිඩ් පිටිය කරා පැමිණියේ ලිප්ටන් වටරවුම හරහාය. නිදහස් අධ්‍යාපනය සුරකින ලෙස ඉල්ලමින් කොළඹට ළඟා වූ අන්තර් විශ්වවිද්‍යාලයීය පා ගමනද අවසන් වූයේ ලිප්ටන් වටරවුමේ ඊයේ සවස පැවැති උද්ඝෝෂණයකින් අනතුරුවය.
එහි සිසුන් අතරින් පිරිසක් පමණක් ආචාර්යවරුන්ගේ පා ගමනට එක්‌වූ අතර සෙසු සිසුහු හයිඩ්පිටියට පිටතින් රැඳී සිටියහ.
රැලිය ඇමතූ දඹර අමිල හිමියෝ මෙසේද සඳහන් කළහ.
කිලෝමීටර් 120 වඩා දුරක් ගෙවා ගෙන දින 05 ක් එක දිගට ගමන් කළ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ විරෝධතා පා ගමනක් ලංකා ඉතිහාසයේ අප දැක නැහැ. අපි දැවැන්ත කැප කිරීමක් කරමින් මේ දුර ගෙවා දමන විට කකුල්වල දිය පට්‌ට පවා මතු වුණා. විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් යෑයි කී විට බොහෝ දෙනාගේ සිතට නැගෙන්නේ පුස්‌තකාලය සමග ගැටෙන පොත් සමග ගැටෙන නව සොයා ගැනීම් පිළිබඳ පර්යේෂණ කරන මිනිසෙක් පිළිබඳ චිත්‍රයක්. නමුත් වර්තමානය වන විට අධ්‍යාපනයට සිදුවන මහා විනාශයකදී තවදුරටත් ඒ චිත්‍රයේ රැඳී සිටින්නට ආචාර්යවරුන්ට අවකාශයක් නැහැ. ඒ නිසයි නිදහස් අධ්‍යාපන අයිතීන් සුරැකීම වෙනුවෙන් අභිමානවත් සටනකට පා තැබුවේ. මේක ආශ්වාදජනක අත්දැකීමක්.
නිදහස් අධ්‍යාපනය රැක ගන්න මීට දශක කීපයකට පෙර මේ රටේ සුද්දොත් සමග සටන් කළ කාලයක් තිබුණා. ඒ සටන්වලදී පාලකයන්ට සිදුවුණා නිදහස් අධ්‍යාපන පනත රාජ්‍ය මන්ත්‍රණ සභාවට ගේන්න. එදා ඒ බලකිරීම ඉතාමත් සාර්ථක වුණා. ඒ බලකිරීමේ ප්‍රතිඵලය අවසානයේ නිර්ධණිකයන්ගේ උරුමයක් බවට පත්වීමයි. එදා කීප දෙනකුට පමණක් උරුම ව තිබූ අධ්‍යාපනය විවෘත ලියවිල්ලක් බවට පත්වුණේ ඒ අනුවයි.
අපි අද ඉන්නේ ඒ වගේ කාලයක. කීප දෙනකුට පමණක් අධ්‍යාපනය පිළිබඳ තීන්දු තීරණ ගැනීමේ අයිතිය නතු වන පසුබිමක් අද අපට තියෙන්නේ. මේ තත්ත්වය තවදුරටත් ඉදිරියට යන්න දෙනවද නැත්ද කියන තීරණය අපි ගතයුතුයි. එදා වල්පොල හාමුදුරුවෝ, ඊ. ඩබ්ලිව්. අදිකාරම්, මෙත්තානන්ද, මහාචාර්ය මලලසේකර වැනි ශ්‍රේෂ්ඨයන් අවශ්‍ය වූවාසේ අදටත් නිදහස් අධ්‍යාපන අයිතිය සුරැකීමට එවැන්නන් බිහිවිය යුතුයි. ඒ යුතුකම ඉටුකිරීම ශ්‍රේෂ්ඨ කාර්¨යයක් .ඒ නිසයි වැටුප් රහිතව සටන් බිමට පැමිණ සිටින්නේ. කකුලේ දිය පට්‌ටා එනකම් කිලෝමීටර් ගණන් පයින් ඇවිදින්නේ.
ඒ ශ්‍රේෂ්ඨ වැඩේට අතගසන විට භූමාටු තලාටු භූතයන් ගෙන්වා ආචාර්යවරුන්ට එරෙහිව බොරු අවලාද මඩ පොම්ප කිරීමට ආණ්‌ඩුව කටයුතු කරමින් සිටිනවා. ඔවුන් කියන්නේ අධ්‍යාපනය සඳහා දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට හයක් වෙන් කිරීම අනවශ්‍ය බවයි. ආණ්‌ඩුවටත් අවශ්‍ය එයයි. මොකද සියයට හයක් අධ්‍යාපනයට වෙන්කෙරුවොත් ගමේ අධ්‍යාපනයත් දියුණු තත්ත්වයට පත්වෙනවා. මුළු රටේම මිනිස්‌සු හොඳින් අධ්‍යාපනය ලබා ඔලුහදා ගත් විට එය අවාසියක් බව ආණ්‌ඩුව දන්නවා.
රාජ්‍ය අධ්‍යාපනය රැක ගැනීමට කැපවිය යුතුයි. නිදහස් අධ්‍යාපනය තියෙන්නේ රාජ්‍ය අධ්‍යාපනය තුළයි. නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය රාජ්‍යය අධ්‍යාපනය තුළ තෙම්පරාදු කළ විට ඔරිජිනල් එක ගන්න පුළුවන්. ළමයින්ට ආදරෙයි කියලා ඔලුව අතගාලා සිප ගත්තට වැඩක් නෑ. එහෙම කරන ගමන් අධ්‍යාපනයට කරන වියදම කපා හරිනවා. එලෙස කපා හැරීමෙන් පෙන්වන්නේ දරුවන්ට කරන ආදරය බොරුවක් බවයි. දරුවන්ට ආදාරෙයි කියලා කටින් කිව්වට වැඩක් නෑ. ඒක ඔප්පු කරන්න පුරෝකථනයක් අවශ්‍යයි. අධ්‍යාපනය ගැන රජයේ ස්‌ථාවරය රටට කිව යුතුයි. අධ්‍යාපනයට කරන වියදම අයවැයෙන් පෙන්විය යුතුයි. මොකද මේ රටේ අවශ්‍යතා කාලෙන් කාලෙට වෙනස් වෙනවා. එක කාලෙකට රගර්වලට ප්‍රමුඛත්වය ලැබෙනවා. තවත් කාලෙකට ප්‍රමුඛත්වය ලැබෙන්නේ මෝටර් රථ තරගවලට. තමන්ගේ දූ දරුවන් සතුටු කරන්න. ඒ වගේ දේවලට ප්‍රමුඛත්වය දුන්නට රටට වැදගත් වෙන්නේ එවැනි පුහු දේවල් නෙවෙයි. හැමවිටම අංක එක විය යුත්තේ අධ්‍යාපනයයි. දෙදාස් පහ වසරේදී දල දේශීය නිෂ්පාදිතයෙන් 2.9% ක් අධ්‍යාපනයට වෙන් කළත් මේ වසරේදී එය 1.6% දක්‌වා අඩුකර තිබෙනවා. සුපිරි බොරු දිසානායකගෙන් අපි අහන්නේ මේක වැඩිකිරීමක්‌ද? එහෙම නැත්නම් අඩුකිරීමක්‌ද? කියලයි.
විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මල් රංජිත් දේවසිරි මහතා- අද මේ හයිඩ් පිටිය දෙස බලන විට තව කොපමණ දුරක් යාමට අප ශක්‌තිමත්ද යන පහන් හැඟීමක් ඇති වුණා. නිදහස් අධ්‍යාපනය සුරක්‍ෂිත කිරීම වෙනුවෙන් අප වැය කරන මේ ශක්‌තිය අනාගතයට දැවැන්ත ආයෝජනයක් වේවි. අපි ආශ්චර්යයක් කිරීමට සමත්ව සිටිනවා. එකට සිටගන්න බැරි දේශපාලන පක්‍ෂ නායකයන් එකතැනකට ගෙනඒමට අපට හැකි වුණා. මේ බලවේගය ඉතාමත්ම ශක්‌තිමත්. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් කියන්නේ නිදාගෙන සිටින යෝධයෙක් වගේ කියලයි මට හැඟෙන්නේ. එක් වරක් නැපෝලියන් චීනය ගැන යමක් කිව්වා. ඒ තමයි චීනය කියන්නේ නිදාගෙන ඉන්න යෝධයෙක් කියලා. ඒ නිසා ඇහැරවන්න එපා කියන දේ ඔහු කිව්වා. මේ අපිට තිබෙන ශක්‌තිය දෙස බලන විට මටත් ඇතිවෙන්නේ එවැනි හැඟීමක්.
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්‌ටාලින් මහතා- දින පහක දැවැන්ත පා ගමනකින් පස්‌සේ තමන්ගේ ශක්‌තිය පෙන්වූ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් ආණ්‌ඩුව දක්‌වන ප්‍රතිචාරය කුමක්‌ද? ජනාධිපතිතුමා ළඟ තියාගෙන එස්. බී. දිසානායක ඇමැතිවරයා මාධ්‍ය ප්‍රධානීන්ට කිව්වේ ආචාර්යවරුන්ගේ ඉල්ලීම් සම්පූර්ණයෙන් ප්‍රතික්‍ෂේප කරනවා කියලා. ජනාධිපතිතුමා ඉදිරියේ ඇමතිවරයා එසේ කියනවා කියන්නේ ජනාධිපතිතුමාත් ඇමැතිවරයාගේ ස්‌ථාවරයේ ඉන්නවා කියන එකයි. ආණ්‌ඩුව එවැනි ස්‌ථාවරයක සිටින්නේ නම් ඊළඟට අපි ගන්නා ක්‍රියාමාර්ගවලට සියලුදෙනාගේ සහයෝගය අත්‍යාවශ්‍ය වෙනවා.
ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා- මේ රටේ අන්ධවී සිටින පාලකයන්ගේ දෑස් ඇරවන්න, බිහිරි වූවන්ට කථා කරන්න හැකි යෝධ මිනිස් බලයක් අද මෙතැන තිබෙන්නේ. දීර්ඝ පා ගමනකින් පසු අපි අද මේ රැස්‌ව සිටින්නේ මීට වඩා අරගලයකට වුවත් සූදානම් බව පාලකයන්ට ප්‍රකාශ කිරීමටයි. මේ ජන බලය ඉදිරියේ තවදුරටත් ඇස් කන් පියාගෙන ඉන්න පාලකයන්ට ඉඩක් නොමැති බව අපි තරයේ ප්‍රකාශ කර සිටිනවා.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ජගත් වික්‍රමසිංහ මහතා ද මෙහිදී කතා කළ අතර විශාල පිරිසක් රැළියට සහභාගිව සිටියහ.

No comments:
Post a Comment